Showing posts with label සී.ඩී. ෆොන්සේකා. Show all posts
Showing posts with label සී.ඩී. ෆොන්සේකා. Show all posts

Thursday, July 25, 2019

ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල





ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා
...//

හමන මඳනලයි
සුවඳ බර මලයි
..//
කරන සුරතල් රඟ දැක සැනසිල

ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා
...//

සේද වලා
මෑතට පාවෙලා
...//

පියඹලා එන කුරුල්ලනේ අනෙ
පාර පවසව් සොයලා

පියඹලා එන කුරුල්ලනේ අනෙ
පාර පවසව් සොයලා


තොපි වගේ අපි තුරුලු වෙන්නෙමු
තරුණ ජීවිත රසේ උරාලා


ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා
...//

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...


ජීවිතයේ
මේ සුළු කාලයේ
...//

එක ගසේ එක කැදැල්ලෙහී ඉමු
පරෙවි පැටවුන් විලසේ


එක ගසේ එක කැදැල්ලෙහී ඉමු
පරෙවි පැටවුන් විලසේ


සමගිතාවෙන් රසට කා බී
සතුටු වී ඉමු උදාවු දවසේ


ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා


හමන මඳනලයි
සුවඳ බර මලයි
කරන සුරතල් රඟ දැක සැනසිල


ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...


ගායනය - සී.ටී. ප්‍රනාන්දු සමග සී.ඩී. ෆොන්සේකා
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - පැට්‍රික් දෙණිපිටිය
1967 දී තිරගතවූ සැඟවුණු මැණික චිත්‍රපටියේ ගීයකි.

Tuesday, January 22, 2019

සමන් වැලේ මල්



සමන් වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුලම සුවඳයි
අපේ මේ මුළු මිදුලම සුවඳයි ...//

හැම ගෙදරම මල් රුවට පිපේ නම්
ගම්මානෙමැ සොඳුරුයි
දුවේ මේ ගම්මානෙමැ සොඳුරුයි

ගමින් ගමට මල් කැකුළු පිපෙන විට
මගෙ රට හරි සුවඳයි
පියාණෙනි මගෙ රට හරි සුවඳයි

රටින් රටට සුව සුවඳ දුවන විට
මුළු ලෝකෙමැ සුවඳයි
දුවේ මේ මුළු ලෝකෙමැ සුවඳයි

සමන් වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුලම සුවඳයි
අපේ මේ මුළු මිදුලම සුවඳයි ...//

හැම ගෙදරම මල් රුවට පිපේ නම්
ගම්මානෙමැ සොඳුරුයි
දුවේ මේ ගම්මානෙමැ සොඳුරුයි

සමන් මලක් වී පිපෙන්න ආසයි
මගෙ මේ ගේ මිදුලේ
පියාණෙනි මගෙ මගෙ මේ ගේ මිදුලේ

සමන් වැලක් වී පිපෙන් දුවේ
ජීවිත මල් ගොමුවේ
පරවී වැටුණත් මිනිස් මලේ
පවතී සුවඳ ලොවේ

සමන් වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුලම සුවඳයි
අපේ මේ මුළු මිදුලම සුවඳයි ...//

හැම ගෙදරම මල් රුවට පිපේ නම්
ගම්මානෙමැ සොඳුරුයි
දුවේ මේ ගම්මානෙමැ සොඳුරුයි

ගායනය - සී.ඩී. ෆොන්සේකා සහ ෂර්මිලා ෆොන්සේකා
පද - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව - සී.ඩී. ෆොන්සේකා

Friday, February 17, 2017

තරුණ හිතක මිහිර රැගෙන

තරුණ හිතක මිහිර රැගෙන ආපු කුරුල්ලා
සිනහ ලොවක නටන්න මනමාල කුරුල්ලා ...//
මල්සරා මල්සරා //

මල් සරාගෙ දුන්න අපේ අතෙයි තියෙන්නේ
මහබඹාට මගුල් නැකත අපියි හදන්නේ ...//
යොවුන් වියේ සුපෙම් හැඟුම් ඇයි හංගන්නේ
ළඟදිම මංගල යෝගය උදා කරන්නේ
මල්සරා මල්සරා //

තරුණ හිතක මිහිර රැගෙන ආපු කුරුල්ලා
සිනහ ලොවක නටන්න මනමාල කුරුල්ලා ...//
මල්සරා මල්සරා //

මල් හීයක් ඇදී ගොහිං උක්දඬු දුන්නේ
තරුණ ළඳක ගෝමර ඇති ළමැද හැපෙන්නේ ...//
මල් පැණියෙන් ඔද වැඩිලා හැඟුම් මැවෙන්නේ
තරුණ හිතක ආදරයයි එතැන උපන්නේ
මල්සරා මල්සරා //

තරුණ හිතක මිහිර රැගෙන ආපු කුරුල්ලා
සිනහ ලොවක නටන්න මනමාල කුරුල්ලා ...//
මල්සරා මල්සරා //

ගායනය - සී.ඩී. ෆොන්සේකා
පද - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

1966 දී තිරගතවූ 'සැනසුම කොතැනද' චිත්‍රපටියේ ගීයකි.