Showing posts with label දයාරත්න පෙරේරා. Show all posts
Showing posts with label දයාරත්න පෙරේරා. Show all posts

Tuesday, July 23, 2019

දිගු නෙත් හසරැල්ලේ


දිගු නෙත් හසරැල්ලේ
මා සැනසුණ දවසේ
මේ නෙතු නවතා
මගෙ හිත අමතා
හිරු හිනැහුණ උදයේදී
ආදරයද මට කීවේ

උදේ හවා කල ගෙවෙන තුරාවෙදි
පටු මාවත් අතරේ
තුරුලිය හෙවණේ සිහිලස ලබමින්
ගත කළ සොඳුරු පැයේ
මල් හිනැහුණ උයනේදී
ආදරයද මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ
හිත රිදවුණ දවසේ
උණුසුම් සුසුමින්
නෙතු බොඳ වෙද්දී
සැඩ හිරු නැඟි මද්දහනේ
ආදරයද මට කීවේ

දෙදෙනා ආ මඟ
අද මා තනිවම
ඔබ නැහැ මගෙ හෙවණේ
වෛර කරන්නෑ මං කවදාවත්
සැණසෙනු ඔහු හෙවණේ
ප්‍රේමය රුදු සිහිනයකී
ආදරයයි මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ
අප වෙන්වුණ දවසේ
මා නෙතු හඬවා
ඔහු හද සනහා
හිරු වැළපෙන හැන්දෑවේ
ආදරයද ඔබ කීවේ

ගායනය - දයාරත්න පෙරේරා
පද - කුසුම් පීරිස්
තනුව - අජිත් ජයවීර


පැරණි ගීය

 

නව ගීය

ඈත හිනැහෙන තාරකාවී

ඈත හිනැහෙන තාරකාවී
සහන් එළියෙන් මඟ අසාගෙන

කතා කරනා ඔබේ නෙත් මත
මගේ රූ සිතුවම් මවන්නම්


නෙතට ළංවී හිඳින මොහොතේ
සුසුම් ලා ඉන්නේ කුමකටදෝ

වෙන කවුරුවත් නැති මං තලාවක
ඇවිදගෙන යමු නිසංසල යාමේ


ළදළු මුව මත සීත පින්නේ
ළහිරු එළියෙන් මුවාවී ගෙන

මගේ උණුසුම් සුසුම් සෙවණක
මිලින කඳුළක් හිනහුනාවේ


පවන් සලනා සොඳුරු මඳනල
මා හදේ රැන්දූ සෙනෙහසේ

ඔබ වාසනාවන් සුන්දරාවිය
දිවි තලාවේ අරුත දුන්නාදෝ


ඈත හිනැහෙන තාරකාවී
සහන් එළියෙන් මඟ අසාගෙන
කතා කරනා අපේ නෙත් මත
සොඳුරු සිතුවම් පෙමින් හමුවේ


ගායනය - යමුනා විනෝදනී සමග දයාරත්න පෙරේරා
පද - කුසුම් පීරිස්
තනුව - තිස්සසිරි පෙරේරා