Showing posts with label සැම්සන් සිල්වා. Show all posts
Showing posts with label සැම්සන් සිල්වා. Show all posts

Thursday, March 12, 2015

කිරිපුස්සා

පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
තෑගි කලයි කිරිපුස්සා
සරු බිම හොයලා කම්මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා
නිදැල්ලෙ වැඩිලා
දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා
ආයෙත් සෙක්කුවෙ
මේ සරු බිම හොයන්න
බඳිනවදෝ කිරිපුස්සා

රාළේ බැඳපන් කිරිපුස්සා
රාළේ බැඳපන් අපෙ පැඟිරා ...//

දෙමුහුන් කුලයේ උපන්න කදිම
වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
රටේම ඉපදී හැදිලා වැඩුණයි
රඟේට මේ අපෙ පැඟිරා
සරු බිම හොයලා මුරන්ඩු වීලා
කම්මැලි වුනු අපෙ පැඟිරා
ආයෙත් සෙක්කුවෙ (සරු බිම හොයන්න)
බඳිනවදෝ අපෙ පැඟිරා

රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා ...//

මෙච්චර කල් උඹ සෙක්කු මඟක සරු
බිම් හෙව්වා නොවැ රාළේ
කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
හති වැටුනා නොවැ රාළේ
(රාළේ රාළේ)
මහතැන දොඩවන බේගල් අහලා
තව රැඳෙනුද මෙහි රාළේ
පැඟිරා පන්නල පුස්සව බැඳලා
ගාටනවද අපෙ රාළේ

රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා ...///

අපෙ පැඟිරා..කිරිපුස්සා ...///

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද රචනය - පරාක්‍රම නිරිඇල්ල
තනුව - සැම්සන් සිල්වා
සෙක්කුව වේදිකා නාට්‍යයෙනි.