Showing posts with label පත්මකුමාර මෙත්තසේන. Show all posts
Showing posts with label පත්මකුමාර මෙත්තසේන. Show all posts

Sunday, November 19, 2017

අනේ ගැටව්නේ

ලල ලල ලල ලල ලල ලල ලා.... ලලලා

අනේ ගැටව්නේ
නිකා ඉඳපල්ලා (හා)
ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි //

ලල ලල ලල ලල ලල ලල ලා.... ලලලා

ඇදේට අඩියක් තියා ‍ගියොත් හෙම
මඟුල් තුලාවෙන් වැඩක් නැතේ බොල
බලා නොඉඳ සනුහරේ රිලා රඟ //
රවා බලාපන් පනේ සරා සඳ //

අනේ ගැටව්නේ
නිකා ඉඳපල්ලා (හා)
ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි //

ලල ලල ලල ලල ලල ලල ලා.... ලලලා

සුරාමේරයත් මරාගෙනයි මම
කිරා වැටී නිදිමරා සිටින්නේ
ගමේ නැතිව වෙන කොහේ ලගින්නද //
තව්තිසාවමයි මගේ කුඩා ගේ //

අනේ ගැටව්නේ
නිකා ඉඳපල්ලා (හා)
ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි ////

ගායනය - සේනානායක වේරලියද්ද
පද - පද්මකුමාර මෙත්තසේන
තනුව - ජානක ෆොන්සේකා
මුලින් කන්ද පිරිමැද සංයුක්ත තැටියට ද පසුව
තරුකැට දහසක් සංයුක්ත තැටියට ද ඇතුළත් විය.

Monday, August 7, 2017

ඔබ මට අහිමි වූ බව

ඔබ මට
අහිමි වූ බව
මා දන්නා නමුදු
ඔබ අභියස සදා මා
හදවතින්
වැලපී නොහඬන්නෙමි

ඔබ මට ලැබදුන්
දිරියම හරි නුහුරූ
පදවැල් අතරතුරේ
මා තනිකර ගිය අයුරූ

ඔබ මට
අහිමි වූ බව
මා දන්නා නමුදු
ඔබ අභියස සදා මා
හදවතින්
වැලපී නොහඬන්නෙමි

සිත ඇති කෙනෙක් නම්
එනවාමලු හැරිලා
මීළඟ බවේ හෝ
ඔබ මට හිමිවේවා

ඔබ මට
අහිමි වූ බව
මා දන්නා නමුදු
ඔබ අභියස සදා මා
හදවතින්
වැලපී නොහඬන්නෙමි

ගායනය - අතුල අධිකාරි
පද - පද්මකුමාර මෙත්තසේන
තනුව - එච්.එම්. ජයවර්ධන


Oba Mata Ahimi Wu Bawa - Athula Adikari

Friday, September 30, 2016

උතුම් මවුනි ඔබගේ

උතුම් මවුනි ඔබගේ
පැතුම් පිරුණු රන් හදවත
වසා පැතිර ඇති දුක් ගිනි
මගේ හදේ උදානයයි

වෙසක් සඳක් වාගේ මගෙ
ජීවිතයම එළිය කෙරූ
නිවන් මඟ මගේ දිවියේ
මගෙ ආදර අම්මා

සිතුම් අහිමි රැල්ලක් සේ
නිහඬ නිසල නදියක් සේ ...//
ගීයක් වී
කවියක් වී
ඔබ මා ළඟ උන්නා
සංසාරේ නවාතැනයි
මගෙ ආදර අම්මා

උතුම් මවුනි ඔබගේ
පැතුම් පිරුණු රන් හදවත
වසා පැතිර ඇති දුක් ගිනි
මගේ හදේ උදානයයි

වෙසක් සඳක් වාගේ මගෙ
ජීවිතයම එළිය කෙරූ
නිවන් මඟ මගේ දිවියේ
මගෙ ආදර අම්මා

පැතුම් පිරුණු මා අබියස
පා පොඩි යට ඔබ සැඟවූ ...//
ඒ දිවියේ
දිවි ගමනේ
තනිය මකා මා සැනසූ
යශෝරාවයයි ඔබ මට
මගෙ ආදර අම්මා

උතුම් මවුනි ඔබගේ
පැතුම් පිරුණු රන් හදවත
වසා පැතිර ඇති දුක් ගිනි
මගේ හදේ උදානයයි

වෙසක් සඳක් වාගේ මගෙ
ජීවිතයම එළිය කෙරූ
නිවන් මඟ මගේ දිවියේ
මගෙ ආදර අම්මා

මගෙ ආදර අම්මා ///.

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - පද්මකුමාර මෙත්තසේන
තනුව - එඩ්වඩ් ජයකොඩි

Monday, June 1, 2015

නුඹ නිදන තරුද ඇහැරවා

නුඹ නිදන තරුද ඇහැරවා
හද විල ම කළඹවා
පැන් කෙණ්ඩියකින් අත පැන් වත්කරවා
මා රැගෙන ගියා
ගී දහසක් සුපිපෙන වසන්ත අරණ කරා

පෙන බිඳු නහවා
විකසිත නෙතු යුග කතා කළා
බැඳි වියන මුතු කුඩ අතර රැඳී
සුර විමනක් සැදුවා

නුඹ නිදන තරුද ඇහැරවා
හද විල ම කළඹවා
පැන් කෙණ්ඩියකින් අත පැන් වත්කරවා
මා රැගෙන ගියා
ගී දහසක් සුපිපෙන වසන්ත අරණ කරා

මුළු වත සරසා
සිත අග මින්දද මුදා සළා
තරු විමනක අසිරිය මෙයයි කියා
මා සතුටින් තැබුවා

නුඹ නිදන තරුද ඇහැරවා
හද විල ම කළඹවා
පැන් කෙණ්ඩියකින් අත පැන් වත්කරවා
මා රැගෙන ගියා
ගී දහසක් සුපිපෙන වසන්ත අරණ කරා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - පද්මකුමාර මෙත්තසේන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

 

Wednesday, May 13, 2015

අනේ හාන්දුන්නේ

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

වැරිසල් ඉනකඩ ඉන වට තඹ තැටි අත රැඳෙනා //
හෙළනා සුසුමින් පණ ලැබ රවුමට කරකැවෙනා

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

වේවැල් පතුරට හීරෙණ ඇඟිලි තුඩින් මැවෙනා //
ජීවිතයෙන් රටා අරන් වට්ටි පෙට්ටි වියනා

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - රෝහණ දන්දෙණිය
තනුව - තිස්සසිරි පෙරේරා

Thursday, April 2, 2015

ඉරක් පායනා දේශය

ඉරක් පායනා දේශය
ලොවක් ලොබ බැඳුණු දේශය
මගේ මේ රටයි සුන්දර
බලනු මැන සකී ...//

ජාතියේ උදාලෝකය
මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර පොළව මම සිඹිම් ...//
සිංහලේ මගේ පින්බර පොළව මම සිඹිම්

විදෙස් දේශයන් අබියස
නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිඳුනි
හිදිනු මම කෙසේ ...//

ජාතියේ මහා මානය
මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් ...//
සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්

ඉරක් පායනා දේශය
ලොවක් ලොබ බැඳුණු දේශය
මගේ මේ රටයි සුන්දර
බලනු මැන සකී ...//

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - පත්මකුමාර මෙත්කසේන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

Sunday, December 8, 2013

කෙහෙරැල් කඩාගෙන

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ ...//

නිතරම කෙරෙන්නේ සරදම් කවට කතා
සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා
වන වදුලක සැඟවුණ සිව්පාද සතා
සමග ඔබී ඔබෙ කරවට කිඳුණු පබා

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ

තුරඟුන් නිදන ඉස්තාලය අතේ අරන්
අරියාදුවට දුන් සිනහව සින්න කරන්
කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන්
කිරිගරුඬෙන් බේසම ළඟ පතුල බලන්

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ ...//

ගායනය - සේනානායක වේරලියද්ද
පද - පත්මකුමාර මෙත්තසේන
තනුව - තරුපති මුණසිංහ