Showing posts with label මර්සිලින් ජයකොඩි පියතුමා. Show all posts
Showing posts with label මර්සිලින් ජයකොඩි පියතුමා. Show all posts

Thursday, March 28, 2019

කොළඹ සන්නිය





දෙළුම් පොකුරු වාගේ කැකුළු රතු වෙලා
මුහුණ පියලි වාගේ සුවඳ මතුවෙලා
රන්වන් රන්වන් රංචු රංචු මැණිකෙලා
දැන් දැන් මං වල පොකුරු පොකුරු කැටිවෙලා
නෙළුම් දඬුවෙ කටු වගේය අතේ ඇණෙනවා
කැකුළු මකුලු දැල වගේය ඇඟේ එතෙනවා
හිනැහි හිනැහි ඔමරි කරන පුදුම අඟර දඟර කරන
කැකුළු මුකුලු ටිකිරිලා
සරති සුළඟෙ කොළ වගේ
වැදිල ඇලෙන පැණි වගේ වැදිල ඇලෙනවා
මෙන්න කොළඹ සන්නිය කොළඹ සන්නිය

නටති රඟති කැරකිලා සොකරි නැටුම් පරදලා
ඉහළ පහළ හොරිකඩයි ජාති ජාති හැඩ ගොඩයි
අත්කම් විස්කම් හිරට ඇඟට දාලා
විස්කම් දස්කම් ඇදල පැදල පාලා
අම්ම දුවට අඩු වියෙයි කැපිල පෙනෙනවා
අම්ම දුවට අඩු වියෙයි කැපිල පෙනෙනවා
අඟල් දෙකේ හැට්ටෙකුයි මුද්දරේක රෙද්දකුයි
දෙතොල රතට ලේ වගෙයි
මූණ හඳුන් ලී වගෙයි
නටව නටව නට නටා යතිය රට වටා
මෙන්න කොළඹ සන්නිය කොළඹ සන්නිය

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන (සුපර් ගෝල්ඩන් චයිම්ස්))
පද - මර්සිලින් ජයකොඩි පියනම
තනුව - මර්සිලින් ජයකොඩි පියනම හා සුනිල් සාන්ත
සංගීතය - සරත් ප්‍රනාන්දු (නිමල් මෙන්ඩිස් ගේ උපදේශකත්වය සහිතව)
1976 වසරේදී සිංහල සිනමාවට එක්වූ කොළඹ සන්නිය චිත්‍රපටියේ ගීයකි.

Friday, December 28, 2018

මිණි මුතු පසට යට වෙනවා




ආ ...... ආආආ.... ආආආ.... ආ ...... ආ ......

මිණි මුතු පසට යට වෙනවා යට යනවා
විසකුරු නයා උඩ එනවා උඩ යනවා
සැප දුක මෙලෙස යට යනවා උඩ එනවා
මැණිකට යන අතට නයි පෙණ අසු වෙනවා

ගව ඇටසැකිලි මඩ කැට මත කුණුවෙනවා
මැස්සන් හඬන ගිණි අව්වේ උණු වෙනවා
ජීවන බරින් ඉපිලුණු දේ සුණු වෙනවා
ගලනා කඳුළු කම්මුල මත ලුණු වෙනවා

ඉරණම ඇඟිල්ලෙන් වැලි මත ලියන්නේ
සාගතයයි කියන නම එහි තියෙන්නේ
දුක දෙන්නට පමණයි කට අයන්නේ
මරණය නොවෙද ජීවිතයයි කියන්නේ

ගායනය - තිලකසිරි ප්‍රනාන්දු
පද රචනය - ගරු මර්සිලින් ජයකොඩි පියනම
ප්‍රකට ජන ගායනා නාද රටා ඇසුරින් සංගීත ඇදියුරු - සුනිල් සාන්ත
සංගීතය - බී.එස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියෙනි.

ඕළු නෙළුම් නෙරිය රඟාලා




ඕ ඕ ඕ.... ඕ........... ඕ....ඕළූ
නෙළුම් නෙරිය සලා ... ආ.....
රඟන්නේ

ඕළු නෙළුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වලා නඟාලා ....//
ගඟුල් තොටිල්ලේ
මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ //

කිරලා කිරලි කූඩුවේ ලගී
කුරුලු පන්ති නාද දී නඟී ...//
නැඹුරුවී බලා
කුඩා සුදු වලා
ඔබේ රුවට වසී වෙලානේ

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ //

කබරගොයා උගේ සුරතලී
සොයා ඇදෙයි නඟා දිය සුළී ...//
කොකුන් කිරි වගේ
නැගේ වෙල දිගේ
ඔබත් කොකුන් රැළක හැඩයිනේ

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ ////.

ගායනය - සිසිර සේනාරත්න සහ පිරිස
පද රචනය - ගරු මර්සිලින් ජයකොඩි පියනම
තනුව - සුනිල් සාන්ත
සංගීතය - බී.එස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියෙනි.