Thursday, March 28, 2019

කොළඹ සන්නිය





දෙළුම් පොකුරු වාගේ කැකුළු රතු වෙලා
මුහුණ පියලි වාගේ සුවඳ මතුවෙලා
රන්වන් රන්වන් රංචු රංචු මැණිකෙලා
දැන් දැන් මං වල පොකුරු පොකුරු කැටිවෙලා
නෙළුම් දඬුවෙ කටු වගේය අතේ ඇණෙනවා
කැකුළු මකුලු දැල වගේය ඇඟේ එතෙනවා
හිනැහි හිනැහි ඔමරි කරන පුදුම අඟර දඟර කරන
කැකුළු මුකුලු ටිකිරිලා
සරති සුළඟෙ කොළ වගේ
වැදිල ඇලෙන පැණි වගේ වැදිල ඇලෙනවා
මෙන්න කොළඹ සන්නිය කොළඹ සන්නිය

නටති රඟති කැරකිලා සොකරි නැටුම් පරදලා
ඉහළ පහළ හොරිකඩයි ජාති ජාති හැඩ ගොඩයි
අත්කම් විස්කම් හිරට ඇඟට දාලා
විස්කම් දස්කම් ඇදල පැදල පාලා
අම්ම දුවට අඩු වියෙයි කැපිල පෙනෙනවා
අම්ම දුවට අඩු වියෙයි කැපිල පෙනෙනවා
අඟල් දෙකේ හැට්ටෙකුයි මුද්දරේක රෙද්දකුයි
දෙතොල රතට ලේ වගෙයි
මූණ හඳුන් ලී වගෙයි
නටව නටව නට නටා යතිය රට වටා
මෙන්න කොළඹ සන්නිය කොළඹ සන්නිය

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන (සුපර් ගෝල්ඩන් චයිම්ස්))
පද - මර්සිලින් ජයකොඩි පියනම
තනුව - මර්සිලින් ජයකොඩි පියනම හා සුනිල් සාන්ත
සංගීතය - සරත් ප්‍රනාන්දු (නිමල් මෙන්ඩිස් ගේ උපදේශකත්වය සහිතව)
1976 වසරේදී සිංහල සිනමාවට එක්වූ කොළඹ සන්නිය චිත්‍රපටියේ ගීයකි.

No comments: