Thursday, March 28, 2019

හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ



හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ
සඳුගේ රැයේදී යළි හමු වෙමූ
යළි හමු වෙමූ ...//

සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැඟේ අප වටා
ගොළුවී මුවාවී ඉමූ

හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ
සඳුගේ රැයේදී යළි හමු වෙමූ
යළි හමු වෙමූ

අඳුරේ වෙලීලා රැය සීතලේ
සිහිනේ උදාවූ ලොවේ
මුමුණා සිනාවී ඉමූ

හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ
සඳුගේ රැයේදී යළි හමු වෙමූ
යළි හමු වෙමූ ...//

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - කුලරත්න ආරියවංශ
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන


චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

No comments: