Thursday, March 28, 2019

සිතේ මෝදු වෙමින්



සිතේ මෝදු වෙමින් ඒවී රස චේතනා
ගතේ ඈත දුරින් පාවී හද වේදනා
නෙතේ මිහිරි හැඟුම් නෑවී පින පෑදුණා
නැතේ සෝක ඉතින් දේවී මතු වාසනා

ප්‍රීති වීලා ජීවේ සෑමදාම පෑවේ
වාසනාවෙ සතුටු සිනා කැන්
සෝක ගීත රාවේ ඈත ඈත පාවේ
සීන ලෝකෙ මැකී ගියාදෙන්
සිනා පාලා එන්න විඳිමු විනෝදේ

සිතේ මෝදු වෙමින් ඒවී රස චේතනා
ගතේ ඈත දුරින් පාවී හද වේදනා
නෙතේ මිහිරි හැඟුම් නෑවී පින පෑදුණා
නැතේ සෝක ඉතින් දේවී මතු වාසනා

දෑත දෑත යාවේ දෑස දෑස පෑහේ
වේදනාව සිඳී ගියාදෙන්
මේ විනෝද ජීවේ මිහිරියාව නෑවේ
පැතූ පැතුම් සැබෑ වුනාදෙන්
සිනා පාලා එන්න විඳිමු විනෝදේ

සිතේ මෝදු වෙමින් ඒවී රස චේතනා
ගතේ ඈත දුරින් පාවී හද වේදනා
නෙතේ මිහිරි හැඟුම් නෑවී පින පෑදුණා
නැතේ සෝක ඉතින් දේවී මතු වාසනා ....////.

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: