අමා සයුරෙහී පීනා ආ ආ....
අමා සයුරෙහී පීනා
කිමිදීලා ගැඹුරෙහී
නාමුකෝ... පීනා ආ ආ....
අමා සයුරෙහී පීනා
සිත් වේ චිත්‍රේකින් සිතේ
ස්වාමි මා ප්‍රේමේ සිතේ
ඒ.. ඒ...
රූපේ ත්‍රේකි සිතේ
ස්වාමි මා ප්‍රේමේ සිතේ
විහිදුනී හර්දේ රාව දී //
සැරදී ශිල්පෙ හී පීනා
අමා සයුරෙහී පීනා ආ ආ....
අමා සයුරෙහී පීනා
ප්‍රේමේ පෙනේ අපේ
ප්‍රේමේ පෙනේ අපේ
සේමා සඳේ ලපේ
ප්‍රේමේ පෙනේ අපේ
ප්‍රීතී ප්‍රීතී
රසේ රසේ
පාමුකෝ
අමා සයුරෙහී පීනා ආ ආ....
අමා සයුරෙහී පීනා
ප්‍රනීත මේ වැකී සුපෙම්
ප්‍රීතී වඩම්
දී සුපෙම්
පෙම් ගී ගයා මීරි සේ
සයුරේ නාමු පීනා
අමා සයුරෙහී පීනා ආ ආ....
අමා සයුරෙහී පීනා
පීනා
අමා සයුරෙහී පීනා ආ ආ....
අමා සයුරෙහී පීනා
පීනා
අමා සයුරෙහී පීනා ආ ආ....
අමා සයුරෙහී පීනා
ගායනය - කේ.කේ. රාජලක්ෂ්මී සමග මොහිදීන් බෙග්
පද - යූ.ඩී. පෙරේරා
සංගීතය - මොහොමඩ් ගවුස්
ගීයේ තනුව -
මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1939 දී තිරගතවූ "කපාලාකුණ්ඩල්" හින්දි චිත්‍රපටිය සඳහා පන්කජ් මලික් ගායනා කළ "පියා මිලන් කෝ ජානා" යන ගීයෙන්. අපි දැන් යොමුවෙමු "පියා මිලන් කෝ ජානා" යන ගීය වෙත.piyaa milan ko jaana haan piyaa milan ko jaana jag ki laaj mann ki mauj donon ko nibhaana piyaa milan ko jaana haan piyaa milan ko jaana
kaante bithraa ke chaloon paani dhalkaa ke chaloon kaante bithraa ke chaloon paani dhalkaa ke chaloon sukh ke liye seekh rakhoon sukh ke liye seekh rakhoon pehle dukh uthaana piyaa milan ko jaana piyaa milan ko jaana
paayal ko baandh ke paayal ko baandh ke utthi chubh naang ke paayal ko baandh ke dheere-dheere dabe-dabe paaon ko badhaana piyaa milan ko jaana haan piyaa milan ko jaana
bujhe diye andheri raat aankhon par donon haath bujhe diye andheri raat aankhon par donon haath kaise kate kathin baat kaise kate kathin baat chal ke aazmaana piyaa milan ko jaana haan piyaa milan ko jaana jaana piyaa milan ko jaana jaanaa piyaa milan ko jaana piyaa milan ko jaana haan piyaa milan ko jaana
पिया मिलन को जाना
हाँ पिया मिलन को जाना
जग की लाज
मन की मौज
दोनों को निभाना
पिया मिलन को जाना
हाँ पिया मिलन को जाना
कांटे बिथरा के चलूँ
पानी ढलका के चलूँ
कांटे बिथरा के चलूँ
पानी ढलका के चलूँ
सुख के लिए सीख रखूँ
सुख के लिए सीख रखूँ
पहले दुख उठाना
पिया मिलन को जाना
पिया मिलन को जाना
पायल को बांध के
पायल को बांध के
उट्ठी चुभ नांग के
पायल को बांध के
धीरे धीरे दबे दबे
पाँव को बढ़ाना
पिया मिलन को जाना
हाँ पिया मिलन को जाना
बुझे दिये अंधेरी रात
आँखों पर दोनों हाथ
बुझे दिये अंधेरी रात
आँखों पर दोनों हाथ
कैसे कटे कठिन बात
कैसे कटे कठिन बात
चल कर आज़माना
पिया मिलन को जाना
हाँ पिया मिलन को जाना
जाना
पिया मिलन को जाना
जाना
पिया मिलन को जाना
पिया मिलन को जाना
हाँ
पिया मिलन को जाना
Singer - Pankaj Mullick
LLyricist - Aarzoo Lakhnavi
Music Director - Pankaj Mullick
Music Composer - Pankaj Mullick
Movie - Kapalkundal (1939)
VIDEO
හින්දි චිත්‍රපටි ගීයේ රූප රාමු තිබුණේ නැහැනෙ..? එහෙම ඔබට දැනුණා නේද ? මට කියන්න තියෙන කතාව ටිකක් දිගයි.ඒත් මේ මා ඉදිරිපත් කරන තොරතුරු ඉතා වැදගත්. මොකද, අන්තර්ජාලයේ මේ Kapalkundal (1939) හින්දි චිත්‍රපටිය හා එහි ඇතුළත්වූ, ඔබ ඉහත වීඩියෝවේ ශ්‍රවනය කළ ගීය පිළිබඳ තිබෙන බොහෝ තොරතුරු සාවද්‍යයි. Kapalkundal කියන්නෙ 1866 දී ලියවුණු නව කතාවක්. රචකයා Bankim Chandra Chattopadhyay . කැලෑවක ජීවත් වන දැරියක් වටා ගෙතුණු කතාවක් ඒක. රචකයා Bankim Chandra Chattopadhyay වංග ජාතිකයෙක්. ඉදිරිපත් කිරීමට මුල් මුද්‍රණයේ ඡායාරූපයක් සොයා ගන්නට නොහැකි වුණා. 1866 දී එළිදැක්වුණ නවකතාව පළමු වරට සිනමා කෘතියක් ලෙස නිකුත්වන්නෙ 1929 දී, ඉන්දියාවේ දී. එය නිහඬ චිත්‍රපටියක්. එය ප්‍රියන්ත ගංගුලි නිර්මානයක්. තොරතුරු සොයන අයට .. https://cinemaazi.com/film/kapal-kundala Kapalakundala කතාව එනමින් ම 1933 දී වංග බසින් කථා-නාද චිත්‍රපටියක් ලෙස ප්‍රදර්ශනය වුණා. අධ්‍යක්ෂණය Premankur Atorthy .චිත්‍රපටිය 'නිව් තියටර්ස්' ආයතනයේ නිෂ්පාදනයක්. චිත්‍රපටිය බලන්න පුළුවන් මෙතැනින්. https://youtu.be/wXV_fmslaZ0 ඊළඟට හැදුණේ Kapalakundal හින්දි චිත්‍රපටිය. එය 1939 දී ප්‍රදර්ශනය වුණා. මේ චිත්‍රපටියේ ඇතුළත්වූ "පියා මිලන් කෝ ජානා" ගීයයි ඔබ ශ්‍රවනය කළේ. ඒ ගීය අදත් අතිශය ජනප්‍රියයි. ගීයේ තනුව පන්කජ් මලික් ගෙ. චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂක වූයේ ඔහුයි. මේ ගී තනුවට හැදුණු සිංහල ගීය "අමා සයුරෙහී පීනා" ගැන සඳහන් කරමින් නෙ මා ඔබට මේ දේවල් දිගහරින්නෙ. ශෝචනීය පුවත නම්, මේ 1939 දී තිරගතවූ හින්දි චිත්‍රපටියේ එකම පිටපතක්වත් අද ඉතුරු වෙලා නෑ. චිත්‍රපටියේ සියළුම නෙගටිව් සහ නිෂ්පාදිත පිටපත් ගබඩා කරලා තිබණෙ 'නිව් තියටර්ස්' ආයතනයේ ඔවුන්ගේ ගබඩා වලම තමයි. ඒ සියල්ල ගින්නකින් විනාශ වුණා. ඒ නිසා කවමදාවත් ඒ චිත්‍රපටියේ එදා රූගත දර්ශන නරඹන්න අවස්ථාවක් නෑ. ගීයේ Audio පමණක් තැන් තැන් වල රැකුණා. ඒ තනුවට පසු කාලෙක ගී කිහිපයක් නිර්මානය වුණා. Kapalkundala කතා සාරයෙන් නිපදවූ චිත්‍රපටි කිහිපයක, පන්කජ් මලික්ගේ මුල් Piya Milan Ko Jana ගීයේ තනුවට නිර්මාණය වූ ගී ඇතුළත් වුණා. පිළිවෙලකට පෙළ ගැස්වූවොත් මෙලෙසයි... 1.⭕ 1941 ජනවාරි 11 දින ප්‍රදර්ශනයට නිකුත් වූවා, Vedavathi නැතිනම් Sita Jananam යන දමිළ චිත්‍රපටිය එහි ඇතුළත් වූ ගීය Prema Sanga SugamVIDEO 2.⭕ නැවතත් හමුවන්නේ දමිළ චිත්‍රපටියක්. Ashok Kumar නමින් වූ එම චිත්‍රපටි ය ප්‍රදර්ශනයට නිකුත්වූයේ 1941 සැප්තැම්බර් 17 වැනිදා. ඊට ඇතුළත්වූ අදාල ගීය Ullam Kavarumen. ගායනා කළේ එම්.කේ. ත්‍යාගරාජා භගවතාර්. VIDEO 3.⭕ නැවත Sanyasi - Samasri යනුවෙන් තිරගතවූ දමිළ සිනමා කෘතියක් ද නිකුත් වෙනවා 1942 දී. මෙය කතා පිටපත් දෙකක් එක්ව තිරගත කිරීමක්. එහි ද, Sanyasi චිත්‍රපටි කතාවේ පන්කජ් මලික්ගෙ Piya Milan ko Jana ගීයේ අනුකරණයක් ඇතුළත් වෙනවා. එම ගීය Koyyapazham Vaankaleyo. VIDEO ඉන්දියාවේ සිනමා කර්මාන්තය තුළ බොහෝ අවස්ථා තිබෙනවා චිත්‍රපටයක් නිකුත් කිරීමේදී, එය එකම විට භාෂා කිහිපයකින් ප්‍රදර්ශනය කිරීමේ. ඒ ලෙස 1941 දී ප්‍රදර්ශනය වූ "අශොක් කුමාර්" චිත්‍රපටිය, මලයාලම් හා තෙළුගු බසින් ද ප්‍රදර්ශනය වුණා. ඒ ඒ බසට දෙබස් කැවූ පිටපත් වල Ullam Kavarumen දමිළ ගීයට අනුරූප ගී ඇති බව ඔබට සිහිපත් කරනවා. "නිව් තියටර්ස්" හී ගිණි ගැනීම නිසා අහිමි වුණු සිනමා නිර්මාණ රැසක් තිබිය යුතු බව කාට වුවත් තේරුම් යනවා. අහිමිවූ දේවල වටිනාකම වඩාත් දැනෙන්නෙ "නිව් තියටර්ස්" ආයතනයට. මේ කම්පනයන් සමග ඔවුන් හැදුවා Meri Bahen යනුවෙන් නම් කළ චිත්‍රපටියක්. එය ප්‍රදර්ශනය වුණා 1944 දී.මේ චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කළෙත් පන්කජ් මලික්. Meri Bahen (මගේ නංගි) චිත්‍රපටියට පන්කජ් මලික් ගායනා කරන Piya Milan Ko Jana ගීය ඇතුළත් කර තියෙනවා. හුඟාක් තැන් වල මේ දර්ශන 1939 ප්‍රදර්ශනය කළ Kapalakundala චිත්‍රපටියේ යැයි දක්වා තිබෙනවා. Meri Bahen (1944) චිත්‍රපටියේ Piya Milan Ko Jana ගීය ඇතුළත් දර්ශන සමග 1939 තිරගතවූ Kapalkundala හින්දි චිත්‍රපටිය ගැන කියාපාන දර්ශන වල දෙබස් වලින් කියැවෙන්නේ මොනවාදැයි මා තවම ගවේෂණය කරමින් සිටිනවා. පැහැදිලිව ඒ පිළිබඳ දැන ගන්න නම්, හින්දි බස හොඳින් දන්නා කෙනෙක් සමග මට මේ ගැන විපරම් කරන්න වෙනවා. ඒ ලෙසින් සම්පූර්ණ තොරතුරු සැක හැර ප්‍රත්‍යක්ෂ කරගත් පසු, මා ඒවා ගෙන එන්නම්. දැනට මේ දර්ශන සමගින් පහත වීඩියෝව නරඹන්න. (මෙහි ඇතුළත් Meri Bahen 1944 චිත්‍රපටියේ Piya Milan Ko Jana ගීයට, පන්කජ් මලික් සමග ගායනයට සහාය වන්නේ අයිලා ගෝෂ් ය.) VIDEO මේ ආකාරයෙන් 1939 දී "කපාල්කුණ්ඩල" හින්දි චිත්‍රපටියට පසු 1942 දක්වා චිත්‍රපටි තුනක් වෙනත් භාෂා වලින් නිෂ්පාදනය වී තිබෙනවා, අර පන්කජ් මලික් හින්දි චිත්‍රපටියට ගැයූ ගී තනුවටම සෑදූ ගියක් ද ඈඳා ගනිමින්. අද අපේ කතාව කේන්ද්‍රගත වුණේ "පියා මිලන් කෝ ජානා" ගීයට. මේ තනුවට නිර්මානයවූ තවත් ගීයක් 1994 දී ප්‍රදර්ශනය වුණා Thenmavin Kombath මලයාලම් චිත්‍රපටිය වෙනුවෙන්. එහි ඇතුළත් වූ "Ente Manasinoru Naanam" ගීයයි පහත ඇත්තේ. Enthe manassiloru naanam.. ..ooo..enthe manassiloru naanam peelithooval poovum nulli.. premalolaneevazhi varavaay.... enthe manassilorunaanam.. ..ooo..enthe manassiloru naanam.....
Poompullimaanaay neeyenteyullil.. thoovallikkudililolichille..oooo ...//
gaanamainayaay neeyennil thalirooyalaadukayallo ...//
nin poovani thedukayanallo
Thumbi pavizhamani thumbi.. 000... thumbi pavizhamani thumbi ...//
Ninmeniyaakum ponveenameetti enmohaminiyum paadumpol. ...//
geevanaayaka pookalle.. nee deevakingaranalle ...//
nin chirimalarennude kuliralle... (Enthe manassiloru....)
എന്തേ മനസ്സിലൊരു നാനം.. ..ഓഓ..എന്തേ മനസ്സിലൊരു നാനം പീലിത്തൂവൽ പൂവും നുള്ളി.. പ്രേമലോലനീവഴി വരവായ്....എന്തേ മനസ്സിലൊരുനാനം.. ..ഓഓ..എന്തേ മനസ്സിലൊരു നാനം.....
പൂമ്പുള്ളിമാനായ് നീയെൻ്റെ ഉള്ളിൽ.. തൂവള്ളിക്കുടിലിലൊളിച്ചില്ലേ..oooo ...//
ഗാനമായായ് നീയെന്നിൽ തളിരൊയലാടുക്കയല്ലോ ...//
നിൻ പൂവണി തേടാനല്ലോ
തുമ്പി പവിഴമണി തുമ്പി.. 000... തുമ്പി പവിഴമണി തുമ്പി ...//
നിൻമേനിയാകും പൊൻവീണമീട്ടി എൻമോഹമിനിയും പാടുമ്പോൾ. ...//
ഗീവനായക പൂക്കളേ.. നീ ദേവകിങ്കരനല്ലേ ...//
നിൻ ചിരിമലരെന്നുടെ കുളിരല്ലേ... (എന്തേ മനസ്സിലൊരു....)
Singers - M.G. Sreekumar & Sujatha Mohan
Lyricist: Gireesh Puthenchery
Music - Berny–Ignatius
Star Cast: Mohanlal, Shobana
VIDEO පන්කජ් මලික් සංගීතවේදියාට උපහාර ලෙස ලතා මංගෙස්කාර් මහත්මිය ගැයූ "පියා මිලන් කෝ ජානා" ගීය.VIDEO