Showing posts with label ආනන්ද පෙරේරා. Show all posts
Showing posts with label ආනන්ද පෙරේරා. Show all posts

Saturday, June 6, 2020

දවුලක් ගෙන සබයට එන


දවුලක් ගෙන සබයට එන
අණ බෙර කෝලමට නටන
රඟමඬලේ නුඹට තනිද පනික්කි රාළේ
මුතු ඇට කොයි
මුතු ඇට කොයි විසිරුණා ද නුඹෙ මුතු මාලේ ....//

මනමේ සඳ කිඳුරු ගැටව්
ආඬි ගුරා ගුරුළු පැටව් ....//

ශිල්ප දිදී නුඹ හැදුවේ තාත්තෙක් වගේ
පිට දේශක්කාර නැටුම් උන්ට අද අගේ

නුඹ ඇඳි කෝලම් මූණක
සිනහවක් නැඟේ තොල් අග ....//

කෝලම් කාරයො හිටියත් වේදිකා අරා
නුඹේ තාල තාම ඇහෙයි රෑට ගම පුරා

දවුලක් ගෙන සබයට එන
අණ බෙර කෝලමට නටන
රඟමඬලේ නුඹට තනිද පනික්කි රාළේ
මුතු ඇට කොයි
මුතු ඇට කොයි විසිරුණා ද නුඹෙ මුතු මාලේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සමුද්‍ර වෙත්තසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා


2011 වසරේදී නිකුත්වූ “මල් වැහි පොද” සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.

Wednesday, October 16, 2019

මුතු ලතා


මුතු ලතා
සිනහා පොකුරු පා
මුතු මැණිකේ
බලනු එපා
නෙත පැටලී
සිත මා අසරණ වෙලා

මම ළඳේ
කෙලෙසද කියන්නේ
ආල හැඟුම්
මුව ගොළුවේ
හිත පැටලී
සිත මා අසරණ වෙලා

ගෙලේ තොරොම්බොල් මාලේ පළඳා
ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා
පාළොස්වක පෝදා
හඳ ගමට වඩින ලීලෙන්
දෙවටේ නුඹ එන්නා

මුතු ලතා
සිනහා පොකුරු පා
මුතු මැණිකේ
බලනු එපා
නෙත පැටලී
සිත මා අසරණ වෙලා

තුන් තිස් පැය රෑ නිදි නම් නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඬුවා
මුතු බිඳු මුතු මැණිකේ
නුඹ කරකාරෙට ගන්ටා
පූරුවෙ පින් නැතුවා

මුතු ලතා
සිනහා පොකුරු පා
මුතු මැණිකේ
බලනු එපා
නෙත පැටලී
සිත මා අසරණ වෙලා

හෝ හෝ.....
හෝ ඕ..ඕඕ....
හෝ.....

ගායනය - අතුල අධිකාරි
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආනන්ද පෙරේරා
සංගීතය - ශක්ති


 
Muthu Latha - Athula Adikari

Thursday, February 9, 2017

ගම රාලයි මෝඩ රැලයි


ගමරාළයි මෝඩ රැලයි වලිගෙක එල්ලී
දිව්‍ය ලෝකෙ යන්න ගිහිං වැටුණලු මල්ලී
ඒ ඉස්සර යබර කාලෙ දැන් ඒ වගෙ නෙවෙයි රාළෙ
සිල්ප සාත්තර දියුණුයි ඉස්සර වගෙ වැටෙන්නෙ නෑ

අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා
අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා

සද්ද නොකර තිබ්බ
අඩිය උජාරුවට
ඇද්ද ලණුව දැම්ම කොඩිය සිලෝන් එකට
දේ ආ(ර්) පොකුරු දෙල්
අර පොකුරු පොකුරු මල්
නැව ගිලුණත් බෑන්ඩ් චූන්
ඔක්කොම සිම්පල්

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා
මොරටුව නම් උපන් ගම අපේ
මොරටු කොල්ලො ප්‍රීති ගීත ගයන්නා
මොරටු කෙල්ලො ඩාන්ස් නටන්නා

ගඟේ නාපු කොරලි පැටව්
මහ මුහුදට බැහැල නටව්
පොර කුකුළට කොයි කොටුවත් ඔට්ටුයි මල්ලී ...//

නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

ගමරාළයි මෝඩ රැලයි වලිගෙක එල්ලී
දිව්‍ය ලෝකෙ යන්න ගිහිං වැටුණලු මල්ලී
ඒ ඉස්සර යබර කාලෙ දැන් ඒ වගෙ නෙවෙයි රාළෙ
සිල්ප සාත්තර දියුණුයි ඉස්සර වගෙ වැටෙන්නෙ නෑ

අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා
අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා

මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
කවුද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා

පානදුරෙන් කොකෙක් ඇවිත්
කියා දීපි බයිල විරිත්
කකුල නොවෙයි නොන්ඩි අනේ පොළව ඇදයිලූ

ඕ මොනරට වගෙ හැඩ
සෙබඩට ලැබුණද
සුදනනි බල මැන
මගෙ හැඩ මුගෙ කැත

යකඩෙක හැපුණට
ඇදකුද තිබුණද
කපුටෙකු කෙටුවට
කුඹ ගස වැ‍ටුණද

ගමරාළයි මෝඩ රැලයි වලිගෙක එල්ලී
දිව්‍ය ලෝකෙ යන්න ගිහිං වැටුණලු මල්ලී
ඒ ඉස්සර යබර කාලෙ දැන් ඒ වගෙ නෙවෙයි රාළෙ
සිල්ප සාත්තර දියුණුයි ඉස්සර වගෙ වැටෙන්නෙ නෑ

අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා
අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා

ගායනය - එච්. ආර්. ජෝතිපාල, ආනන්ද පෙරේරා සහ බන්දු සමරසිංහ
පද - (කතෘත්වය තහවුරු කර ගැනීමට තිබේ)
තනුව - (කතෘත්වය තහවුරු කර ගැනීමට තිබේ)
නව සංගීතය - සෝමපාල රත්නායක
2006 වසරේදී තිරගතවූ ‍සුපිරි බලවතා චිත්‍රපටියට ඇතුළත් වූ ගීයකි.

මෙම චිත්‍රපටියට යොදා ගෙන ඇති සැයළු ගී පැරණි ගී බව සළකන්න.

Friday, September 30, 2016

තටු ගසා ඉගිල්ලෙන්නට

තටු ගසා ඉගිල්ලෙන්නට
අලුත් පියපත් වරම් ලැබුණා
අලුත් පියපත් වරම් ලැබුණා
අහස් මාළිග සොයා ඉතින් යමු
සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ

තොල් පොපියනවා
සිනාසෙන්නට
නෙත් නැටවෙනවා
ඉඟි කරන්නට
සිව් සිය ගව් උස මංගල මණ්ඩපයේ
සිව් සිය ගව් උස මංගල මණ්ඩපයේ

සිව් දෙසින් ආ කුමර වළල්ලේ
රුවින් උතුම් කුමරී
ස්වයංවරය වෙත පිය නඟනා
ස්වයංවරය වෙත පිය නඟනා

උනුන් හඹා
තරඟ වදිනා
දිනූ තැනැත්තෝ
ඔටුණු දරණා
ඒ දිස්නෙන් ඇස් නිලංකාරවූ දා
ඒ දිස්නෙන් ඇස් නිලංකාරවූ දා
මං මුලාවැල් පෑගුණු වැන්නේ
රුවින් උතුම් කුමරී
දොර නාරින් නුඹ අමල්බිසෝ
දොර නාරින් නුඹ අමල්බිසෝ

තටු ගසා ඉගිල්ලෙන්නට
අලුත් පියපත් වරම් ලැබුණා
අලුත් පියපත් වරම් ලැබුණා
අහස් මාළිග සොයා ඉතින් යමු
සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ

සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ ..////..

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ දමයන්ති ජයසූරිය
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා
ගැහැණු ළමයි ටෙලි වෘතාන්තයෙනි.

Sunday, June 7, 2015

ගම්මානේ සුවඳ අරන්

ගම්මානේ සුවඳ අරන්
සිදාදියේ ගුරු ගෙදරට
අකුරට ගිය නඟේ මලේ
නුඹට ලියා දන්වන වග නම්
සැප දුක තොරතුරු කොහොමද දැන් ..//

පොතට පතට හිත නතු කොට
අකුර අකුර ඇහිඳින්නට ..//
හිතට ඉඩක් ලැබෙයිද නැතිනම්,
පාට හීන පෙනේ ද කියපන්

එනකොට ගෙන ආ වස්තුව
යන කොට අරගෙන යන්නට ...//
පරෙස්සමට තිබ්බද නැතිනම්,
විය පැහැදම් වෙනවද හිතපන්

ගම්මානේ සුවඳ අරන්
සිදාදියේ ගුරු ගෙදරට
අකුරට ගිය නඟේ මලේ
නුඹට ලියා දන්වන වග නම්
සැප දුක තොරතුරු කොහොමද දැන්

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - මහින්ද දිසානායක
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා

Wednesday, May 20, 2015

මුව මුක්තා ලතා


මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා

ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
(ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ)
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
(තනි වෙන්න යං පෙම් රසෝජාවේ)
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

lනිස සනි සග ගම l පම පධ නිනි සරි lග - - -l - - රිග lසගරිස l
lනිපනිස l රි - - - l- - නිප lමධපග lමපගරි l නිනි සරි l
lස - - - l

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
(හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ)
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
(හා හා ගයන් සෞම්‍ය සංගීතේ)
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ

මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ පිරිස
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා

Monday, May 11, 2015

ඔබ සඳක් මැයි

ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි
විඳවනා කඳුළින්
ලතවෙනා සුසුමින්
මුදවනා
ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි

වලා පීරා නැඟෙනු නොව
තාරකා මැද දිලෙනු නොව
ගිම්හාන රාත්‍රියේ
විසල් ගම් බිම් නිවනු නොව
ඔබ ප්‍රේමයේ
නවාතැන ළඟ හිඳිනු මැන

ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි
විඳවනා කඳුළින්
ලතවෙනා සුසුමින්
මුදවනා
ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි

කළල් දිය මත රඳනු නොව
කුමුදකට පෙම් බඳිනු නොව
හුදකලා රාත්‍රියේ
අරුත් සුන් සිත් තැවෙනු නොව
ඔබ ප්‍රේමයේ
නවාතැන ළඟ හිඳිනු මැන

ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි
විඳවනා කඳුළින්
ලතවෙනා සුසුමින්
මුදවනා
ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා

Saturday, May 9, 2015

ඔබට එපා නම්

ඔබට එපා නම් ඔබ දුරුවී නම්
ඔබට එපා නම් ඔබ දුරුවී නම්
කාට කියන්නද මං මගේ තනිකම්
හඳට කියාගෙන අවරින් යන්නම් ...//

තනිවූ තනි ඇඳ පායා පුර හඳ //
එකලුකළා මතකද ඔබ දිනු හද

මුතු සඟවා සිටි මුතු බෙල්ලෙකුගේ //
බෙලිකටු හිරිගල් පරයට ළංවේ

ඔබට එපා නම් ඔබ දුරුවී නම්
ඔබට එපා නම් ඔබ දුරුවී නම්
කාට කියන්නද මං මගේ තනිකම්
හඳට කියාගෙන අවරින් යන්නම්

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ගාමිණී ලේල්වල
සංගීතය - ආනන්ද පෙරේරා