Saturday, June 6, 2020

දවුලක් ගෙන සබයට එන


දවුලක් ගෙන සබයට එන
අණ බෙර කෝලමට නටන
රඟමඬලේ නුඹට තනිද පනික්කි රාළේ
මුතු ඇට කොයි
මුතු ඇට කොයි විසිරුණා ද නුඹෙ මුතු මාලේ ....//

මනමේ සඳ කිඳුරු ගැටව්
ආඬි ගුරා ගුරුළු පැටව් ....//

ශිල්ප දිදී නුඹ හැදුවේ තාත්තෙක් වගේ
පිට දේශක්කාර නැටුම් උන්ට අද අගේ

නුඹ ඇඳි කෝලම් මූණක
සිනහවක් නැඟේ තොල් අග ....//

කෝලම් කාරයො හිටියත් වේදිකා අරා
නුඹේ තාල තාම ඇහෙයි රෑට ගම පුරා

දවුලක් ගෙන සබයට එන
අණ බෙර කෝලමට නටන
රඟමඬලේ නුඹට තනිද පනික්කි රාළේ
මුතු ඇට කොයි
මුතු ඇට කොයි විසිරුණා ද නුඹෙ මුතු මාලේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සමුද්‍ර වෙත්තසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා


2011 වසරේදී නිකුත්වූ මල් වැහි පොද සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.

No comments: