Showing posts with label මල්ලිකා කහවිට. Show all posts
Showing posts with label මල්ලිකා කහවිට. Show all posts

Wednesday, August 12, 2026

දෙව් ලොව දෙව් සැප

දෙව් ලොව දෙව් සැප වෙයි තිර ප්‍රේමේ

රජවරු පඬිවරු බන්ධන ප්‍රේමේ ....//

සිතුවම කවිකම බිහි කළ ප්‍රේමේ //

වන සිවුපාවුන් නළවන ප්‍රේමේ//


හිතා ගොතා බොරු කතා කියන්නට

එපා එපා පෙම් දැලේ බැඳෙන්නට ....//

අඬා සුසුම් ලා කම්පා වන්නට //

දොඩා නොරොක් වී බුම්මා ඉන්නට //


රජකම දා ගිය කුමරා සාලිය

මනමාලිය කර ගති හුලවාලිය....//


කුවේණි විජය⁣ට ප්‍රේම ව උන්නා

එදා අපේ රට පාවා දුන්නා...//


සුන්දර සිරි දුව සදහට වාසය....//

පෙම් සැමියෝ ඉර මෙන් විශ්වාසය ....//


ඔප්පු ක⁣ළෝතින් ඒක සැබෑවයි ...//

බස්නාහිර පැත්තෙන් ඉර පායයි ...//


දෙව් ලොව දෙව් සැප වෙයි තිර ප්‍රේමේ

රජවරු පඬිවරු බන්ධන ප්‍රේමේ

සිතුවම කවිකම බිහි කළ ප්‍රේමේ

වන සිවුපාවුන් නළවන ප්‍රේමේ


ගායනය - ඇන්ජලින් ද ලැනරෝල් සමග මල්ලිකා ද සිල්වා

පද - කරුණාරත්න අබේසේකර

තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


Wednesday, January 23, 2019

තනිවම ඇයි මේ උදේ


තනිවම ඇයි මේ උදේ
අනේ සීතලෙ මේ
මලේ පැණි උරන්නේ...//

සෑමදාම හිමිදිරියෙම එන්නේ
ඇයිදෝ සමනළයෝ
පුංචී මා හා තරහද මිතුරේ
මා එනකොට පැන යන්නේ

තනිවම ඇයි මේ උදේ
අනේ සීතලෙ මේ
මලේ පැණි උරන්නේ

හා ...... ආ ..... ආවේ
ආවේ මා සොයා මල් පැණි නේ
වෙනදා එනවා වාගේමයි නේ
ඔබ එනවා දැකලා
ආ ... ආ ..... ආ .... ඔබ එනවා දැකලා
මට බය හිතුනා

මට බය හිතුනා
වෙනදා වගේ
ඒකයි පැන යන්නේ
ඔව් මට බය හිතුනා //

ඇයි සමනළයෝ මට බය වෙන්නේ
මගෙන් ඔබට කරදරයක් නොමවේ
කියන්නෙ ඔහොමයි කවුරුත් ළමයෝ
ළමයින් මම අඳුනනවා

හා හා මා නම් වෙන ළමයින් වගෙ
නොකරමි සතුන්ට හිංසා
ඔය ඇත්තද පොඩි ළමයෝ
ඇත්තද පොඩි ළමයෝ

උදයෙම පිබිදෙන මලේ
අපේ මිදුලෙ කොනේ
නිසා සිත් පිනා යේ ...//

ගායනය - චන්ද්‍රා කබ්රාල් සමග මල්ලිකා කහවිට
පද - ආනන්ද සරත් විමලවීර
තනුව - නෞෂාද් අලි

1946 දී භාරතයේ තිරගතවූ "Anmol Ghadi" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග සොරබායි අම්බලෙවාලි ගැයූ "Udan khatole pe ud jaaun" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun
Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun

Door door se karoon ishaare
Aur tujhko tarsaaun
Chandaa ki khidki se jhaankoon
Jhaankoon aur chhip jaaun
Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun

Ho o o o aayen
Aayen aur guzarti jaayen
Lambi oonchi neechi raahen
Galiyaan aur baazaar
Haan aan aan
Galiyaan aur baazaar
Meraa pahiyaa
Meraa pahiyaa aise bhaage
Jaise motor car
Bhaage sab sansaar
Bhaage sab sansaar

Sooraj bhaage chandaa bhaage
Andhiyaaraa ujiyaaraa bhaage
Dharti daude peechhe ko
Main aage badhti jaaun
Teraa haath pakad ke tujhko
Door kahin le jaaun
Main phir bhi haath na aaun
Phir bhi haath na aaun

Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun.

उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ
उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ

दूर दूर से करून इशारे
और तुझको तर्साउन
चन्दा की खिड़की से झाँकूँ
झाँकूँ और छिप जाऊं
उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ

हो ओ ओ ओ ाएँ
आएं और गुज़रती जाएँ
लम्बी ऊँची नीची राह
गलियां और बाज़ार
हाँ आन आन
गलियां और बाज़ार
मेरा पहिया
मेरा पहिया ऐसे भागे
जैसे मोटर कार
भागे सब संसार
भागे सब संसार

सूरज भागे चन्दा भागे
अँधियारा उजियारा भागे
धरती दौड़े पीछे को
मैं आगे बढ़ती जाऊँ
तेरा हाथ पकड़ के तुझको
दूर कहीं ले जाऊं
मैं फिर भी हाथ न आऊं
फिर भी हाथ न आऊं

उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ.

Song - udan khatole pe ud jaaun
Singers - Shamshad Begum & Zohrabai Ambalewali
Lyricist - Tanvir Naqvi
Composer - naushad Ali
Movie - Anmol Ghadi (1946)

Tuesday, January 15, 2019

හිනැහේවී බෝනික්කා


හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා ...//

ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා //
ලස්සණ හැඩ රුව හින්දා අම්මා ගෙන ආවා //
උපන් දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
උපන් දිනේ
උපන් දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
මගෙ ලස්සණ බෝනික්කා හිනැහේවී බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

මල් ගවුමක් අන්දාලා නළලට තිලකය තියා //
තෝඩු දෙකක් කණට දමා අතට වළලු දාලා //
ගමේ ළමෝ දුව ඒවී සෙල්ලම් කෙරුමට කියා
ගමේ ළමෝ
ගමේ ළමෝ දුව ඒවී සෙල්ලම් කෙරුමට කියා
මගෙ ලස්සණ බෝනික්කා හිනැහේවී බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

හා හඅඅඅආ...හඅඅඅආ...හඅඅඅආ...

ගායනය - මල්ලිකා කහවිට
පද රචනය - ගුණරත්න අබේසේකර
තනුව - රවි ශන්කර් ශර්මා

1958 දී තිරගතවූ Ghar Sansar චිත්‍රපටියට ආශා බෝස්ලේ ගැයූ Sapno ki dor bandhi නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීයේ පද

Sapno ki dor bandhi palko ka palna
Soja meri rani mera kehna na talna
Sapno ki dor bandhi palko ka palna
Soja meri rani mera kehna na talna

Pario ke desh tohe nindiya pukare
Dekh rahe rah teri chanda sitare
Dekh rahe rah teri chanda sitare
Jhum rahi ankhiyo mein nindiya diwani
Jhum rahi
Jhum rahi ankhiyo mein nindiya diwani
Mithi mithi bato ka jadu na talna
Soja meri rani mera kehna na talna
Sapno ki dor bandhi palko ka palna
Soja meri rani mera kehna na talna

Jaldi jo soye or jaldi jo jage
Jaldi jo soye or jaldi jo jage
Jiwan ki daud mein wo sabse rahe aage
Jiwan ki daud mein wo sabse rahe aage
Pyara hai bacha wahi kehna jo mane
Pyara hai
Pyara hai bacha wahi kahna jo mane
Jug jug jiye jhule sone ka palna
Soja meri rani mera kehna na talna
Sapno ki dor bandhi palko ka palna
Soja meri rani mera kehna na talna

सपनों की डोर बंधी, पलकों का पालना
सोजा मेरी रानी, मेरा कहना न टालना
सपनों की डोर बंधी...

परियों के देश तोहे निंदिया पुकारे
देख रहे राह तेरी चँदा सितारे
झूम रही अँखियों में निंदिया दीवानी
मीठी-मीठी बतियों का जादू न डालना
सोजा मेरी रानी मेरा कहना न टालना
सपनों की डोर बंधी...

जल्दी जो सोये और जल्दी जो जागे
जीवन की दौड़ में वो सबसे रहे आगे
प्यारा है बच्चा वही कहना जो माने
जुग-जुग जिए झूले सोने के पालना
सोजा मेरी रानी मेरा कहना न टालना
सपनों की डोर बंधी...

Movie/album: Ghar Sansar (1958)
Singers: Asha Bhosle
Song Lyricists: Shamsul Huda Bihari (S. H. Bihari)
Music Composer: Ravi Shankar Sharma (Ravi)
Music Director: Ravi Shankar Sharma (Ravi)
Director: V.M. Vyas

Thursday, January 5, 2017

කුරුළු කොබෙයි පරෙවි වගෙයි

හා.. ආආ අඅ ආ ....
ආ ආ ආ අඅ ආ....

කුරුළු කොබෙයි පරෙවි වගෙයි වනය සරාලා
ඔමරි පපා මුකුලු නඟා විහිළු කියාලා
රස විහිළු කියාලා
රස විහිළු කියාලා ...//

සඳුන් වනේ සමන් වැලේ සුවඳ උරාලා
අම සුවඳ උරාලා
අම සුවඳ උරාලා ...//
නාරිලතා ලීලෙ පපා බඳ ලෙලවාලා
රඟමු වනේ තුරු සෙවණේ පොකුරු ගැසීලා
අපි පොකුරු ගැසීලා
අපි පොකුරු ගැසීලා

අඹ දඹ දං පැණි රඹුටන් ජයට හැදීලා
හරි ජයට හැදීලා
හරි ජයට හැදීලා ...//
ජම්බු පාට නෑනගෙ කම්මුලට වැදීලා
රන ගිරවා ගිරවි ට පෙම් දමෙහි බැඳීලා
පෙම් දමෙහි බැඳීලා
පෙම් දමෙහි බැඳීලා

සමනලයන් නොදැක කුසුම් හැඩට පිපීලා
හොඳ හැඩට පිපීලා
හොඳ හැඩට පිපීලා ...//
හමන සිසිල් සුළඟ නටයි එකට හැපීලා
ගුවන් තලෙන් නඳුන් වනේ බිමට වැටීලා
මේ බිමට වැටීලා
මේ බිමට වැටීලා

කුරුළු කොබෙයි පරෙවි වගෙයි වනය සරාලා
ඔමරි පපා මුකුලු නඟා විහිළු කියාලා
රස විහිළු කියාලා
රස විහිළු කියාලා  (ආ ආ ආ අඅ ආ.... ) ////.

ගායනය - ලතා වල්පොල සහ පිරිස
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි

1961 දී තිරගත වූ ‘කුරුළු බැද්ද’ චිත්‍රපටියේ ගීයකි.

මුල් ගීයේ හඬ මුසුව ..
කළු - ලතා වල්පොල
නිල් - මල්ලිකා කහවිට
රතු - නීලියා පෙරේරා
කොළ - පිරිස

මේ ගීය පටි ගත කිරීමට නියමිත අවස්ථාවේ එක් ගායිකාවක් පැමිණ සිටියේ නැත. පටි ගත කිරීම නැරඹීමට පැමිණ සිටි නීලියා පෙරේරාට ගීයේ පේළි දෙකක් තනිව ගයන්නට අවස්ථාව උදාවූයේ එහෙයිනි. පසු කලෙක මුත්තුසාමි මාස්ටර් ගේ බිරිඳ වන්නේ මේ නීලියා පෙරේරා යි.

Tuesday, January 3, 2017

චන්දන ඇඟ ගාලා

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

වී කොටලා ඊයෙ හවස මං
නා ගත්තා අවදිවී උදෙන් ...//

ගම්මුන් අපි වාගේ
කම්මැලි වී බෑනේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..
ආඅ ආඅ ආඅ ආ...

සිහි නැති ගෑණියක් මා වගේ
කළේ මතක නැතිවුණා ගඟේ ...//

මොටද හැරී යන්නේ
කවුද ඕක ගන්නේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ... ////.

ගායනය - නාරද දිසාසේකර සහ මල්ලිකා කහවිට
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - කුලරත්න තෙන්නකෝන්

Thursday, April 30, 2015

අද දෙවියන් අපගේ මූණ බැලුවා

ආ... දෙවියන් අපේ මුහුණ බැලුවා (ආ.......
ආ.. හොඳ දේ කළොත් හොඳම වෙනවා (ආ......
පූරුවේ පිනක් කඩන් හැලුණා
දුප්පත් කමේ අඳුර මැකුණා

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
හෝ හෝ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ

හොඳ දේ කෙරුවොත් කවදාවත් නෑ ඒකෙන් වරදින්නේ //
දුප්පත් කමටයි දුක් විඳගෙන අපි කාලෙ ගෙනියන්නේ //

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා

කාලා බීලා ජොලි කරන්න දන්නවා අපී
ඒ වුණාට ඒ විකාර දෙන්නෙ නෑ හැපී

කාලා බීලා ජොලි කරන්න දන්නවා අපී
ඒ වුණාට ඒ විකාර දෙන්නෙ නෑ හැපී

මල් වාගේ පෝසත්තුන් බෝම ඉන්නවා
මේ පොඩි කොල්ලන්ගෙන් නම් වැඩක් කෙරෙණවා

මල් වාගේ පෝසත්තුන් බෝම ඉන්නවා
මේ පොඩි කොල්ලන්ගෙන් නම් වැඩක් කෙරෙණවා

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා ...//

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
හෝ හෝ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මල්ලිකා කහවිට සහ පිරිස
පද රචනය - ඒ.ජේ. සොයිසා
සංගීතය - ආර්. මුත්තුසාමි

1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ගීයකි..


Wednesday, April 29, 2015

සතෙක්ද පිරිමියෙක්ද


ලලාල ලාලාලා ලලාල ලා
ලලාල ලාලාලා ලලාල ලා ..//

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ ...//

කුකුළ් හොරෙක්ද මන්දා ආවේ
මෙහාට කවුද පාර කිව්වේ ..//

කැලේදි අල්ලා
මෙහේ ගෙනල්ලා
රිලා මහල්ලා මුලාවෙලා ...//

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ ...//

දියෙන් ගෙනාව ඉස්සා වාගේ
ගැහෙන්නෙ ඇයි මොකද්ද රෝගේ ...//

අතින් කපාලා
ඇඳුම් පොරෝලා
සදාපු බිල්ලා වගේ බොලේ ...//

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ ...//


නැවිච්ච කොන්ද දුන්න වාගේ
ගනිල්ල රූපයක් මෙයාගේ ..//

සිමෙන්ති මූණයි
ගඩොල් හිනාවයි
මුලිච්චි වූ දා මළා තමයි ...//

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ ...//

ලලාල ලාලාලා ලලාල ලා
ලලාල ලාලාලා ලලාල ලා ..//

ගායනය - මල්ලිකා කහවිට
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.



පසු කලෙක සුජාතා අත්තනායක මහත්මිය රංජනී පෙරේරා මහත්මිය සමගින් කළ ගායනය


සාගර රැජිණට ආදරෙයි කියා

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

අප තරුණ ජීවිතේ මධුර මීවිතේ
රස උරාල බොමු ලෝකයේ සොයා

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

මේ ලොව කෙම්බිම නීල ගංගාවේ
නෑවෙමු පීනමු ගිලි එ දියේ
හෙට ඒද නැද්ද යනු කියනු නොහේ
අද විනෝද වෙමු අපි රහට රහේ
මල්සරාගෙ මල් හී විදින්න දැන් කාලේ

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

අහ හා හාහාහ ආ..
හහ හා හාහාහ හඅආ
හහ හා හාහාහ හඅආ
හහහා හහහා හහහා

සේද වලාකුළු ඈත යයි පාවී
යමු ඒ ලෙස මඟ එළිවේවී
ලොව රංග පීඨයකි රඟමු එහී
ඇත අනේකවිද රස අරුතෙ වැහී
වාසනාවෙ මල් වැතිරේ වසන්තේදී

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

ලල් ලල් ලලල් ලලල්ල
ලල් ලල් ලලල් ලලල්ල
ලල් ලල් ලලල් ලලල්ල
ලල් ලල් ලලල් ලලල්ලලා

සොම්නස මල් ඵල දී උදාවේවා
සෝකය භීතිය ඉන් පලායේවා
හිරු චන්ද්‍ර කාන්ති දෙක එකය සිතා
රස ලතාවෙ දැවටෙමු සතුට පතා
සුභ වෙලාව එළඹෙයි පදින්න මේ දියේ

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා
අප තරුණ ජීවිතේ මධුර මීවිතේ
රස උරාල බොමු ලෝකයේ සරා
සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

ගායනය - සුජාතා අත්තනායක සමග රංජනී පෙරේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.

චිත්‍රපටියේ ගීය ගැයුවේ සුජාතා අත්තනායක සමග මල්ලිකා කහවිටයි. මුල් ගීයේ සංරක්ෂිත හඬ ඛණ්ඩයක් සොයා වෙහෙසුණ මුත් දුර්වල තත්වයේ පවතින්නක් හෝ සොයා ගැනීමට නොහැකි විය.
ඉතා මිහිරි, අහන්න අහන්න ආස හිතෙන රසයක් මේ ගීයේ තිබේ.
නැවත නැවත අසමින් පද වැල ඇමිණුවෙමි. මුල් කාලයේ ගැයුණු මෙම ගීයේ මා ළඟ ඇති ගී සුරැකුම් හා සසඳද්දී බොහෝ තැන් වල වචන එහෙ මෙහෙ වීම් තිබේ. එනිසා අඩුපාඩු තිබිය හැක.
පසු කලෙක සුජාතා අත්තනායක සිය නැගණිය සමගින් ගැයූ මේ ගීය රස විඳින්න.


මේ ගීයේ මුල් ගායනය ඇසි දිිසි කුමන ආකාරයකින් හෝ සංරක්ෂණය වී නොමැත. 


Tuesday, April 28, 2015

විනෝද වෙන්න

විනෝද වෙන්න
විනෝද වෙන්න
මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ


විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ


තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ

තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ

ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ

ගෑණු උන්දෑ නටනකොටත් ඕන කිවුව බෙර පදේ
කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ


විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ


සංගීතය සන්තාපය මගහරවන්නේ

සංගීතය සන්තාපය මගහරවන්නේ

පාග පාග සනි පනි ගා රාගෙට එන්නේ
මේ ටිකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ


සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා
සිංදු කියල නැටුම් නටල දැන් අපි හෙම්බත් වෙලා


විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ


විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ


විනෝද වෙන්න
විනෝද වෙන්න


ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සමග මල්ලිකා කහවිට
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි

1965 දී තිරගතවූ "යටගිය දවස" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි.
තනුව 1964 දී භාරතයේ තිරගතවූ "ආයා ටූෆාන්" හින්දි චිත්‍රපටියේ ලතා මංගෙස්කාර් හා මුකේෂ් ගැයූ "සරා සම්බාලනා" ගීතයෙන් උපුටා ගෙන ඇත.
එම හින්දි ගීයේ වීඩියෝව



හින්දි ගීය

Zara sambhalna meri jaan apni nigahe
Zara sambhalna meri jaan apni nigahe
Ke tera mera naya naya pyar hua hai
Ke tera mera naya naya pyar hua hai
Na chhed aaj hai aur hi dil ki adaye
Na chhed aaj hai aur hi dil ki adaye
Ke tera mera naya naya pyar hua hai
Ke tera mera naya naya pyar hua hai

Chand utar aaya…
Chand utar aaya jaise jami pe
Dunia najar aayi hamko yahi pe
Tujhe apni baharo ki khabar hai ke nahi
Teri apne isaro pe najar hai ke nahi
Teri najar jane haye apnai hame kya khabar
Rang nikhar aaya hai aaj tujhe dekh kar
Yahi pe rok le
Yahi pe rok le meri jaan apni nigahe
Ke tera mera naya naya pyar hua hai
Ke tera mera naya naya pyar hua hai

Tere kadam aaye
Tere kadam aaye dil ke chaman me
Bijli si lahrayi sare badan me
Chalo chupa nai teri najar kuchh to hua
Mere dil ka tere dil se asar kuchh to hua
Dekh mere sapno ka shish mahal tod ke
Ab na kahi jana nahi tu sath mera chhod ke
Aabhi na azma
Abhi na azma sajna meri wafaye
Ke tera mera naya naya pyar hua hai
Ke tera mera naya naya pyar hua hai
Na chhed aaj hai aur hi dil ki adaye
Zara sambhalna meri jaan apni nigahe
Ke tera mera naya naya pyar hua hai
Ke tera mera naya naya pyar hua hai

ज़रा सम्भालना मेरी जान अपनी निगाहे
ज़रा सम्भालना मेरी जान अपनी निगाहे
के तेरा मेरा नया नया प्यार हुआ है
के तेरा मेरा नया नया प्यार हुआ है
न छेड़ आज है और ही दिल की अदाए
न छेड़ आज है और ही दिल की अदाए
के तेरा मेरा नया नया प्यार हुआ है
के तेरा मेरा नया नया प्यार हुआ है

चाँद उतर आया…
चाँद उतर आया जैसे जमी पे
दुनिआ नजर आयी हमको यही पे
तुझे अपनी बहरो की खबर है के नहीं
तेरी अपने इसरो पे नज़र है के नहीं
तेरी नजर जाने हाय आपने हमें क्या खबर
रंग निखर आया है आज तुझे देख कर
यही पे रोक ले
यही पे रोक ले मेरी जान अपनी निगाहे
के तेरा मेरा नया नया प्यार हुआ है
के तेरा मेरा नया नया प्यार हुआ है

तेरे कदम आये
तेरे कदम आये दिल के चमन में
बिजली सी लहराई सारे बदन में
चलो छुपा नै तेरी नजर कुछ तो हुआ
मेरे दिल का तेरे दिल से असर कुछ तो हुआ
देख मेरे सपनो का शीश महल तोड़ के
अब न कहीं जाना नहीं तू साथ मेरा छोड़ के
ाभी न आज़मा
अभी न आज़मा सजना मेरी वफाएं
के तेरा मेरा नया नया प्यार हुआ है
के तेरा मेरा नया नया प्यार हुआ है
न छेड़ आज है और ही दिल की अदाए
ज़रा सम्भालना मेरी जान अपनी निगाहे
के तेरा मेरा नया नया प्यार हुआ है
के तेरा मेरा नया नया प्यार हुआ है

Singers - Kamal Barot, Lata Mangeshkar & Mukesh Chand Mathur (Mukesh)
Song Lyricist - Asad Bhopali
Music Composer - Laxmikant Shantaram Kudalkar (Laxmikant Pyarelal), 
Movie - Aaya Toofan (1964)
Starring: Aruna, Bela Bose, Champaklala