Showing posts with label චිත්‍රානන්ද අබේසේකර. Show all posts
Showing posts with label චිත්‍රානන්ද අබේසේකර. Show all posts

Tuesday, December 19, 2023

මල් ගස් වැල් ද ගංගා



මල් ගස් වැල් ද ගංගා ලොවේ
දිය ගොඩ අහස වෙනසක් නොවේ
ඇයි මිනිහා වෙනස් වෙන්නෙ නොසිතු ලෙසේ
මල් ගස් වැල් ද ගංගා ලොවේ
දිය ගොඩ අහස වෙනසක් නොවේ

මිනිසාගෙ පැවතුම් වෙනස් වී තියේ
ගුණ දහම හොඳ චේතනා නෑ හදේ

මිනිසාගෙ පැවතුම් වෙනස් වී තියේ
ගුණ දහම හොඳ චේතනා නෑ හදේ
නෑ සාමදානේ නෑ සුහදතාවේ
නෑ සාමදානේ නෑ සුහදතාවේ
කුල භේදයෙන් ජාති භේදෙන් තැවේ

මල් ගස් වැල් ද ගංගා ලොවේ
දිය ගොඩ අහස වෙනසක් නොවේ

ආදරය හා සතුට ප්‍රීතී සැපේ
සොබ දහම මිනිසුන්ට මැව්වා ලොවේ
ඕ ආදරය හා සතුට ප්‍රීතී සැපේ
සොබ දහම මිනිසුන්ට මැව්වා ලොවේ

කුල භේදෙ හින්දා
පුහු මානෙ රන්දා ....//
වනසා දමයි මේවා මිනිසා අහෝ

මල් ගස් වැල් ද ගංගා ලොවේ
දිය ගොඩ අහස වෙනසක් නොවේ
ඇයි මිනිහා වෙනස් වෙන්නෙ නොසිතු ලෙසේ
මල් ගස් වැල් ද ගංගා ලොවේ
දිය ගොඩ අහස වෙනසක් නොවේ

ගායනය - ලතා වල්පොල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - අවිනිශ්චිතයි *

1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.
(* මෙම චිත්‍රපටියට සංගීත අධ්‍යක්ෂකවරු හය දෙනෙකු සහභාගි වූහ. චිත්‍රපටියේ ගී නවයක් ඇතුළත්වූ අතර, ඒවායේ කතෘත්වය විනිශ්චයේ ගැටළුවක් පවතී)




සොම්නස ඉතිරෙයි මා හර්දේ



සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සිහින සැබෑවෙයි මා ජීවේ
එන්නේ කවදද මාව සොයා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා

හිතේ සතුට ඒවි මෝරා
මටයි ඔබේ ආදරේ
හිතේ සතුට ඒවි මෝරා
මටයි ඔබේ ආදරේ
සදාකාලිකයි අපේ සථීර ප්‍රේමේ
අගෙයි දෑස වාගේ පිවිතුරු ආදරේ

සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සිහින සැබෑවෙයි මා ජීවේ
එන්නේ කවදද මාව සොයා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා

සදා නොවී ප්‍රේමෙ සාරයි අපේ
මෝරා වැඩෙයි ප්‍රීතියෙන් කල් ගෙවේ

සදා නොවී ප්‍රේමෙ සාරයි අපේ
මෝරා වැඩෙයි ප්‍රීතියෙන් කල් ගෙවේ
කුල බේදෙන් අපේ ප්‍රේම හානි නොවේ

සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සිහින සැබෑවෙයි මා ජීවේ
එන්නේ කවදද මාව සොයා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා

හ්ම් ම්ම් ම්ම් ම්ම්
ම් ම් ම් ම් ම් ම්
හා ආ ආආආ
ආආ ආආ ආ...

ගායනය - ලතා වල්පොල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - අවිනිශ්චිතයි *

1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.
(මෙම චිත්‍රපටියට සංගීත අධ්‍යක්ෂකවරු හය දෙනෙකු සහභාගි වූහ. චිත්‍රපටියේ ගී නවයක් ඇතුළත්වූ අතර, ඒවායේ කතෘත්වය විනිශ්චයේ ගැටළුවක් පවතී)




ගීයේ සිනමා රූප


Monday, July 27, 2020

නරපතියා වෙත යන්නේ

හෝඔ ඕ... ඕඔඔ ඕ....
ඔඔ ඕ....
හෝ ඕ ඕ ඕ....
හෝ ඔඔ ඕ...

නරපතියා වෙත යන්නේ
මේ තෑගී පුද දෙන්නේ

රට රකිනා අය ලෝකේ
ගොවියා හින්දයි දිනුවේ ...//
ජය හඬ දීල යන්නේ

අනුරා පුරවරයේ මේ
කෙරුණේ බිහිසුණු දේ මේ //

සුන්දර කුමරි පබා මිගාර තැනුවයි කියතී

ඔඔ ඕ ඕ.. ඔඔ ඕ.... ඔඔ ඔඔඔ ඔඔඔ ඕ....

දැඩි කෝපෙන් මව ඔහුගේ
මහ රජ ඒ දැව්වා නේ ....//

රජ කොල්ලන්ගේ වගෙ නම්
ඇති වෙයිද අපේ සාමේ ...//
ජය හඬ දීල යන්නේ

මිගාර මහ සෙනෙවි හා
සටනේ දාසෙන් රජු ඒ //

ඉන්පසු රජ පවුලේ සෑම දෙනා යාවි නැසී
ඔඔ ඕ ඕ.. ඔඔ ඕ.... ඔඔ ඔඔඔ ඔඔඔ ඕ....

එනමුත් මේ ගොවියන්ගේ
ජීවිත මේ වද දෙන්නේ

රජ කොල්ලන් මහ සටනේ
ඇති වෙයිද අපේ සාමේ ...//

නරපතියා වෙත යන්නේ
මේ තෑගී පුද දෙන්නේ

රට රකිනා අය ලෝකේ
ගොවියා හින්දයි දිනුවේ ...//
ජය හඬ දීල යන්නේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ පිරිස
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - තහවුරු කර ගත නොහේ #

1966 දී තිරගතවූ "සීගිරි කාශ්‍යප" චිත්‍රපටියේ ගීයකි.
# මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය තිදෙනකු විසින් කර ඇත. (එම්. කේ. රොක්සාමි, ටී. එෆ්. ලතීප්, ස්ටැන්ලි අල්විස්)



Song - Narapathiya Wetha Yanne
Lyricist - Chithrananda Abesekara
Composer - Unknown
Movie - Seegiri Kashyapa 1966

Sunday, July 26, 2020

මෙලෝකේ සියල්ලෝ

ලර ලල ලා... ලා ලල් ලල් ලා
ලල ලලල ලලල ලා...
(හහ් හහ් හහ් හහ් හහ් හහ් හා .........)
හ්ම්. ම්ම්.. ම්.... ම්ම්ම්...

මෙලෝකේ සියල්ලෝ
සිනහවෙන්නෙ ඇයිදෝ
බීල යයි කියා මං
හිතා ඉන්න හොඳ නෑ

බොන්න යයි කියාල
මට බල කරලා
මේ උසස් සමාජේ
සුරා පානෙ පෙව්වා

අපේ මේ සමාජේ
මුතු මැණික් බඳිවී
සුදු ඇඳුම් අඳීවී
කළුයි සිත් ඔවුන්ගේ

අයෙක් ලේ පිපාසෙන්
සුරාවෙන් නැටීමෙන්
සුරූපී ළඳුන් දැන්
ලබයි සැප විනෝදෙන්

මෙලෝකේ සියල්ලෝ
සිනහවෙන්නෙ ඇයිදෝ
බීල යයි කියා මං
හිතා ඉන්න හොඳ නෑ

මගේ ජීවිතේ මේ
ගෙවී හොඳම කාලේ
ලැබූ පුහු විනෝදේ
දැනුයි මට දැනෙන්නේ

මුළින් ගෙවපු කාලේ
අළුත් ජීවිතේ මේ
වෙනස හොඳට තේරේ
ඵලක් නෑ එයින් නම්

මෙලෝකේ සියල්ලෝ
සිනහවෙන්නෙ ඇයිදෝ
බීල යයි කියා මං
හිතා ඉන්න හොඳ නෑ

නැටීමෙන් ගැයීමෙන්
සුරාවෙන් විනෝදෙන්
හොඳක් නම් නොවේ ඉන්
ලොවේ හැටි දැනේ දැන්

මැරුණ දාට ලෝකේ
නෑ නැටුම් විනෝදේ
පෙම් කෙරූ සියල්ලන්
දමා තනිව යන්නේ

මෙලෝකේ සියල්ලෝ
සිනහවෙන්නෙ ඇයිදෝ
බීල යයි කියා මං
හිතා ඉන්න හොඳ නෑ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - නෞෂාද් අලි
සංගීතය පී.එල්.ඒ. සෝමපාල

1965 දී තිරගතවූ "ස්වීප් ටිකට්" චිත්‍රපටියේ ගීයකි.
1964 දී තිරගතවූ "Leader" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Mujhe Duniyawalo Sharabi Na Samjho" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



Song - Me Loke Siyallo
Singer - H.R. Jothipala
Lyricist - Chithrananda Abesekara
Composer - Naushad Ali
Music - P.L.A. Somapala
Movie - Sweep Ticket 1965

හින්දි ගීයේ පද

Mujhe duniyaa vaalo, sharaabi na samajho
Mai pitaa nahi hun, pilaayi gayi hai
Jahaa bekhudi me kadam ladakhadaaye
Vahi raah mujhako dikhaayi gayi hai

Nashe me hun lekin mujhe ye khabar hai
Ke is zindagi me sabhi pi rahe hai
Kisi ko mile hai chhalakate piyaale
Kisiko nazar se pilayi gayi hai
Mujhe duniyaa vaalo, sharaabi na samajho
Mai pitaa nahi hun, pilaayi gayi hai

Kisi ko nasaa hai jahaan mein khoosi ka
Kisi ko nasaa hai game jindagi ka
Koi oee rahaa hai lahoo aadmi kaa
Arj dil main masti rachaai gai hai
Mujhe duniyaa vaalo, sharaabi na samajho
Mai pitaa nahi hun, pilaayi gayi hai

Zamaane ke yaaro, chalan hai niraale
Yahaa tan hai ujale, magar dil hai kaale
Ye duniyaa hai duniyaa yahan mar dar ke
Dilo ki kharaabi chhupaayi gayi hai
Mujhe duniyaa vaalo, sharaabi na samajho
Mai pitaa nahi hun, pilaayi gayi hai
Jahaa bekhudi me kadam ladakhadaaye
Vahi raah mujhako dikhaayi gayi hai.

मुझे दुनिया वालों
मैं पीता नहीं हूँ
जहा बेखुदी में कदम लड़खड़ाए
वही राह मुझको दिखायी गयी है

नशे में हूँ लेकिन मुझे ये खबर है
के इस ज़िन्दगी में सभी पि रहे है
किसी को मिले है छलकते पियाले
किसीको नज़र से पिलायी गयी है
मुझे दुनिया वालों
मैं पीता नहीं हूँ

किसी को नासा है जहां में खुशी का
किसी को नासा है गेम जिंदगी का
कोई ोी रहा है लहू आदमी का
आज दिल मैं मस्ती रचाई गई है
मुझे दुनिया वालों
मैं पीता नहीं हूँ

ज़माने के यारो
यहाँ तन है उजाले
ये दुनिया है दुनिया यहाँ मर दर के
दिलो की खराबी छुपाई गयी है
मुझे दुनिया वालों
मैं पीता नहीं हूँ
जहा बेखुदी में कदम लड़खड़ाए
वही राह मुझको दिखायी गयी है.


Song - Mujhe Duniyawalo Sharabi Na Samjho
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Leader 1964
Starring - Dilip Kumar & Vyjayanthimala

Saturday, July 25, 2020

ආවා මං ඉපදුණ ගේදොර බලා

ආවා මං ඉපදුණ ගේදොර බලා
අර හැම දේකම ලස්සන කම වැඩිවෙලා

ආවා මං ඉපදුණ ගේදොර බලා
අර හැම දේකම ලස්සන කම වැඩිවෙලා ....//

කෝ දෙයක් අනේ
කෝ බිමක් අනේ
මා වෙතින් විනෝදෙ යාවි අහසේ පාවෙලා

කෝ දෙයක් අනේ
කෝ බිමක් අනේ
මා වෙතින් විනෝදෙ යාවි අහසේ පාවෙලා

නෑ සුරම්‍ය ජන්ම භූමියේහි වාසලා

ආවා මං ඉපදුණ ගේදොර බලා
අර හැම දේකම ලස්සන කම වැඩිවෙලා

මා දෙඅත් තියේ
මා දෙපා තියේ
අන් සියල්ල සුන් වෙලා ගෙනේවි වේදනා

මා දෙඅත් තියේ
මා දෙපා තියේ
අන් සියල්ල සුන් වෙලා ගෙනේවි වේදනා

මා තුරුල්ලෙ වූ මගේ කැදැල්ල නැතිවෙලා

ආවා මං ඉපදුණ ගේදොර බලා
අර හැම දේකම ලස්සන කම වැඩිවෙලා ....//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ආර්. මුත්තුසාමි
1964 දී තිරගතවූ "සුලලිත සෝබනී" චිත්‍රපටියේ ගීයකි.


Song - Aawa Man Ipaduna Gedora Bala
Singer - H.R. Jothipala
Lyricist - Chithrananda Abesekara
Composer - R. Muttusamy
Movie - Sulalitha Sobani 1964

හයර් නෑ ෂුවර් නෑ

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ .....//

හෙට උදේට රැවටි රැවටි
නැගල යනව තෙරපි තෙරපි ...//
ටයර් ගියත් කෑලි කෑලි
රිම් එක උඩ යන්න ඇහැකි

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

අක්ක නංගි මල්ලි එන්න
පුංචි නෝනෙ මෙහෙ බලන්න ....//
නැතිනම් අද සල්ලි දෙන්න
හෙටවත් මට ගෙනත් දෙන්න

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

හයර් නෑ ෂුවර් නෑ
මගෙ ටැක්සිය යන්නෙ නෑ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ආර්. මුත්තුසාමි

1964 දී තිරගතවූ "සුලලිත සෝභනී" චිත්‍රපටියේ ගීයකි.



Song - Hire Ne Sure Ne
Singer - H.R. Jothipala
Lyricist - Chithrananda Abesekara
Composer - R. Muttusamy
Movie - Sulalitha Sobhani 1964

Thursday, July 23, 2020

කොතනක සිටියත් ඔබ මෙලොවේ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ හිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා ...//
සිහිකෙරුවත් පසුගිය දේ හිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමගින් ආවා ....//
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නෙකෝ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

දැල්වූ පහන දැල්වෙන්නට හැරලා
අඳුරු නිවස ආලෝකය කරලා ...//
ඔබෙ පෙම්බර සැමියගෙ පණ රැකලා
ගුණවන්තිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ හිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - අවිනිශ්චිතයි.
සංගීතය - මොහොමඩ් සාලි

1964 දී තිරගතවූ "සැමියා බිරිඳගේ දෙවියාය" චිත්‍රපටියේ ගීයකි.

මෙය "නෙන්ජිල් ඔර් ආලයම්" නම් ද්‍රවිඪ චිත්‍රපටිය ඇසුරින් නිර්මාණය කරන ලද්දක් වන අතර, චිත්‍රපටියේ ඇතැම් ගී එකී ද්‍රවිඪ චිත්‍රපටියේ ගී වල තනු වලටම නිර්මාණය කර ඇත. එහෙත් ඉහත ගීය ගැන පැහැදිලි තොරතුරක් නැත. ස්වතන්ත්‍ර නිර්මාණයක් ද යන්න සැක සහිතය. තහවුරු කර ගැනීමට නොහැකියි.

මුල් ගීය (ශ්‍රවන ගුණය එතරම් යහපත් නැත.)



නව ගායනයක් (මුල් ගීයේ පද වලින් කොටසක් පමණි ගැයෙන්නේ.)



නව ගායනයට අදාල පද ගෙතුම

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ හිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා ...//
සිහිකෙරුවත් පසුගිය දේ හිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමගින් ආවා ....//
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නෙකෝ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබේ හිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

Song - Kothanaka Hitiyath
Singer - H.R. Jothipala
Lyricist - Chithrananda Abesekara
Movie - Samiya Birindage Deviyaya 1964

නෑනේ යන්න ද ඔයා දාලා මං

නෑනේ යන්න ද ඔයා දාලා මං
කතාකරන්නකො ගියා ඔන්න මං
හිනාවෙයන් ඇයි බුම්මාගෙන බං ....//

පාර තිබුණට දුවන්න හයියෙන්
ආයෙ එන්නට යන්න එපා දැන් ....//

ගියත් මගෙ ඇඟ අරන් ඉගිල්ලී
මාගෙ හිත ඔබ ළඟයි කිරිල්ලී

අනේ නිකන් බොරු අපට මොටද මේ
ඉතින් සල්ලි නැති ආලෙ මොටද මේ

නෑනේ යන්න ද ඔයා දාලා මං
කතාකරන්නකො ගියා ඔන්න මං
හිනාවෙයන් ඇයි බුම්මාගෙන බං

කුමටද ආලෙට සල්ලි සොයන්නේ
හිත ඇති තැන පත උදා නොවෙන්නේ ...//

දුප්පත්කම දොර ළඟට ඇදෙනවා
දැක්කම ආලය පැනල දුවනවා ....//

නෑනේ යන්න ද ඔයා දාලා මං
කතාකරන්නකො ගියා ඔන්න මං
හිනාවෙයන් ඇයි බුම්මාගෙන බං

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා පෙරේරා (සුජාතා අත්තනායක)
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - අවිනිශ්චිතයි
සංගීතය - ආර්. මුත්තුසාමි

1964 දී තිරගතවූ "කළ කළ දේ පල පල දේ" චිත්‍රපටියේ ගීයකි.



Song - Nene Yannada Oya Dala
Singers - H.R. Jothipala & Sujatha Perera (Sujatha Atthanayaka)
Lyricist - Chithrananda Abesekara
Music - R. Muttusamy
Movie - Kala Kala De Pala Pala de 1964

Wednesday, July 22, 2020

දෙන්නා එක සිරුරේ

දෙන්නා එක සිරුරේ
උන්නා එක පණ සේ
දැන් මේ මොකද වුණේ
අයියෝ ඔබ මේ මොකද කළේ
වෙන්වී කඳුළු සලා
අයියෝ එක හිත දෙපලු වුණේ

අම්මා අවසන් හුස්ම හෙළද්දී
දිවුරා කී දේ අද කෝ
රැක ගන්නට සොහොයුරු ඔබෙ ප්‍රාණේ බැමි
හදලා බලලා සැපදී

එක පණ වගේ කිසිම දුකක් කරදරයක් නැතුව මල්ලිව හොඳින් බලාගන්න ඕන පුතා

අම්මා කිසි දේකට බය වෙන්න එපා අම්මෙ. මං මල්ලිව හොඳින් ආරක්ෂා කරන්නම්.

හනේ මගේ පුතාට තුනුරුවන්ගේ පිහිටයි.


අම්මා... අම්මා... අම්මා...

බලන්න ඔහු යනවා
අයියෝ උණු ලේ කඳුළු සලා

දෙන්නා එක සිරුරේ
උන්නා එක පණ සේ
දැන් මේ මොකද වුණේ
අයියෝ ඔබ මේ මොකද කළේ

වෙන්වී කඳුළු සලා
අයියෝ එක හිත දෙපලු වුණේ

අනුකම්පාවක් නොසිතා
ගත පලලා දෙකඩක කරලා

මේ ලෙස සොහොයුරු ප්‍රේමේ
බැමි සිඳලා බිඳලා දමලා
හැදෙන්න පෙර එලවා දැම්මා
කුරුල්ලා තටු කඩලා

බිරිඳයි දරුවයි සනසා
දුක වාවා ඔහු කැඳවනවා
ආ.. ආ....
බිරිඳයි දරුවයි සනසා
දුක වාවා ඔහු කැඳවනවා

බලන්න කිසිවෙකු නෑ
අයියෝ හදවත උණු වෙනවා

දෙන්නා එක සිරුරේ
උන්නා එක පණ සේ
දැන් මේ මොකද වුණේ
අයියෝ ඔබ මේ මොකද කළේ
වෙන්වී කඳුළු සලා
අයියෝ එක හිත දෙපලු වුණේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂකවරු හය දෙනෙක් සිටියා. තහවුරු වූ තොරතුරු පමණයි ඇතුළත් කරන්නෙ. මේ ගීයේ තනුව කාගේ දැයි තවම තහවුරු වී නැහැ.

1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.

(මේ ගීයේ සංරක්ෂණ වී තිබූ හොඳම ගීය ද, ප්‍රමාණවත් තරමින් ශ්‍රවන ගුණය ඉහළ නංවන්නට, යම් මට්ටමක පිරිපහදුවක් කිරීමට සිදුවූ බව කරුණාවෙන් සලකන්න. මේ අඩවියේ හැර වෙනත් කිසිම තැනක වඩා යහපත් තත්වයේ වන මෙම ගීයේ සුරක්ෂිතයක් නැති බව මගේ හැඟීමයි)




Song - Denna Eka Sirure
Singer - H.R. Jothipala
Lyricist - Chithrananda Abesekara
Movie - Sudu Sande Kalu Wala 1963

මේ ගීයේ සිනමා රූප රාමු


Tuesday, July 21, 2020

නොසිතා නොබලා

නොසිතා නොබලා ඇයිදෝ වටිනා මේ ජීවිතේ නසන්නේ
ඇයිදෝ වටිනා මේ ජීවිතේ නසන්නේ

ආ.. ආ... ආ........
ආ.. ආ... ආ........
ආආ ආආ ආ.... ආ ආ....

වනසන්න ජීවේ හොඳ නෑ
එපා එපා
හිතන්න මේවා
දිවි හානි පාපේ වෙන දේ අහෝ අහෝ
අහන්න මේවා

ඔබෙ ජීවිතේ හා පොඩි දරුවා රැක ගන්න වටිනා //
දුකමයි මෙ සසරේ ඉවසා මුලා නොවී
හිතන්න මේවා
වනසන්න ජීවේ හොඳ නෑ
එපා එපා
හිතන්න මේවා

හිමි භක්ති වාගේ දරු ස්නේහෙ පාලා
සුරකින්න මාතාවක් සේ ඔබේ දිවි නොවනසා

ඔබෙ ස්වාමියාගේ
හොඳ නාමේ
සැනසෙන්න රැකලා ....//

දුකමයි මෙ සසරේ ඉවසා මුලා නොවී
හිතන්න මේවා
වනසන්න ජීවේ හොඳ නෑ
එපා එපා
හිතන්න මේවා
දිවි හානි පාපේ වෙන දේ අහෝ අහෝ
අහන්න මේවා
අහන්න මේවා
අහන්න මේවා
අහන්න මේවා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - අවිනිශ්චිතයි

1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.




Song - Wanasana Jeewe (Nositha Nobala)
Lyricist - Chithrananda Abesekara
Composer - Unknown
Movie - Sudu Sande Kalu Wala

මේ ගීයේ සිනමා රූප රාමු


ආසාව හිතිලා

ආසාව හිතිලා
මා දෑස දැකලා
ලෝකෙ මගෙ අත උඩ වැටිලා
සවාරි ගහලා
විනෝද කරලා
සල්ලි අද මගෙ ළඟට වෙලා


ආසාව හිතිලා
මා දෑස දැකලා
ලෝකෙ මගෙ අත උඩ වැටිලා

සවාරි ගහලා
විනෝද කරලා
සල්ලි අද මගෙ ළඟට වෙලා


හාහ හහහා.... හාහ හහහා....
හාහ හහ හහ හා හා හා...

(ලූඩ්ල් ගායන ඛණ්ඩය..)


මෝඩයි නෙ කාලේ ගෙව්වොත් ගිය කල හිතා
වල්මත්ව කාලේ ගෙව්වත් එම කල පතා
....//

මං වාගේ ඉන්නා
සන්තෝසේ දන්නා
ඇත්තන්ට ලෝකේ
නෑ නේද සෝකේ
....//

හිනාවෙන් නැටීමෙන් විනෝද වෙන්නකෝ

ආසාව හිතිලා
මා දෑස දැකලා
ලෝකෙ මගෙ අත උඩ වැටිලා
සවාරි ගහලා
විනෝද කරලා
සල්ලි අද මගෙ ළඟට වෙලා


(ලූඩ්ල් ගායන ඛණ්ඩය..)

නොදැන සම්පත සල්ලි ගොඩ ගසා
සිටින අය දැක මට හරි හිනා
....//

දෙයියන්න වූ දේ
කොයි කාටත් වාගේ
අත් වේවි ලෝකේ
දේවි විනෝදේ
...//

හිනාවෙන් නැටීමෙන් විනෝද වෙන්නකෝ

ආසාව හිතිලා
මා දෑස දැකලා
ලෝකෙ මගෙ අත උඩ වැටිලා
සවාරි ගහලා
විනෝද කරලා
සල්ලි අද මගෙ ළඟට වෙලා
...//

(ලූඩ්ල් ගායන ඛණ්ඩය..)

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා පෙරේරා (අත්තනායක) සහ පිරිස
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - අවිනිශ්චිතයි

1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.
(ගීයේ බිඳ වැටීම් කිහිපයක් ඇතිමුත්, සංරක්ෂිත ගීයකට ඇත්තේ මෙපමණි.)



Song - Aasawa Hithila
Singers - H.R. Jothipala & Sujatha Perera (Sujatha Attanayaka)
Lyricist - Chithrananda Abesekara
Movie - Sudu Sande Kalu Wala 1963

ගීයේ සිනමා රූප රාමු


Monday, July 20, 2020

ජීවනයේ ආදරයේ

ජීවනයේ
ආදරයේ
සේද වලා නිල් අහසේ පාවී ගියේ
ඔබෙයි මගෙයි ආදරේ එක්කළා වගේ

ආදරියේ
රාජණියේ
සීත සුළං නිල් ගුවනේ පාවී ගියේ
ඔබෙයි මගෙයි ආදරේ එක්කළා වගේ
ආදරියේ

හ්ම්.. ම්ම්.....
ම්.. ම්.. ම් ම්.....
ආ.. ආ ආ.....
ආ.. ආ ආ.....

ආදර රළ විසිරී ගොස් මුහුද සිඹිනවා
මහද ඔබට පියඹා ගොස් හාදු පුදනවා
ආ.. ආ ආ.....
ආ.. ආ ආ.....

හ්ම්.. ම්ම්.....
ම්.. ම්.. ම් ම්.....
ආ.. ආ ආ.....
ආ.. ආ ආ.....

රැල්ල පෙරළි පෙරළී ගොස් වෙරළ සිඹිනවා
අන්න එලෙස ඔබෙත් මගෙත් කාලෙ ගෙවෙනවා
ආ.. ආ ආ.....
ම්.. ම් ම්.....

රැල්ල පෙරළි පෙරළී ගොස් වෙරළ සිඹිනවා
අන්න එලෙස ඔබෙත් මගෙත් කාලෙ ගෙවෙනවා

සදාදරේ (ම්.....
කුසුම් පිපේ (ආහා.....
සදාදරේ කුසුම් පිපේ
වෙනස් නොවී අපේ පෙමේ රසය ගෙනෙනවා

ආදරියේ
රාජණියේ
සීත සුළං නිල් ගුවනේ පාවී ගියේ
ඔබෙයි මගෙයි ආදරේ එක්කළා වගේ
ආදරියේ

ජීවනයේ
ආදරයේ
සේද වලා නිල් අහසේ පාවී ගියේ
ඔබෙයි මගෙයි ආදරේ එක්කළා වගේ
ජීවනයේ

ගායනය - ක්ලැරිස් ද සිල්වා සමග එච්.ආර්. ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ආර්. මුත්තුසාමි
1962 දී තිරගතවූ "සුහද දිවි පිදුම" චිත්‍රපටියේ ගීයකි.



Song - Jeevanaye Adaraye
Singers - Claris de Silva & H.R. Jothipala
Lyricist - Chithrananda Abesekara
Composer - R. Muttusamy
Movie - Suhada Divi Piduma 1962