නෑනේ යන්න ද ඔයා දාලා මං
කතාකරන්නකො ගියා ඔන්න මං
හිනාවෙයන් ඇයි බුම්මාගෙන බං ....//
පාර තිබුණට දුවන්න හයියෙන්
ආයෙ එන්නට යන්න එපා දැන් ....//
ගියත් මගෙ ඇඟ අරන් ඉගිල්ලී
මාගෙ හිත ඔබ ළඟයි කිරිල්ලී
අනේ නිකන් බොරු අපට මොටද මේ
ඉතින් සල්ලි නැති ආලෙ මොටද මේ
නෑනේ යන්න ද ඔයා දාලා මං
කතාකරන්නකො ගියා ඔන්න මං
හිනාවෙයන් ඇයි බුම්මාගෙන බං
කුමටද ආලෙට සල්ලි සොයන්නේ
හිත ඇති තැන පත උදා නොවෙන්නේ ...//
දුප්පත්කම දොර ළඟට ඇදෙනවා
දැක්කම ආලය පැනල දුවනවා ....//
නෑනේ යන්න ද ඔයා දාලා මං
කතාකරන්නකො ගියා ඔන්න මං
හිනාවෙයන් ඇයි බුම්මාගෙන බං
ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා පෙරේරා
(සුජාතා අත්තනායක)
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - අවිනිශ්චිතයි
සංගීතය - ආර්. මුත්තුසාමි
1964 දී තිරගතවූ "කළ කළ දේ පල පල දේ"
චිත්‍රපටියේ ගීයකි.
Song - Nene Yannada Oya Dala
Singers - H.R. Jothipala & Sujatha Perera (Sujatha Atthanayaka)
Lyricist - Chithrananda Abesekara
Music - R. Muttusamy
Movie - Kala Kala De Pala Pala de 1964
No comments:
Post a Comment