Showing posts with label සෂිකා නිසංසලා ජයසුමන. Show all posts
Showing posts with label සෂිකා නිසංසලා ජයසුමන. Show all posts

Thursday, October 3, 2019

නැළවෙන සුළඟත්



නැළවෙන සුළඟත්
සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරු මල් දෝතක්
ළඟින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්


සඳ මල් සිපගෙන
එන මඳ සුළඟට
මමත් ආදරෙයි නම්
ලස්සණ ඇස් දෙක
දිහා බලාගෙන
සිතිවිලි නළවන්නම්


රෝස දෙතොල් පෙති
සිනා සලනවා
මල් සුවඳකට බැඳී
පෙම්බර මිහිර දිදී


හාදු අරන් මඟ බලා ඉන්නවා
ඒ මල් සුවඳ බිබී
මගෙ මල් කුමරියණී


සමා වෙන්න ඔය
හිත රිදුණා නම්
නොඉඳුල් පෙම සිහි වී
චුට්ටක් පමා වැඩී


දයාවන්ත රන්වන් සමනලියේ
කුළුඳුල් පෙම සඳකී
සඳවත මම සිඹිමී


නැළවෙන සුළඟත්
සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරු මල් දෝතක්
ළඟින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්


සඳ මල් සිපගෙන
එන මඳ සුළඟට
මමත් ආදරෙයි නම්
ලස්සණ ඇස් දෙක
දිහා බලාගෙන
සිතිවිලි නළවන්නම්


ගායනය - අතුල අදීකාරී සමග ශෂිකා නිසංසලා
පද - චන්න ජයනාත්
තනුව - ජයසිරි අමරසේකර


Nelawena Sulangath - Shashika Nisansala & Athula Adikari

Monday, May 4, 2015

පාරමිතා නොපුරමු අපි දෙන්නා

පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසි කරමු
හමුවන හැම වාරේ ..//

කඳුළු වලින් දියවී යනවා නම් අවිහිංසක රූපේ
දෝර ගලන තුරු කඳුළු හළන්නම්
මට ඔබ නොපෙනෙන සේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසි කරමු
හමුවන හැම වාරේ

මට ඔබ ඔබ මට පෙම් කළ තරමට වෙන් වී යන්න බැරි
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී

පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසි කරමු
හමුවන හැම වාරේ

ගායනය - සෂිකා නිසංසලා ජයසුමන
පද රචනය - ලලිත් වසන්ත
තනුව - ජයසිරි අමරසේකර