Showing posts with label සුමුදු වෙත්තසිංහ. Show all posts
Showing posts with label සුමුදු වෙත්තසිංහ. Show all posts

Friday, December 6, 2013

දළදා හාමුදුරුවනේ

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි
ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ ..//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සුමුදු වෙත්තසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ