Showing posts with label ලයනල් අල්ගම. Show all posts
Showing posts with label ලයනල් අල්ගම. Show all posts

Wednesday, July 8, 2020

මන්මත් කරවන වීණා රාවේ

මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

සඳපහනේ තුරු සෙවණැලි අතරේ
සඳපහනේ තුරු සෙවණැලි අතරේ
සැඟවී සුරඟන සවන යොමාවී
කිසිවෙකු එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

වරුණ දෙවිඳුගේ දුන්නේ පැහැයෙන්
වරුණ දෙවිඳුගේ දුන්නේ පැහැයෙන්
සිතුවම් ඇඳ බටහිර අහසේ
සිතුවම් ඇඳ බටහිර අහසේ
වැහි කළු තිරයෙන් වසා දමයි
කිසිවෙක් එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - ලයනල් අල්ගම
1976 දී තිරගතවූ "ප්‍රදීපේ මා වේවා" චිත්‍රපටියේ ගීයකි.



Song - Manmath Karawana Veena Rawe
Singer - H.R. Jothipala
Lyricist - Sri Nihal Jayasinha
Composer - Lionel Algama
Movie - Pradeepe Ma Wewa (1976)

තටු ලැබුණා

තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //
සමනල සේනා මාව සොයා ආවා
තුඩ තුඩ ගාවා රහස හොරෙන් කීවා
කිරි උතුරා යයි සාර බිමේ සෝබා
තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //

මේ නිල් පොළවේ ගහ කොළ නැළවේ
ගංගා බැස යයි ඉසුරින් බරවේ .....//
රන් බත සුවඳයි ජීවන උරුමේ
ආපහු පිටුපා යන්නට නොසිතේ
තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //

ඩාදිය වැගිරී වැලි මත පොළවේ
සාගින්නට කිරි කඳුළු බිඳක් වේ ....//
මේ පිය සටහන් මතු නොමැකෙන්නේ
ආසිරි වැහි බිඳු දෙරණ සිඹින්නේ

තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //
මිහිරි සුවේ නෑවා
මිහිරි සුවේ නෑවා
මිහිරි සුවේ නෑවා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - ලයනල් අල්ගම
1976 දී තිරගතවූ "ප්‍රදීපේ මා වේවා" චිත්‍රපටියේ ගීයකි.




Song - Thatu Lebuna
Singer - H.R. Jothipala
Lyricist - Sri Nihal Jayasinha
Composer - Lionel Algama
Movie - Pradeepe Ma Wewa (1976)

Monday, January 14, 2019

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ
මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ ....//

ඉර වටේට අපේ ලෝකෙ කැරකෙනවලු යාලූ //
බඹරෙ වගේ කැරකි කැරකි (කැරකි කැරකි කැරකි කැරකි) රවුම් ගහනවාලූ //

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ
මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ

හඳහාමිත් අපේ ලෝකෙ වටේ දුවනවාලූ //
පොඩියක් නවතින්නෙ නැතිලු දන්නවාද යාලූ //

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ
මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ

බඹරි වාගෙ බඹරෙ වටේ මමත් රවුම් ගැහුවා //
බඹරෙ වටේ මං හදාපු රවුම් රවුම් යන්නම් ///

ගායනය - අනෝමා සමරකෝන්
පද රචනය - ලයනල් අල්ගම
තනුව - ලයනල් අල්ගම

Sunday, January 13, 2019

හූනු සාත්තර කාරයෝ


ගෙයි මැද සාලේ
බිත්තිය අයිනේ
ටික් ටික් ටුක් ටුක් කියා හඬනවා

හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

ගෙයි මැද සාලේ
බිත්තිය අයිනේ
ටික් ටික් ටුක් ටුක් කියා හඬනවා

අනාගතය ගැන පේන කියනවද?

අනාගතය ගැන පේන කියනවද?
බිත්ති කොනේ නිදිකිරා වැටෙනවද?
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

අල්ලේ රේඛා හඳහන් නොබලා

අල්ලේ රේඛා හඳහන් නොබලා
පේන කියන්නට කවුද ඉගැන්නුවෙ?
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

ඉරටු කෑල්ලක බත් ඇට අමුණා

ඉරටු කෑල්ලක බත් ඇට අමුණා
උඹට දෙන්න මං මෙන්න ගෙනාවා
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

හූනු සාත්තර කාරයෝ///

ගායනය - දමයන්ති ජයසූරිය
පද රචනය - ලයනල් අල්ගම
තනුව - ලයනල් අල්ගම

Sunday, December 30, 2018

සුදු වැලි මතුපිට




සුදු වැලි මතුපිට
දිය බිඳු ඉස ඉස
වැලි සෙල්ලම් බත් පිසූ අතින්
සමව බෙදා දුන් නිමල සිතින් ...//

මතු මහ මිනිසෙකු වූ දවසේ //
රට වැසි දන හට වැඩ කළ මැන මගෙ
පුංචි පුතේ මගෙ පුංචි පුතේ //


එකම පිඟානෙන් බත් කාලා
එක පැදුරේ නිදියා ...//
එකට හිනාවෙන එකට හඬන ඔබෙ පුංචි මිතුරු පිරසයි
හෙට සොහොයුරු ජනතා වන්නේ ///

සුදු වැලි මතුපිට
දිය බිඳු ඉස ඉස
වැලි සෙල්ලම් බත් පිසූ අතින්
සමව බෙදා දුන් නිමල සිතින් ...//

ගායනය - නිරංජලා සරෝජිනී
පද - මෛත්‍රී පනාගොඩ
තනුව - ලයනල් අල්ගම

Tuesday, November 27, 2018

දහඩිය මුතුලැල්





දහඩිය මුතුලැල් උර පලඳින්නයි
දහසින් බැඳි මල් සිරසින් ගන්නයි
රට බබලන්නයි දැය බබලන්නයි
නිවහල් පැතුම් පතන්නේ//

පිටරට අතපා සිත කය සතපා//
වින්ද නිගා නැති වෙන්නයි////
රට බබලන්නයි දැය බබලන්නයි//
නිවහල් පැතුම් පතන්නේ//

අද බිම හෙළනා දහඩිය බින්දූ//
ගයාවි අපගේ නිවහල් සින්දූ//
රට බබලන්නයි දැය බබලන්නයි//
නිවහල් පැතුම් පතන්නේ////

ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - ලයනල් අල්ගම



චිත්‍රය අන්තර්ජාලයෙනි.

Monday, March 16, 2015

දඟකාර ඇහින්

දඟකාර ඇහින් මා දිහා බලා
මල් හිනා නඟන බෝනික්කෝ
ඔබ නිදන තුරා ඔබ ළඟින් ඉඳන්
හොඳ කතා කියන්නම් රහසින් ...//

කූඹිච්චී කෝච්චියෙන්
නෑගම් ගිය හැටි කියන්න
බෝනික්කෝ හිනා නොවී
පුංචි දෑස් පියාගන්න
පුංචි දෑස් පියාගන්න
පුංචි දෑස් පියාගන්න

එහා ගමේ චූටික්කට
බට්ටිච්ච්චෙක් ටොකු ඇන්නලු ...//
ඒ කතාව කියා දෙන්න
ඔබ හූ මිටි තියනවාද
ඔබ හූ මිටි තියනවාද

සූකිරි කන්දට නැගලා
මාළු පැටව් ගී කිවුවලු ...//
ඒ කතාව කියා දෙන්න
සද්ද නැතිව නිදනවාද
සද්ද නැතිව නිදනවාද
සද්ද නැතිව නිදනවාද

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ආචාර්ය ලයනල් අල්ගම
තනුව - ආචාර්ය ලයනල් අල්ගම

(නිරංජලා ළමා පිටියෙන් ගායනයට පිවිස තුරුණු වියට පියමං කරද්දී ගායනා කළ සරල ගීයකි.)

Wednesday, March 4, 2015

ඈත කඳුකර

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ ...//

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ ...//
ලදැළියන්නේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

රනින් කල වන් පුළුල් උරයෙන් //
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - ලයනල් අල්ගම

චිත්‍රසේන කලාකරුවානන්ගේ නල දමයන්ති මුද්‍රා නාටකයෙනි

Saturday, December 7, 2013

තණ්හා ආශා

තණ්හා ආශා
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මඟ තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ… සැපත සොයන්නද මේ යන්නේ
කතරේ… ඒ…
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

උතුරන ගංගා නියඟය ආදා //
වියළී යනවා ගහකොල මැලවී //
මල් හට ගන්නා වසන්තයම නෑ //
හැමදා…
අප යන මේ ගමනේ
තණ්හා ආශා

අඳුරෙන් ගැළවි
එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ… ඒ…
අප හැම වල්මත් වී
තණ්හා ආශා

සැපත විනෝදේ උපත කඳුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ //
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා… ආ...
නැත උන් වෙන් වන්නේ

තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ… සැපත සොයන්නද මේ යන්නේ
කතරේ… ඒ…
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා
තණ්හා ආශා
තණ්හා ආශා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - මඩවල එස්. රත්නායක
තනුව - ලයනල් අල්ගම

"පටාචාරා" චිත්‍රපටියෙන් 1964