Wednesday, July 8, 2020

තටු ලැබුණා

තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //
සමනල සේනා මාව සොයා ආවා
තුඩ තුඩ ගාවා රහස හොරෙන් කීවා
කිරි උතුරා යයි සාර බිමේ සෝබා
තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //

මේ නිල් පොළවේ ගහ කොළ නැළවේ
ගංගා බැස යයි ඉසුරින් බරවේ .....//
රන් බත සුවඳයි ජීවන උරුමේ
ආපහු පිටුපා යන්නට නොසිතේ
තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //

ඩාදිය වැගිරී වැලි මත පොළවේ
සාගින්නට කිරි කඳුළු බිඳක් වේ ....//
මේ පිය සටහන් මතු නොමැකෙන්නේ
ආසිරි වැහි බිඳු දෙරණ සිඹින්නේ

තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //
මිහිරි සුවේ නෑවා
මිහිරි සුවේ නෑවා
මිහිරි සුවේ නෑවා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - ලයනල් අල්ගම
1976 දී තිරගතවූ "ප්‍රදීපේ මා වේවා" චිත්‍රපටියේ ගීයකි.




Song - Thatu Lebuna
Singer - H.R. Jothipala
Lyricist - Sri Nihal Jayasinha
Composer - Lionel Algama
Movie - Pradeepe Ma Wewa (1976)

No comments: