Showing posts with label චරිතා ප්‍රියදර්ශනී. Show all posts
Showing posts with label චරිතා ප්‍රියදර්ශනී. Show all posts

Wednesday, April 10, 2019

කඳුළු කළේ උකුළෙ හැපේ

කඳුළු කළේ උකුළෙ හැපේ
වළලු හතේ දුකට සැලේ

ජීවිතයයි මේ ගෙනියන්නේ
ආදරයයි තවලම වන්නේ ...//

මේ සාගත මල්ල මගේ අන්න අනේ ගන්න එපා //
වින්නැහියකි මට සිදුවන්නේ
පොඩි දරුවන්ගේ කඳුළට බත ගෙනයන්නේ

කඳුළු කළේ උකුළෙ හැපේ
වළලු හතේ දුකට සැලේ

ජීවිතයයි මේ ගෙනියන්නේ
ආදරයයි තවලම වන්නේ ...//

මේ ජීවන වෙරළ දිගේ යන්න අනේ දෙන්න සෙනේ //
දුක විතරයි උරුමය වෙන්නේ
හිතේ කඳුළු තිත ගාවට ළංවී ඉන්නේ

කඳුළු කළේ උකුළෙ හැපේ
වළලු හතේ දුකට සැලේ

ජීවිතයයි මේ ගෙනියන්නේ
ආදරයයි තවලම වන්නේ ...//

ගායනය - චරිතා ප්‍රියදර්ශනී
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එච්.එම්. ජයවර්ධන

Friday, September 30, 2016

සුදු මල වගේ

සුදු මල වගේ පොඩි කැකුළියේ
තොල් පෙති විදා මුදු පෙති වගේ
මල්වර වියේ හිනැහෙන රඟේ
හා පැංචියේ කඳුළුත් තියේ

සුදු මල වගේ පොඩි කැකුළියේ

මග වස නපුරු සල්ලාල සිත්
තොල් පෙති අගදි රස ගී ගයත් ..//
පොඩි නැගණියේ විමසිලි ඇසින්
ලොව නෙත් යොමා දැනුවත් වෙයන්

සුදු මල වගේ පොඩි කැකුළියේ

ගෙයි ඇතුළෙ මගතොට සර්පයින්
නෙක බමරු වෙස් විෂ මුරුගයින් ..//
මව්පියන් වැනි සත් පුරුෂයින්
දැන ඔවුන් ළඟ නොතැලී හිඳින්

සුදු මල වගේ පොඩි කැකුළියේ

මඟ හරිම කටුකයි දියණියේ
ගල් බොරළු මුදු පා රිදවතේ ...//
ගිය හොතින් මඟ සිහි බුද්ධියෙන්
නුඹෙ පයට විල්ලුද හමුවෙතේ

සුදු මල වගේ පොඩි කැකුළියේ
තොල් පෙති විදා මුදු පෙති වගේ
මල්වර වියේ හිනැහෙන රඟේ
හා පැංචියේ කඳුළුත් තියේ
සුදු මල වගේ පොඩි කැකුළියේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
පද - ප්‍රීති රන්දෙණිය
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

ගැඹුරුයි දිය කඳ

ගැඹුරුයි දිය කඳ ගැඹුරුයි
වියරුයි දළ රළ වියරුයි
තොටුපොළ ඈතයි ඈතයි
හබල් ගසන්නට දෑතද නුහුරුයි
ඔරුවද අබලන්
කෙළෙසද ළං වන්නේ

දහසක් පීඩා දුක් ගිනි ජාලා
තැවී දැවී වැළපී
සේන්දුවන්නට පෙරුම් පුරා ආ
කෙම්බිම නොපෙනෙන්නේ

ගැඹුරුයි දිය කඳ ගැඹුරුයි
වියරුයි දළ රළ වියරුයි
තොටුපොළ ඈතයි ඈතයි
හබල් ගසන්නට දෑතද නුහුරුයි
ඔරුවද අබලන්
කෙළෙසද ළං වන්නේ

මතකය සොඳුරුයි මිරිඟුව හිනැහෙයි
කාලය ඉගිලෙන්නේ
දෑසද අඳුරුයි
මා සිත් සයුරේ
කුණාටු මතු වන්නේ

ගැඹුරුයි දිය කඳ ගැඹුරුයි
වියරුයි දළ රළ වියරුයි
තොටුපොළ ඈතයි ඈතයි
හබල් ගසන්නට දෑතද නුහුරුයි
ඔරුවද අබලන්
කෙළෙසද ළං වන්නේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - එඩ්වඩ් ජයකොඩි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ එළිදැක්මකි.

Wednesday, September 28, 2016

සිකුරු තරුව රැයේ

සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
හඳට අහස හිමිවන පෝ දා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා

අහස ඉමේ තුරු මුදුනේ මල් හිනැහෙනවා
නොපැතු සැ‍ණේ පෙති ඉහිරී බිමට වැටෙනවා
අහසට පිපි මල් සේ පොළොවට පර මල් හිමිවේ
පිපි මල් පර මල් වෙනවා
ඒ මල් දුක සඟවනවා

සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
හඳට අහස හිමිවන පෝ දා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා

සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා
ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ
ඔබ යළි සඳවත වෙනවා
මිහිරිව ඔබ රිදවනවා

සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
හඳට අහස හිමිවන පෝ දා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා

ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා ...///.

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - රෝහණ වීරසිංහ

Monday, September 26, 2016

මේ ප්‍රේම කතා

මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ ...//

නැති බැරිකම ජය ගන්නට
වෙර දරණා මිනිස්සුන්ට

නැති බැරිකම ජය ගන්නට
වෙර දරණා මිනිස්සුන්ට
අපි දෙන්නා ඔරුවක් වෙමු
ජීවන ගඟ පැද යන්නට

මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ

අවුල් තැවුල් පිරුණු ලොවක
අසරණවූ මිනිස්සුන්ට

අවුල් තැවුල් පිරුණු ලොවක
අසරණවූ මිනිස්සුන්ට
අපි දෙන්නා පලසක් වෙමු
දෙපිය නගා ඇවිදින්නට

මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එඩ්වඩ් ජයකොඩි

Wednesday, September 14, 2016

වෙර වීරිය

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

නර විරුවන් අපගෙ පුතේ
ඉදි කළ වැව් බලන් පුතේ
නර විරුවන් අපගෙ පුතේ
ඉදි කළ වැව් බලන් පුතේ
දෑතේ සවියෙනුයි පුතේ
ඒ මහ වැව් බැඳුනෙ පුතේ

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

එවන් ලෙයින් උපන් පුතේ
සුරු විරු කම් ඔබට ඇතේ
එවන් ලෙයින් උපන් පුතේ
සුරු විරු කම් ඔබට ඇතේ
දෑ උරුමය ඇතිව සිතේ
මව් බිම දෙස බලන් පුතේ

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි ඇතුළු පිරිස සමග චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ පිරිස
පද - මඩවල එස්. රත්නායක

තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

ඔබයි මමයි කඳුළු අතර

ඔබයි මමයි කඳුළු අතර ඉපදුණා තමයි
මමයි නුඹයි කඳුළු අතර හිනැහුණා තමයි ...//

ආදරේ හොඳයි සුවඳයි සුන්දරයි ලොවේ
තාරකා රුවයි පාටයි සෙනේහය නොවේ ...//

ඔබයි මමයි කඳුළු අතර ඉපදුණා තමයි
මමයි නුඹයි කඳුළු අතර හිනැහුණා තමයි

සාගරේ හඬයි වැළපෙයි ජීවිතේ වගේ
ආදරේ දුකයි සතුටයි මුසු වෙලා තියේ ...//

ඔබයි මමයි කඳුළු අතර ඉපදුණා තමයි
මමයි නුඹයි කඳුළු අතර හිනැහුණා තමයි

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - මර්වින් පෙරේරා

Tuesday, September 13, 2016

පන්සලේ පල්ලියේ

පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ ...//
ඒ අපේ ශක්තියයි
ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ
වන්දනා ලබන්නේ

මේ බවක් තේරුණේ නැතිකමින් ලෝකයේ
නැති කමයි රජ වුණේ
දුක් නොවව් මිනිසුනේ ...//

හෙට වුණත් නෑ පමා
පණ පොවා ජීවිතේ
රළ පෙළක් සේ නැගෙව් මියැදුනත් හාමතේ

වීරියෙන් රට නැඟූ
දහදියෙන් බිම තෙමූ
ජීවිතේ වේදනාවන් සදාකල් ගෙවූ ...///
මිනිසුනේ හදවතේ ලේවලින් පණ ලැබූ
පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ

පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ ...//

ඒ අපේ ශක්තියයි
ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ
වන්දනා ලබන්නේ ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ගුණදාස කපුගේ