Showing posts with label පියල් ප්‍රේමනාත් ජයතිලක. Show all posts
Showing posts with label පියල් ප්‍රේමනාත් ජයතිලක. Show all posts

Tuesday, May 5, 2015

සොවින් පිරි මගේ හදවත

සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ
යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ
ගතට වේදනා

ගතත් වේදනාවෙන් පිරි
සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත්
ඉනුත් නැහැ සුවේ
කණත් බිහිරි වී නැති මුත්
අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක්
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී

සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා

දෙ අත් සහ දෙපා කොරවී
නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක්
මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක්
අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක්
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී

සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ
යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ
ගතට වේදනා

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - පියල් ප්‍රේමනාත් ජයතිලක
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි