Showing posts with label දිනේෂ් බෝගොඩ. Show all posts
Showing posts with label දිනේෂ් බෝගොඩ. Show all posts

Saturday, April 20, 2019

නෙතු අග බැල්මෙන්

නෙතු අග බැල්මෙන්
පැහැසර වදනින්
බැඳී ගියා ඔබ ආදරයෙන්
කරුණා නිධිවූ ඔහුගේ හද තුළ
විකසිත කුසුමක් සේ රැඳී සිටී

දහසක් පැතුමන් හදේ දරාගෙන
පෙර එක දවසක අතිනත ගත්තා
මවුපිය නෑදෑ හිත මිතුරන්
සුබ පැතුවා ආසිරි දී සතුටින්

නෙතු අග බැල්මෙන්
පැහැසර වදනින්
බැඳී ගියා ඔබ ආදරයෙන්
කරුණා නිධිවූ ඔහුගේ හද තුළ
විකසිත කුසුමක් සේ රැඳී සිටී

වද මල්මාලය ගෙලේ පැළඳගෙන
කොයි යන්නෙද මේ සැන්දෑ යාමේ
අතිනත ගත් දා සඳහන් වූවද
අබිසරු ලියකගෙ සෙනෙහෙ විලේ

නෙතු අග බැල්මෙන්
පැහැසර වදනින්
බැඳී ගියා ඔබ ආදරයෙන්
කරුණා නිධිවූ ඔහුගේ හද තුළ
විකසිත කුසුමක් සේ රැඳී සිටී

ගායනය - සමන්ත පෙරේරා
පද - ගල්පොත්තයායේ පුන්නසිරි හිමි
තනුව - දිනේෂ් බෝගොඩ

Friday, September 30, 2016

බාලගිරි හෙටයි

බාලගිරි හෙටයි
අද නොවෙයි මිණිබිරී
නාඬා නුඹ ඉඳීන්
ගිනි කඳට කන් නොදී
ඒවි හෙට උඩින්
සුදු පරෙවි හිනැහිහී
බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී ...//

නාද ගොළු වෙලා පරෙවිනි පාද පැටලිලා
යාද අළු වෙලා ගින්නට හාදු තිය තියා
පාර බල බලා ඉන්නම් දෑස බොඳ වෙලා
බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී

බාලගිරි හෙටයි
අද නොවෙයි මිණිබිරී
නාඬා නුඹ ඉඳීන්
ගිනි කඳට කන් නොදී
ඒවි හෙට උඩින්
සුදු පරෙවි හිනැහිහී
බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී

සාද තිය තියා ඉරගින් පාත බල බලා
පේන කිය කියා ගිනිදැල් ඒද සිත සිතා
වේවි අපි පමා සිටියොත් ආඩපලි කියා
බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී

බාලගිරි හෙටයි
අද නොවෙයි මිණිබිරී
නාඬා නුඹ ඉඳීන්
ගිනි කඳට කන් නොදී
ඒවි හෙට උඩින්
සුදු පරෙවි හිනැහිහී
බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී

බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී ///..

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කමල් විතාරණ
තනුව - දිනේෂ් බෝගොඩ