Showing posts with label නතාෂා පෙරේරා. Show all posts
Showing posts with label නතාෂා පෙරේරා. Show all posts

Friday, February 1, 2019

මල්ලිට මං ආදරයෙි

මල්ලිට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා
අක්කට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා

මං පුංචි කාලෙ මල්ලි වගේ හරි වැඩ කෙරුවාලූ
අප්පච්චිගෙ ලොකු පොත් වල සිතුවම් ඇන්දාලූ
එතකොට අප්පච්චී ....
ම්.. ම්.. ම්..

මල්ලිට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා
අක්කට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා

මං පුංචි කාලෙ ඔයා වගේ දඟ වැඩ කෙරුවාලූ
අම්මගෙ ලස්සණ සාරි වලින් සෙල්ලම් කෙරුවාලූ
එතකොට මගෙ සුදු අම්මා ....
හ.. හ.. හ.. හ..

මල්ලිට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා
අක්කට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා

ගායනය - ජයතු දිසානායක සමග නතාෂා පෙරේරා

Monday, September 26, 2016

සුළඟක් වී මං යනවා


සුළඟක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද ... මං අල්ලන්නේ

අහසක් සේ දූ යන මඟ
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝණී... මං රැකගන්නේ
පණ වාගෙයි මගෙ දූ.. මං රැකගන්නේ

මහ ගංවතුරක් වීලා හරි වේගෙන් මං ගලනව
ලොකු ගස් වැල් කඳු වැටි හෙම උදුරා පොළවට දමනව
අප්පච්චී කොහොමද ... මං වළකන්නේ

මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනව
ආදරයෙන් මඟ බලනවා
තුරුළට ගෙන සනසවනවා
මා ළඟ නොවැ දූ... හැමදා සැනසෙන්නේ

මං බොරු තරහක් ගන්නව ඇස් රතු වෙනකල් අඬනව
තුරුළට අරගෙන හිටියත් නැළවෙන් නැතුවම ඉන්නව
අප්පච්චී කොහොමද ... මං නළවන්නේ

දූටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඬෙනව
දූගෙ කඳුළු මං ගන්නවා
දූ නැළවෙන කල් අඬනවා
මං ඇඬුවම දූ නොවැ මා නළවන්නේ

සුළඟක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද ... මං අල්ලන්නේ

අහසක් සේ දූ යන මඟ
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝණී... මං රැකගන්නේ
පණ වාගෙයි මගෙ දූ.. මං රැකගන්නේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නතාෂා පෙරේරා
පද - ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය - රෝහණ ධර්මකීර්ති

Saturday, March 14, 2015

සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුණේ

සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුණේ
දැන් නම් ඉතිං ගෙදරින් බනී නංගො
බොර ගං දියේ මල් යයි ඇදී
අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්

ගං දෑල නම් නපුරුයි වගේ
නාඩං නඟේ මං දැන් ළඟින් ඉන්නේ
අයියා මගේ කවදත් හොඳයි
සැමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ

පුන් පෝදා සෑ මළුවේ
මට පිටුපා ඔබ උන්නේ
සිටියා බලා ඔබ හිනිහෙයි කියා
දුටුවේ නෑ පියමං කළා
සඳ එලියේම නොපෙනී ගියා

සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුණේ
දැන් නම් ඉතිං ගෙදරින් බනී නංගො
බොර ගං දියේ මල් යයි ඇදී
අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්

අප්පච්චි ළඟ උන්නා
නැද්දෝ අයියා දුටුවේ
හිනැහෙයි කියා මා හිතුවත් හොරෙන්
දුක ඉවසාම පිටුපා ගියා
ඒ දුක් ගින්න හදෙහී දරා

සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුණේ
දැන් නම් ඉතිං ගෙදරින් බනී නංගො
බොර ගං දියේ මල් යයි ඇදී
අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්

ගං දෑල නම් නපුරුයි වගේ
නාඩං නඟේ මං දැන් ළඟින් ඉන්නේ
අයියා මගේ කවදත් හොඳයි
සැමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ

ගායනය - ලහිරු පෙරේරා සහ නතාෂා පෙරේරා
පද - මනුරංග විජේසේකර
නාද රටා/ සංගීත සංකලනය - ලහිරු පෙරේරා