Showing posts with label මිනර්වා නාට්‍ය කණ්ඩායම. Show all posts
Showing posts with label මිනර්වා නාට්‍ය කණ්ඩායම. Show all posts

Monday, September 21, 2020

ශ්‍රි ජය විජය සිරින් පිරි

ශ්‍රි ජය විජය සිරින් පිරි පුතුනේ
අප සිරි ලංකා මාතා ලෝ කුසේ ...//

සිංහල ජාතිය කීර්ති ධජා
නංවා දිනෙවා නිතරා ...//

සිරි ලංකා මීගමු දියණී
දරු පෙම් දුලා මිනර්වා කැළා ...//

එස් එම් නායගම් මැතිඳා
ගුණ කරුණා ධා‍රේනා ...//

චිත්‍ර කලා කැළ ඒ
චිත්‍ර කළා මෙ ර‍ඟේ
ලියලා තොසිනා රඟනා
දෝ සැම ඒ දුරලා
ප්‍රීතිය වේවා සැමා
දෝ සැම ඒ දුරලා
ප්‍රීතිය වේවා සැමා

මුල් ම සිංහල කතානාද චිත‍්‍රපටය වන “කඩවුණු පොරොන්දුව” නිපදවෙන්නෙ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ එකී නමින් වූ නාට්‍යය ඇසුරු කරගෙනයි. චිත‍්‍රපටයේ නාමාවලිය දිගහැරෙන්නෙ එහි නිෂ්පාදනය වෙනුවෙන් දායක වූ පිරිසට ප්‍රශංසාව ද සහිතව ගැයෙන මේ ගීයෙන්.

ගායනය - මිනර්වා ගායක කණ්ඩායම
චිත්‍රපටිය - කඩවුණු පොරොන්දුව 1947

Sunday, February 26, 2017

සුධවල සුන්දර

සුධවල සුන්දර ශ්‍රී යශ ශෝභා 
රංජිත අප ගරු මාතා ...//
සමය ගෝත්‍ර කුල භේද තරංගා සුන් කර ශ්‍රී ධර ලංකා
බෞද්ධ මුස්ලිම් ක්‍රිස්තු සමාධි ද්‍රවිඪ හින්දු අවිවාදී
සමගිය ඇති කර රමණී

සමගිය ඇති කර රමණී
කරුණා සාගර ජනනී
ජාත්‍යන්තර ලක් මවුනී
රාවණ අගතිසි පඬුවස් සඟබෝ
ඒ ඔබ දරුවෝ පැරණී

පැතුවෝ 
පැතුවෝ 
පැතුවෝ 
ඔබ දියුණුව පැතුවෝ

සේකර නාග පනා මණි නායක හර්ද ප්‍රබෝධ සුනීතා
ජීවන චරණාසන අභිවාදන නමෝ නමෝ ගරු මාතා

සමනල කඳු තල ධරණී
සෝදා ගලනා කැලණී
සීගිරි සිතුවම් කමණී

බෝගම්බර වැව මැද තම දිවි පිදු ඇහැලේපොළ ඔබ දියණී

ලියවේ 
ලියවේ 
ලියවේ 
ලොව ඉතිහස ලියවේ 

ඔබ කුසෙහී දිනුවාවූ දරු සැම පක්ෂ භේදයෙන් තොරවී
එක්සත් වේවා එක සේසත යට නව නිදහස් ආලෝකේ

මින්නේරිය හා තෝපා
ජලයෙන් සැදු කෙත් සාරා
මහසෙන් හා පැරකුම්බා

සිහි කර ගොවිතැන් හා නව අත්කම් 
වඩමු වඩමු නව ලංකා
ජය වේ 
ජය වේ 
ජය වේ 
ජය ජය මංගල වේ

හා.. ආ ආ අඅආ.. 

ගායනය - මිනර්වා නාට්‍ය කණ්ඩායම
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
යොදා ගෙන ඇත්තේ ඉන්දීය ජාතික ගීයේ තනුවයි.