Showing posts with label තුසිත් රුවන් බණ්ඩාර. Show all posts
Showing posts with label තුසිත් රුවන් බණ්ඩාර. Show all posts

Thursday, May 14, 2015

සෙනෙහේ අම්මාගේ

සතුටින් ඉතිරී
සෙනෙහින් මිහිරී
අහසේ හිරු සේ
අම්මා නිවසේ
සුව සෑදූ
හිරු සඳු
අප හැම ළං කෙරූ
සෙනෙහේ අම්මාගේ //

හ්ම් හ්ම්ම් ම්.. හ්ම් හ්ම්ම් ම්..
ලාලල් ලාලල් ලා ...//

රැහැණින් සිඳිලා
ඇත ඉන් මිදිලා
මව් ගෙන් මිදිලා
අභිනික්මන් කරළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ

හ්ම් හ්ම්ම් ම්.. හ්ම් හ්ම්ම් ම්..
ලාලල් ලාලල් ලා ...//

සිතැඟී හඳුනා
හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ

සතුටින් ඉතිරී
සෙනෙහින් මිහිරී
අහසේ හිරු සේ
අම්මා නිවසේ
සුව සෑදූ
හිරු සඳු
අප හැම ළං කෙරූ
සෙනෙහේ අම්මාගේ //

ගායනය - කසුන් කල්හාර, නිරෝෂා විරාජිනී, ශිහාන් මිහිරංග සහ උමාරියා සිංහවංශ
පද රචනය - තුසිත් රුවන් බණ්ඩාර
තනුව හා සංගීතය - රුක්ශාන් සුභසිංහ
සංගීත සංයෝජනය - රංග දසනායක

Anyone who has the link can play this song in your "Smart Phone"