Showing posts with label දමයන්ති ජයසූරිය. Show all posts
Showing posts with label දමයන්ති ජයසූරිය. Show all posts

Monday, June 8, 2020

කඳුළු විලේ


කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ ....//

සිහින දනව්වේ
අඳුරු ඉසව්වේ
ඔබ දෑස තරු බැබළේවා ....//
ඒ තරු කිරණේ
මඟ හෙළිවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

සිතැඟි කොදෙව්වේ
සුදු මුතු පව්වේ
ඔබ දෑත මට ළංවේවා .....//
ආ දුරු කතරේ
ඉම හමුවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

ගායනය - දමයන්ති ජයසූරිය සමග සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

1991 දී හිරුට මුවාවෙන් නමින් නිකුත්වූ සංයුක්ත තැටියට මේ ගීය ඇතුළත් විය.

Saturday, May 25, 2019

සැඳෑ මූදු රැල්ලේ මුවාවී

සැඳෑ මූදු රැල්ලේ මුවාවී
ඔබයි ඈත ක්ෂිතිජේ හිඳින්නේ
වෙරළේ කොණේ ඉකිබිඳිමින් මෙසේ //
අපේ ආදරේ කිම හඬන්නේ

හා ආආආ....
හා ආආආ....

දවසක් මෙවන් සතුටෙන් නෑවෙමින්
මුතු බින්දු පෙණ මල් මතින්
කොඳුරා සෙමින් පෙර නොකියූ කතා
අපි ගියෙමු අත්වැල්බැඳන්

දෙනුවන් පියා
මුව මුව ළංවුණා
සෙනෙහේ හැඟුම්
දෙතොලේ හැංගුණා
දැන් වගේ මතකයි

සැඳෑ මූදු රැල්ලේ මුවාවී
ඔබයි ඈත ක්ෂිතිජේ හිඳින්නේ
වෙරළේ කොණේ ඉකිබිඳිමින් මෙසේ //
අපේ ආදරේ කිම හඬන්නේ

හමනා සුළං රළ හෝ හෝ ගගා
මේ පාළුවේ කාන්සියේ
මගෙ දෑස හා හිත හඬවා තියා
ඔබ ඉන්න දෙසටයි ගියේ

කවදාක හෝ යළි කවදා හරී
හමුවේවිදෝ අප මේ වෙරළෙදී
හැබැහින් නැතිනම් සිහිනෙන්

සැඳෑ මූදු රැල්ලේ මුවාවී
ඔබයි ඈත ක්ෂිතිජේ හිඳින්නේ
වෙරළේ කොණේ ඉකිබිඳිමින් මෙසේ //
අපේ ආදරේ කිම හඬන්නේ

ගායනය - දමයන්ති ජයසූරිය
පද - ආචාර්ය අජන්තා රණසිංහ

තනුව හා සංගීතය - කීර්ති පැස්කුවල්

Thursday, January 24, 2019

තැපැල් පියුම් මාමේ




මුද්දර අලවපු ලියුම් ගොඩක් ගෙන උදේම අවදිවෙලා
බයිසිකලේ නැග ගෙන් ගෙට ඇවිදින තැපැල් පියුම් මාමේ
මට ලියුම් ගොඩාක් ඕනේ

තොරතුරු කියලා පොඩි සාමා ගැන ලියාපු ලියුමක් ලොකු මාමා //
තැපෑලෙ දැම්මලු තව නැහැ ලැබුණේ තැපැල් පියුම් මාමේ //

මුද්දර අලවපු ලියුම් ගොඩක් ගෙන උදේම අවදිවෙලා
බයිසිකලේ නැග ගෙන් ගෙට ඇවිදින තැපැල් පියුම් මාමේ
මට ලියුම් ගොඩාක් ඕනේ

ලියුම් බෙදන අපෙ ගම්මානේ
ඉරිදා හැර දිනයක් ගානේ ....//

අනේ අනේ මේ අහන්න හොඳහැටි
තැපැල් පියුම් මාමේ
පුංචි අපට ඉඳහිටවත් ලියුමක් දීලා යන්න අනේ //

මුද්දර අලවපු ලියුම් ගොඩක් ගෙන උදේම අවදිවෙලා
බයිසිකලේ නැග ගෙන් ගෙට ඇවිදින තැපැල් පියුම් මාමේ
මට ලියුම් ගොඩාක් ඕනේ ////.

ගායනය - දමයන්ති ජයසූරිය
පින්තූරය ලේක්හවුස් ආතනයෙනි.

Sunday, January 13, 2019

හූනු සාත්තර කාරයෝ


ගෙයි මැද සාලේ
බිත්තිය අයිනේ
ටික් ටික් ටුක් ටුක් කියා හඬනවා

හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

ගෙයි මැද සාලේ
බිත්තිය අයිනේ
ටික් ටික් ටුක් ටුක් කියා හඬනවා

අනාගතය ගැන පේන කියනවද?

අනාගතය ගැන පේන කියනවද?
බිත්ති කොනේ නිදිකිරා වැටෙනවද?
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

අල්ලේ රේඛා හඳහන් නොබලා

අල්ලේ රේඛා හඳහන් නොබලා
පේන කියන්නට කවුද ඉගැන්නුවෙ?
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

ඉරටු කෑල්ලක බත් ඇට අමුණා

ඉරටු කෑල්ලක බත් ඇට අමුණා
උඹට දෙන්න මං මෙන්න ගෙනාවා
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

හූනු සාත්තර කාරයෝ///

ගායනය - දමයන්ති ජයසූරිය
පද රචනය - ලයනල් අල්ගම
තනුව - ලයනල් අල්ගම

හොර පූසෙක්

හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්...//
හොර පූසියි බටු මීයයි තර‍ඟෙට දිවුවා
පූසි වැටිල කිරි හැළියක
මීය වැටිල පැණි හැළියක
අපට හරි හිනා//

හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්...//

පැණි බී මත්වුන මීයා
පරාලෙ උඩ වැනි වැනි උනි...//
මට දැන් අහුවුනොත් ඒකා
මං එළෙව්ව හොර පූසා

කීතු කීතු වලට ඉරා
වීසි කරනවයි කීවා...//

මේක ඇහිලා හොර පූසා
කිරි හැළියෙන් ඉහ උස්සා...//

බැලුවා විතරයි පූසෙක්
වහළෙන් පහළට වැටිලා
තඩි වංගෙඩියක හැපිලා...//

මහ තඩි වංගෙඩි පතයක්
කකුල ටිකක් උස්සාගෙන...//

බටු මීයට හැංගෙන්නට ගැනක් කියනවා
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා...//
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා////

ගායනය - දමයන්ති ජයසූරිය
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - අඥාතයි

Friday, September 30, 2016

තටු ගසා ඉගිල්ලෙන්නට

ටු ගසා ඉගිල්ලෙන්නට
අලුත් පියපත් වරම් ලැබුණා
අලුත් පියපත් වරම් ලැබුණා
අහස් මාළිග සොයා ඉතින් යමු
සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ

තොල් පොපියනවා
සිනාසෙන්නට
නෙත් නැටවෙනවා
ඉඟි කරන්නට
සිව් සිය ගව් උස මංගල මණ්ඩපයේ
සිව් සිය ගව් උස මංගල මණ්ඩපයේ

සිව් දෙසින් ආ කුමර වළල්ලේ
රුවින් උතුම් කුමරී
ස්වයංවරය වෙත පිය නඟනා
ස්වයංවරය වෙත පිය නඟනා

උනුන් හඹා
තරඟ වදිනා
දිනූ තැනැත්තෝ
ඔටුණු දරණා
ඒ දිස්නෙන් ඇස් නිලංකාරවූ දා
ඒ දිස්නෙන් ඇස් නිලංකාරවූ දා
මං මුලාවැල් පෑගුණු වැන්නේ
රුවින් උතුම් කුමරී
දොර නාරින් නුඹ අමල්බිසෝ
දොර නාරින් නුඹ අමල්බිසෝ

තටු ගසා ඉගිල්ලෙන්නට
අලුත් පියපත් වරම් ලැබුණා
අලුත් පියපත් වරම් ලැබුණා
අහස් මාළිග සොයා ඉතින් යමු
සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ

සිනිඳු නාඹර කිරිල්ලියනේ
සිනිඳු නාඹර කිරිල්ලියනේ ..////..

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ දමයන්ති ජයසූරිය
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා
ගැහැණු ළමයි ටෙලි වෘතාන්තයෙනි.

Monday, March 9, 2015

කඳුළින් අවසන් වන

ආ...ආ ආ
ආ ආ ආ...
ම්ම්...ම්ම්ම්
ම්ම්ම් ම්..
කඳුළින් අවසන්වන පෙම් පුවතක
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ....//

හිරකරළනු බැරි සෙනේ හැඟුම් දිය
උතුරා පිටාර යයි
දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ
පෙම් සිත් බලා හිඳී
උහුලා ගනු හැකි වෙද මේ සෙනෙහස
සිඳී බිඳී යා නම්

කඳුළින් අවසන්වන පෙම් පුවතක
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ

සිහිලස රැඳි තුරු ලතා ගුලාවක
සඟවා මා පැතුමන්
පියා සරන්නට එපා බිඟුන් ලෙස
රහසින් දැක අන් මල්
උහුලා ගනු හැකි වෙද ඔබ උණුහුම
නිවී මැකී යා නම්

කඳුළින් අවසන්වන පෙම් පුවතක
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ ...//

ම්ම්...ම්ම්ම් ම්ම් ම්ම්..

ගායනය - දමයන්ති ජයසූරිය
පද රචනය - වසන්ත කුමාර කොබවක
තනුව - රෝහණ වීරසිංහ