Sunday, January 13, 2019

හූනු සාත්තර කාරයෝ


ගෙයි මැද සාලේ
බිත්තිය අයිනේ
ටික් ටික් ටුක් ටුක් කියා හඬනවා

හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

ගෙයි මැද සාලේ
බිත්තිය අයිනේ
ටික් ටික් ටුක් ටුක් කියා හඬනවා

අනාගතය ගැන පේන කියනවද?

අනාගතය ගැන පේන කියනවද?
බිත්ති කොනේ නිදිකිරා වැටෙනවද?
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

අල්ලේ රේඛා හඳහන් නොබලා

අල්ලේ රේඛා හඳහන් නොබලා
පේන කියන්නට කවුද ඉගැන්නුවෙ?
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

ඉරටු කෑල්ලක බත් ඇට අමුණා

ඉරටු කෑල්ලක බත් ඇට අමුණා
උඹට දෙන්න මං මෙන්න ගෙනාවා
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

හූනු සාත්තර කාරයෝ///

ගායනය - දමයන්ති ජයසූරිය
පද රචනය - ලයනල් අල්ගම
තනුව - ලයනල් අල්ගම

No comments: