Showing posts with label මාලනී විජේවීර. Show all posts
Showing posts with label මාලනී විජේවීර. Show all posts

Saturday, July 20, 2019

මා බාල කාලේ

මා බාල කාලේ
අම්මාගෙ උකුළේ
නැළවුණු තාලේ
මට තාම සිහිවේ ...//

පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලේහි නාමි
මට තාම සිහිවේ ඇගෙ ගීත රාවේ

මා බාල කාලේ
අම්මාගෙ උකුළේ
නැළවුණු තාලේ
මට තාම සිහිවේ
මා බාල කාලේ

ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා
මේ වාගෙ මට ඈ අවවාද දුන්නා

මා බාල කාලේ
අම්මාගෙ උකුළේ
නැළවුණු තාලේ
මට තාම සිහිවේ
මා බාල කාලේ

මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
නංවාලා ස්නේහේ රට දෑ කෙරේහි
රැකගන්න හැමදා ඇගෙ නාමෙ පුතුනේ

මා බාල කාලේ
අම්මාගෙ උකුළේ
නැළවුණු තාලේ
මට තාම සිහිවේ

පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලේහි නාමි
මට තාම සිහිවේ ඇගෙ ගීත රාවේ

මා බාල කාලේ
අම්මාගෙ උකුළේ
නැළවුණු තාලේ
මට තාම සිහිවේ
මා බාල කාලේ


 ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - මාලනී විජිතා විජේවීර
තනුව - සී.ටී. ප්‍රනාන්දු