Showing posts with label ලොස් ෆ්ලෙමින්කෝස්. Show all posts
Showing posts with label ලොස් ෆ්ලෙමින්කෝස්. Show all posts

Wednesday, May 29, 2019

බොළඳ කතා කියලා

බොළඳ කතා කියලා
පාසැලෙ පෙම බැඳලා
මතු පෙම් සිහින මවා
ගත කළෙ ජීවිතය එදා

මා දිළිඳෙකු හන්දා
වතුපිටි ගෙවල් සොයා
මගෙ ආදරෙ නොබලා
වෙන කෙනෙකුට මන බැන්දා

දුප්පත් වූවත් ආදරයයි
මිල මුදලට වැඩිෙන් අගනයි
මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි
මම නැකැත් බැලුවෙ කෙල්ලේ ඔබටයි //

ඔබ මා තනි කරලා
අද වසරක් ගෙවුණා
ඔබ කී බොළඳ කතා
දැන් වගෙ මට සිහිවෙනවා

දුප්පත් වූවත් ආදරයයි
මිල මුදලට වැඩියෙන් අගනයි
මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි
මම නැකැත් බැලුවෙ කෙල්ලේ ඔබටයි //

සිහින ලොවට වැදිලා
ඔබෙ සුදු මුහුණ මවා
ආදර බස් දොඩලා
සැනසෙන්නම් මැරෙණ තුරා

ගායනය - කීර්ති පැස්කුවල්
පද - ලොස් ෆ්ලෙමින්කෝස් (කවරෙකු දැයි නොදනී)
තනුව - ලොස් ෆ්ලෙමින්කෝස් (කවරෙකු දැයි නොදනී)
මුල් ගායනය - ලොස් ෆ්ලෙමින්කෝස්

ලොස් ෆ්ලෙමින්කෝස් ගැයූ ගීය


කීර්ති පැස්කුවල් ලොස් ෆ්ලෙමින්කෝස් සමග


කීර්ති පැස්කුවල් තවත් විටෙක