Showing posts with label ආර්.ඒ. චන්ද්‍රසේන. Show all posts
Showing posts with label ආර්.ඒ. චන්ද්‍රසේන. Show all posts

Sunday, July 5, 2026

දුප්පතාගේ ආණ්ඩුවයි මේ

දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ
දුප්පතාමයි සෑදුවේ
දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ
දුප්පතාටා වාසී වේ
ලංකාදීප හී වීර භාවේ
ආරක්ෂා වේවා සදා
ජාති මානේ හා අභිමානෙනී

බැබලේවා ශ්‍රී ලංකා


කෑ ගැසූ හින්දා වනලිය ඉල්ලා නිදහසේ දුන්නා

දෙවියන් පිහිටෙන් මහජන ආණ්ඩුව

බෝ කල් සැරදෙන්නා

හොරකම් පෑවත් මැරකම් පෑවත්

අපටයි ඒ දුන්නේ

තරුණන් මැද්දේ තරුණෙක් වාගේ

වනලිය උන්නා නේ


දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ

දුප්පතාටයි සෑදුවේ

දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ

දුප්පතාටා වාසි වේ


ලංකාදීප හී වීර භාවේ

ආරක්ෂා වේවා සදා

ජාති මානේ හා අභිමානෙනී

බැබලේවා ශ්‍රී ලංකා


ලංකා මාතා ප්‍රීති වේවා සාමේ රැකදේවා

ජාති ප්‍රේමී දේශ ප්‍රේමී සිංහලයින් වේවා

ලංකා නාමේ ලෝ ඉතිහාසේ නොමැකී පවතීවා

කිරියෙන් පැණියෙන් ඉතිරී පැතිරී

ශ්‍රීයෙන් ඔප වේවා


දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ

දුප්පතාමයි සෑදුවේ

දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ

දුප්පතාටා වාසී වේ


ලංකාදීප හී වීර භාවේ

ආරක්ෂා වේවා සදා

ජාති මානේ හා අභිමානෙනී

බැබලේවා ශ්‍රී ලංකා


ගායනය - සමූහ ගායනයට එක්වුණා

ආර්.ඒ. චන්දුසේන, මොහිදීන් බෙග්, ග්‍රේස් ජයමාන්න සහ බ්ලයිත් සොයුරියෝ

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1958 දී තිරගතවූ "වනලිය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


Thursday, January 4, 2024

අසාරේ ලෝක සැපතා


අසාරේ ලෝක සැපතා මේ
එපා වී සාඛ්‍ය රාජාණෝ
හැරා රජ සීහ දුක තේරී
වැදී වනයේහි බෝ සෝකේ

මගෙ ලෝ හිමි සෑසී සාධු පියා
ලෝ උතුම් නිවන් ශ්‍රී සාධුණී
ලෝ උතුම් නිවන් ශ්‍රී සාධුණී ...//

සත දුකිනි මිදූවෝ පුණ්‍ය සිතින්
ත්‍රෙෙ ලෝ හිමි රාජා රම්‍ය පියේ ...//

ජය ශ්‍රී බෝ මුලේදී සාධු උතුම්
ලෝ ඥාණෙ ලැබූ ඒ රම්‍යා පියේ ....//

මර දෝණි රැඟුම් දුන් පරදා දමා
සංසාර දුකේනී බේරුණී ලෝ
උතුම් පියා ශ්‍රී සෝබනී

මල් මාල තබා ඔබෙ ශ්‍රී පාදේ
වඳිමී මෙෙත්‍රි පතාලා ගීත ගයා ...//

බොහො සේ මේ දෙසු ඒ ශ්‍රී ධර්මේ
ලෝ සෑම රකී බැති ගී ගයා ...//

සංසාර දුකේනී බේරුණී ලෝ
උතුම් පියා ශ්‍රී සෝබනී
ලෝ උතුම් පියා ශ්‍රී සෝබනී

ගායනය - ධර්මදාස වල්පොල 
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - නෞෂාද් අලි
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1950 දී භාරතයේ තිරගතවූ "බාබුල්" චිත්‍රපටියට තලාත් මෙහ්මුද් ගායනා කළ, "මෙරා ජීවන් සාතී බිචාඩ් ගයා" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Khushi ke sath duniya mein
Hazaro gham bhi hote hai
Jahan shahanai bajati hai
Vahan matam bhi hote hai
Mera jeevan sathi bichhad gaya
Lo khatam kahani ho gai
Lo khatam kahani ho gai
Mera jeevan sathi bichhad gaya
Lo khatam kahani ho gai
Lo khatam kahani ho gai

Qismat ne kiye jo dil pe sitam
Do chahane vale mil na sake
Qismat ne kiye jo dil pe sitam
Do chahane vale mil na sake
Kahane ko bahar ai thi magar
Do phool khushi ke khil na sake
Kahane ko bahar ai thi magar
Do phool khushi ke khil na sake
Aramano ka gulashan ujad gaya
Barabad javani ho gai
Lo khatam kahani ho gai

Dil deke yahan sab har gae
Duniya mein kisiki jeet kahan
Dil deke yahan sab har gae
Duniya mein kisiki jeet kahan
Hotho pe hai shikave qismat ke
Vo pyar bhare ab geet kahan
Hotho pe hai shikave qismat ke
Vo pyar bhare ab geet kahan
Jab khel hi dil ka bigad gaya
Har baat purani ho gai
Lo khatam kahani ho gai

ख़ुशी के साथ दुनिया में
हज़ारों ग़म भी होते है
जहाँ शहनाई बजती है
वहां मातम भी होते है
मेरा जीवन साथी बिछड़ गया
लो खत्म कहानी हो गई
लो खत्म कहानी हो गई
मेरा जीवन साथी बिछड़ गया
लो खत्म कहानी हो गई
लो खत्म कहानी हो गई

क़िस्मत ने किये जो दिल पे सितम
दो चाहने वाले मिल न सके
क़िस्मत ने किये जो दिल पे सितम
दो चाहने वाले मिल न सके
कहने को बहार आई थी मगर
दो फूल ख़ुशी के खिल न सके

कहने को बहार आई थी मगर
दो फूल ख़ुशी के खिल न सके
अरमानो का गुलशन उजड़ गया
बर्बाद जवानी हो गई
लो खत्म कहानी हो गई

दिल देके यहाँ सब हार गए
दुनिया में किसकी जीत कहाँ
दिल देके यहाँ सब हार गए
दुनिया में किसकी जीत कहाँ
होठों पे है शिकवे क़िस्मत के
वो प्यार भरे अब गीत कहाँ
होठों पे है शिकवे क़िस्मत के
वो प्यार भरे अब गीत कहाँ
जब खेल ही दिल का बिगड़ गया
हर बात पुरानी हो गई
लो खत्म कहानी हो गई

Singer - Talat Mahmood
Lyricist - Shakeel Badayuni
Music Composer - Naushad Ali
Movie - Babul (1950)
Starring - Dilip Kumar, Munawar Sultana, Nargis

Thursday, November 10, 2022

ලස්සණ මලකට ළංවී

ලස්සණ මලකට ළංවී
වන බමරු ගයා පෙම් ගී
එහි රොන් රසය උරති සැංගී
එහි රොන් රසය උරති සැංගී ...//

ලස්සණ මලකට ළංවී

අසමාන රූපේ ලෝකේ
පුදතී දනෝ ...//
රණ හංස ළමැදේ - දෑසේ
සුවසේ මනෝ
සුපිපේ සැපදේ සිනා

ලස්සණ මලකට ළංවී
වන බමරු ගයා පෙම් ගී
එහි රොන් රසය උරති සැංගී
එහි රොන් රසය උරති සැංගී

ලස්සණ මලකට ළංවී

අකලංක දේහේ බැල්මේ
හඬෙහී මුවේ ...//
තව්සන්නෙ ධ්‍යානේ බිඳිනා
රස පා මෙසේ
මුලු ලෝ සැනසේ බලා

ලස්සණ මලකට ළංවී

වන බමරු ගයා පෙම් ගී

එහි රොන් රසය උරති සැංගී

එහි රොන් රසය උරති සැංගී


ලස්සණ මලකට ළංවී

ලොව රූපවතියන් හමුවේ
අධිරාජයෝ ....//
අභිමාන රජකම් හැරදා
පැරදී ගියෝ
නොතකා සිහසුන් පවා

ලස්සණ මලකට ළංවී
වන බමරු ගයා පෙම් ගී
එහි රොන් රසය උරති සැංගී
එහි රොන් රසය උරති සැංගී

ලස්සණ මලකට ළංවී

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1972 දී තිරගතවූ "මිරිඟුව" චිත්‍රපටියේ ගීයකි.



Monday, August 5, 2019

මිහිලියගේ තුණු සපුව පුරා



මිහිලියගේ තුණු සපුව පුරා
විහිදුණු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා ...//

සිසිල ගෙන එන මාරුතේ
ලොවම අමතක වී යතේ ....//
රසය දෙන මුදු මීවිතේ
මිරිඟුවකි මනු ජීවිතේ

මිහිලියගේ තුණු සපුව පුරා
විහිදුණු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා

එකම තැනකින් බිහිවෙලා
ගලන ගඟ යයි වෙන්වෙලා ...//
අප ද සිටියට ළංවෙලා
බෙදෙනු ඇත වී මං මුලා

මිහිලියගේ තුණු සපුව පුරා
විහිදුණු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා ...//

ගායනය - ඩබ්ලිව්. ප්‍රේමරත්න
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1972 තිරගත වූ 'මිරිඟුව' චිත්‍රපටියෙන්

Thursday, April 2, 2015

මෝහෙන් මුලා වෙලා

මෝහෙන් මුලා වෙලා
මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ

කේලම් කීමෙන් ඕපදූපුයෙන්
රට කොටවන වැඩ අවදානම්

උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී

අනුන් හෙළන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
තනුව - ආර්.ඒ. චන්ද්‍රසේන

ලිඳෙන් වතුර බීලා

ලිඳෙන් වතුර බීලා
එයින් වතුර නාලා
ලිඳට ගල් ගසාලා
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි

ගහේ වැල එතීලා යාවී ඇදී
පසුව පිළිලෙ වීලා සාරේ අදී
කාල බීලා නිදලා කාලේ ගෙවයි
කාපු තැනද වනසා මිනිසා දුවයි

ලිඳෙන් වතුර බීලා
එයින් වතුර නාලා
ලිඳට ගල් ගසාලා
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි

ඉණිමං තබාලා නැගිලා බලයි
එයට පහර දීලා කඩාලා දමයි
අතීතේ නසාලා දිනුවා සිතයි
තිබූ තැනද නැතිවී පරාදේ වැටෙයි

ලිඳෙන් වතුර බීලා
එයින් වතුර නාලා
ලිඳට ගල් ගසාලා
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි

ගහේ වැල එතීලා යාවී ඇදී
පසුව පිළිලෙ වීලා සාරේ අදී
කාල බීලා නිදලා කාලේ ගෙවයි
කාපු තැනද වනසා මිනිසා දුවයි

ලිඳෙන් වතුර බීලා
එයින් වතුර නාලා
ලිඳට ගල් ගසාලා
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
තනුව - ආර්.ඒ. චන්ද්‍රසේන

ජන්ම භූමි වන්දනා

ජන්ම භූමි වන්දනා පුණ්‍ය භූමි වූ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ ...//

සූර්ය රාජයා ඇදී ‍
රැස් විදා වඳී උදේ
සිව් මහා ගඟුන් රිදී
ගී ගයා වයා ඇදේ
හා... හහා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය  භූමි වූ

මේ බිමේ පොළෝ තලේ
පෑගුනත් ලැබේ බලේ
සියල්ලෝම ආසාවේ...ඉතීරේ...
හා... හහා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ

ජන්ම භූමි වන්දනා පුණ්‍ය භූමි වූ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ ...//
ලොව පුණ්‍ය භූමි වූ ...//
ලොව රම්‍ය භූමි වූ
ලොව පුණ්‍ය භූමි වූ
ලොව රම්‍ය භූමි වූ
ලොව පුණ්‍ය භූමි වූ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
තනුව - ආර්.ඒ. චන්ද්‍රසේන

Wednesday, March 25, 2015

මිහිලියගේ තුනු සපුව පුරා

මිහිලියගේ තුනු සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා ...//

සිසිල ගෙන එන මාරුතේ
ලොවම අමතක වී යතේ ....//
රසය දෙන මුදු මීවිතේ
මිරිඟුවකි මනු ජීවිතේ

මිහිලියගේ තුනු සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා

එකම තැනකින් බිහිවෙලා
ගලන ගඟ යයි වෙන්වෙලා ...//
අප ද සිටියට ළංවෙලා
බෙදෙනු ඇත වී මං මුලා

මිහිලියගේ තුනු සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා ...//

ගායනය - ඩබ්ලිව්. ප්‍රේමරත්න
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1972 තිරගත වූ 'මිරිඟුව' චිත්‍රපටියෙන්