Showing posts with label හේමන්ති රණසිංහ. Show all posts
Showing posts with label හේමන්ති රණසිංහ. Show all posts

Wednesday, April 8, 2015

නෑගම් යන යාළුවනේ

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අළුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අළුත් පැතුම් දළුලනවා හිත පිරෙන්න

තල් අරණේ ගිනි නිවන්න
සිනා වතක් මටත් දෙන්න
සිනා වතක් මටත් දෙන්න

සිනහවකට මඟ කියන්න
එන්න කඳුළු බෙදාගන්න
එන්න කඳුළු බෙදාගන්න

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අළුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අළුත් පැතුම් දළුලනවා හිත පිරෙන්න

හීන් හිරුට හිනාවෙන්න
යුද දුම පිසලන්න ඔන්න
යුද දුම පිසලන්න ඔන්න

කවි එළිවැට බිඳන් එන්න
ඒ අවි බිම තියමු ඔන්න
ඒ අවි බිම තියමු ඔන්න

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අළුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අළුත් පැතුම් දළුලනවා හිත පිරෙන්න

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ හේමන්ති රණසිංහ
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය - නවරත්න ගමගේ