ම් ම් ම්..
ම්.. ම් ම් ම් ම්...
බාලොලි ලොලි කියලා
පිදුරු ගොඩේ තියලා
නැළෙව්වා නුඹ විශ්මයෙන් මම
රුදුරු ඒ රෑ යාමේ
මතක පොත පෙරළේ
දිව්‍ය සිත මතුයේ
නුඹේ සිහිනය
මගේ සිහිනය පරාජිත නැහැ පුතේ
පරාජිත නැහැ පුතේ
ආ ආ ආ
ආ ආ ආ
ආ අආ ආ ආ
කුසට නුඹ ආ දා පටන්
අපමණක් නින්දා
මාත් සමඟින් දරා ගත් පුත
මාත් ඉන්නම් නඟිමු මේ හෙල
කඳුළු කුමටද මයෙ පුතේ
බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින්
නුඹේ මෙහෙවර නිම කරන් //
ආ ආ ආ
ආ ආ ආ
ආ අආ ආ ආ
නොදැන උන් පුතුනේ
සඳුන් ගස තැලුවේ
සුවඳ ගව් සිය පැතිරෙනා බව
මම දනිමි පුතුනේ
නුඹ මැරී වැටෙතත් බීජයක් ලෙස මැයි
දළු දමා මහ ගසන් වන බව
මම දනිමි පුතුනේ
කඳුළු කුමටද මයෙ පුතේ
බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින්
නුඹේ මෙහෙවර නිම කරන් //
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහින්ද නාමල්
තනුව - ඇන්ටන් ජයනන්ද පියනම