Showing posts with label වසන්තා මධුරාංගනී. Show all posts
Showing posts with label වසන්තා මධුරාංගනී. Show all posts

Monday, September 16, 2019

සක්විත්තෙක් වගේ ඉන්ට


සක්විත්තෙක් වගේ ඉන්ට
අස්වද්දන මේ යායම
හුලුඅත්තයි තල් අත්තයි
ඕනෙ නැතිය මයෙ බින්නෙට


අතන මෙතන කැලේ කොළේ ජෝඩු ජෝඩු
උන්නා
අව්ව වැස්ස රැය දවාල  

උන්ට නිනවු නැතිව ගියා

සක්විත්තෙක් වගේ ඉන්ට
අස්වද්දන මේ යායම
හුලුඅත්තයි තල් අත්තයි
ඕනෙ නැතිය මයෙ බින්නෙට


නැන්ද මාමා රැක බලාන මං පාඩුවෙ
උන්නා
උන්දැලාගෙ මුලු සේසත යෙ තනියට උරුම වුණා

සක්විත්තෙක් වගේ ඉන්ට
අස්වද්දන මේ යායම
හුලුඅත්තයි තල් අත්තයි
ඕනෙ නැතිය මයෙ බින්නෙට
...//

ගායනය - සහන් රන්වල සමග රන්වල බබලකාය
පද - සිසිර දිසානායක
නාද රටා - වසන්තා මධුරාංගනී


Sakvithek Wage Inta - Ranwala Balakaya

Thursday, September 12, 2019

සෙල් ලිපියක

සෙල් ලිපියක හල් අකුරක මුවාවෙලා
තේරුම සොයා බලා
පන්හිඳ අග තින්ත බිඳක් පොවා තියා
තේරුම ලියා තියා


කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

ඉස්කෝලේ නැති වේලේ (ඒ.....
ඉස්පාසුව නැත බාලේ
(ඒ.....

ගුංද ගතාං ගතිද ගතාං
ගුංද ගතාං ගතිද ගතාං


කල්ලිය හූ හඬ දෙන්නේ
සෙල්ලමටයි හිත යන්නේ

සෙල් ලිපියක හල් අකුරක මුවාවෙලා
තේරුම සොයා බලා
පන්හිඳ අග තින්ත බිඳක් පොවා තියා
තේරුම ලියා තියා


කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

දඟ කරලා අහුවූ දා (ආ...
ගුටි කාලා බයවූ දා
(ආ...

කුජී තකට තකු ජෙන කිඳ
කුජී තකට තකු ජෙන කිඳ

පොත් ගුල්ලෝ පන්නාලා
පොත් ගුණ්ඩී තනිවූවා


සෙල් ලිපියක හල් අකුරක මුවාවෙලා
තේරුම සොයා බලා
පන්හිඳ අග තින්ත බිඳක් පොවා තියා
තේරුම ලියා තියා

කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

 
කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

 කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

 කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

 

ගායනය - වසන්තා මධුරාංගනී සම සහන් රන්වල සහ පිරිස
පද - සිසිර දිසානායක
තනුව - වසන්තා මධුරාංගනී


Sel Lipiyaka - Wasantha Madhurangani

Saturday, January 14, 2017

සඳසාවී මා


සඳසාවී මා
සඳමඬලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා ...//

දෙමස්සිනාලා
මල් පැණි බීවා ... දෝ ...
බඹර කපන්ටා (බඹර කපන්ටා)
මන මතින් කරණම් ගැසුවාදෝ ....
තනිවූයේ මාවයි මයි මලයා
තනිවූයේ මාවයි මයි මලයා

සඳසාවී මා
සඳමඬලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා

සිත පෑරීලා
බඹරුන් ඇන්නා ... දෝ ....
අම්මා පල්ලා (අම්මා පල්ලා)
උන් ඒ වග දන්නේ නැතුවාදෝ ...
තනිවූයේ මාවයි මයි මලයා
තනිවූයේ මාවයි මයි මලයා

සඳසාවී මා
සඳමඬලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා

සඳ නිවුනි ද කියපන් මයෙ මලයා
සඳ නිවුනි ද කියපන් මයෙ මලයා

සඳ නිවුනි ද කියපන් මයෙ මලයා

ගායනය - වසන්තා මධුරාංගනී
පද රචනය - සිසිර දිසානායක
නාද රටා හා ස්වර සංකලනය - ලයනල් රංවල