Showing posts with label පල්ලේගම හේමරතන හිමි. Show all posts
Showing posts with label පල්ලේගම හේමරතන හිමි. Show all posts

Monday, November 21, 2022

මේ පින් බිමේ

මේ පින් බිමේ
මහමෙවුනා උයනේ
නිල් අහස රන්වන් වෙලා
මහ සෑ කොත් මුදුනේ


මිණි කිරණ දසත විහිදී
හඳ පායලා වගේ
නෙත සිත සනසා
බුදු සුවඳ ගලා ගිය

මහමෙවුනා උයනේ
අනුරාධපුර නගරේ


ගයා සිරස බෝ මැඩ වැඩ හිඳ විදුරසුනේ

කෙලෙස් මරුන් පරදා
සම්මා සම්බුදු පදවි ලබා


දෙදහස් හයසිය වසරට එළඹෙන
සිරි සම්බුද්ධත්ව ජයන්තියේ
අසිරිය පවසයි
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී

සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී

මේ පින් බිමේ
මහමෙවුනා උයනේ
නිල් අහස රන්වන් වෙලා
මහ සෑ කොත් මුදුනේ


මිණි කිරණ දසත විහිදී
හඳ පායලා වගේ
නෙත සිත සනසා
බුදු සුවඳ ගලා ගිය

මහමෙවුනා උයනේ
අනුරාධපුර නගරේ


දෙදහස් හයසිය වසරට එළඹෙන

සිරි සම්බුද්ධත්ව ජයන්තියේ
අසිරිය පවසයි
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී

ගායනය - කපිල බොරලැස්ස සමග විවියන් ද සිල්වා බොරලැස්ස
පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව හා සංගීතය - නවරත්න ගමගේ



Sunday, December 24, 2017

වියරු වැටී සිත්

වියරු වැටී සිත් මසුරන් ලොබිනේ
නොමිනිස්කම් පිරි ඔලගු කරේ ලා
සරති තැනින් තැන ජූජක බමුණෝ
පතා නොදරුවන් බැල මෙහෙවරටා
පතා නොදරුවන් බැල මෙහෙවරටා

අමා මියුරු ඵලවැල රහ වැටිලා
ඈත හිමේ ගිය අම්මාවරුනේ
මන්ද්‍රි දේවි දුටු බියකරු        සිහිනේ
නුඹට නොපෙනුණේ මන්දැයි නොදැනේ

වියරු වැටී සිත් මසුරන් ලොබිනේ
නොමිනිස්කම් පිරි ඔලගු කරේ ලා
සරති තැනින් තැන ජූජක බමුණෝ
පතා නොදරුවන් බැල මෙහෙවරටා
පතා නොදරුවන් බැල මෙහෙවරටා

ජීවිතයේ ගිරි දුර්ග මාවතේ
තලා මරා බැ ඳ ඇදගෙන යන්නේ
අප රැක ගන්නට තුලා බරක් දී
සඳ මහ නිරිඳුන් අද නැතිවාදෝ

වියරු වැටී සිත් මසුරන් ලොබිනේ
නොමිනිස්කම් පිරි ඔලගු කරේ ලා
සරති තැනින් තැන ජූජක බමුණෝ
පතා නොදරුවන් බැල මෙහෙවරටා
පතා නොදරුවන් බැල මෙහෙවරටා

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - විශාරද ගුණදාස කපුගේ

Monday, January 23, 2017

සඳ මඬල වී


සඳ මඬල වී ගුවනේ දිළෙයි
සඳ සිහිල වී හදවත රැඳෙයි
දුර ඈත සිටියත්.....
පාවී...
පාවී.. ආවත්
මඳ සුළඟ සේ ගත සිත නිවෙයි

ඵල බරව සෙවණ සදනා
තුඟු රුකකි නුඹ විසල්

ඵල බරව සෙවණ සදනා
තුඟු රුකකි නුඹ විසල්
ඒ මියුරු ඵල රස විඳීනා පින නැතත්
සිත තුටින් පිරීයයි

සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්

සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්
අද අහිමි වන දේ යළී
හෙට දෙපා මුල රැඳෙයි
මේ නොවෙද ජීවිතේ
ඉටු නොවන සිතුවිල්ල එයම වේ
ඉටු නොවන සිතුවිල්ල එයම වේ

ගායනය - නිරෝෂා විරාජිනී
පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව හා සංගීතය - නදීක ගුරුගේ

2014 දී තිරගතවූ "මහ රජ ගැමුණු" චිත්‍රපටියේ ගීයකි.

Thursday, December 29, 2016

ලොවේ දුක දැක

ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳුළක් නොහෙළුවේ නම්
ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්

දුගී දෑතට අත්වැලක් වී
දිරිය සවිබල නොපිරුවේනම්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්

ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳුළක් නොහෙළුවේ නම්
ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්

මගේ මේ ගී ඔබේ ළයගිනි
නිවනු වෙනුවට අවුළුවානම්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්

ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳුළක් නොහෙළුවේ නම්
ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්

ගායනය - විශරද ගුණදාස කපුගේ
පද රචනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - විශරද ගුණදාස කපුගේ

Thursday, December 8, 2016

අතීතය සිහිනයක් පමණයි

අතීතය සිහිනයක් පමණයි
හැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ ...//

තැනූ මන්දිර බිඳී වැටුණත්
නෙතේ කඳුළක් නෑ ..//
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ

අතීතය සිහිනයක් පමණයි
හැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ ...//
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිණුමක් නෑ

අතීතය සිහිනයක් පමණයි
හැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - නාලක අංජන කුමාර

Friday, September 30, 2016

ගැඹුරුයි දිය කඳ

ගැඹුරුයි දිය කඳ ගැඹුරුයි
වියරුයි දළ රළ වියරුයි
තොටුපොළ ඈතයි ඈතයි
හබල් ගසන්නට දෑතද නුහුරුයි
ඔරුවද අබලන්
කෙළෙසද ළං වන්නේ

දහසක් පීඩා දුක් ගිනි ජාලා
තැවී දැවී වැළපී
සේන්දුවන්නට පෙරුම් පුරා ආ
කෙම්බිම නොපෙනෙන්නේ

ගැඹුරුයි දිය කඳ ගැඹුරුයි
වියරුයි දළ රළ වියරුයි
තොටුපොළ ඈතයි ඈතයි
හබල් ගසන්නට දෑතද නුහුරුයි
ඔරුවද අබලන්
කෙළෙසද ළං වන්නේ

මතකය සොඳුරුයි මිරිඟුව හිනැහෙයි
කාලය ඉගිලෙන්නේ
දෑසද අඳුරුයි
මා සිත් සයුරේ
කුණාටු මතු වන්නේ

ගැඹුරුයි දිය කඳ ගැඹුරුයි
වියරුයි දළ රළ වියරුයි
තොටුපොළ ඈතයි ඈතයි
හබල් ගසන්නට දෑතද නුහුරුයි
ඔරුවද අබලන්
කෙළෙසද ළං වන්නේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - එඩ්වඩ් ජයකොඩි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ එළිදැක්මකි.

Monday, April 6, 2015

සත් මුතු පරපුරක් පුරා

සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ කුලඹරේ
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ ...//

සිනහ සපිරි මුසා බසින්
හිත රවටන්නා
නෙත පිනවා හිත රවටා
අත පුරවන්නා
ඉන් නොලදත් දන් දෙන්නට තරඟ වදින්නා
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ

සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ කුලඹරේ
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ

නුවරුන්ගේ දුක් ගින්දර
සන්සිඳවන්නා
සුර ලොව සැප සැණෙකින්
මිහි මතට ගෙනෙන්නා
කල දුටු කල වල ඉහිනා සිරිත රකින්නා
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළද සුරින්දෝ

සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ කුලඹරේ
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ  ...//

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

සරාගී නෙත් කැළුම්

සරාගී නෙත් කැළුම්
දවාලයි ළය මඬල
ඒ මිහිරි වේදනා
හැර නොයයි ජීවිතේ

කවුරු හඳුනා ඇතිද මේ ප්‍රේමයේ අරුමය
කඳුළු උල්පත් මවන

ප්‍රේම ආනන්දයෙන්
වැළඳගන්නා ලෙසින්
ප්‍රේම උන්මාදයෙන්
සමුගනී ජීවිතෙන්

කෙළෙස හැඳිනිය හැකිද මේ ප්‍රේමයේ අරුමය
කඳුළු උල්පත් මවන

යොවුන් සිත් අවුලන
ප්‍රේමයෙන් ඔබ තැවේ
මව් හදේ දළුලන
ප්‍රේමයෙන් ලොව නිවේ

කෙදින හැඳිනිය හැකිද මේ ප්‍රේමයේ අරුමය
කඳුළු උල්පත් මවන///

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - දර්ශන රුවන් දිසානායක

Saturday, April 4, 2015

බෝධියෙන් වට

යස්සමූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධිපාදපං

බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහෙදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙමි
බෝධියෙන් වට බෝ පතක් සේ

සැලෙන බෝපත් සෙමින් මුමුණන
මියුරු බුදුගුණ සරින් සැනහී
මුණිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙමි

බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහෙදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙමි
බෝධියෙන් වට බෝ පතක් සේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - පණ්ඩිත් ඩබ්.ඩීඅමරදේව