සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ කුලඹරේ
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ ...//
සිනහ සපිරි මුසා බසින්
හිත රවටන්නා
නෙත පිනවා හිත රවටා
අත පුරවන්නා
ඉන් නොලදත් දන් දෙන්නට තරඟ වදින්නා
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ
සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ කුලඹරේ
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ
නුවරුන්ගේ දුක් ගින්දර
සන්සිඳවන්නා
සුර ලොව සැප සැණෙකින්
මිහි මතට ගෙනෙන්නා
කල දුටු කල වල ඉහිනා සිරිත රකින්නා
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළද සුරින්දෝ
සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ කුලඹරේ
කූඨදත්ත මසුරු වෙළෙන්දෝ
වෙළඳ සුරින්දෝ ...//
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment