සීගිරි සීගිරි
සීගිරි සීගිරි
සීගිරි බිතු සිතුවම් අතරේ
සීගිරි බිතු සිතුවම් අතරේ
කවුරුද ඔබ රූ සිරි මැව්වේ
සීගිරි ගී කැටපත් පවුරේ
කවුරුද ඔබෙ පෙම් කවි ලිවුවේ
යුග යුග පසුකර එන්නැති පසු පස
සුවඳ සොයාගෙන සුපුරුදු සෙනෙහස
කලා වැවේ මහ දිය කඳ තරමට
කඳුළු සලන්නැති අපි වෙන් වෙන්නට
සීගිරි බිතු සිතුවම් අතරේ
කවුරුද ඔබ රූ සිරි මැව්වේ
සීගිරි ගී කැටපත් පවුරේ
කවුරුද ඔබෙ පෙම් කවි ලිවුවේ
දැන් දැන් ඒ යැයි මඟ බැලු භවයෙදි
සීගිරි ළඳකගෙ නිලුපුල් රතු වුණි
පා ඔසවන්නට අවසර නැති වුණි
හිත ඇවිදින් ඔබ තුරුලේ සැතපුණි
සීගිරි බිතු සිතුවම් අතරේ
කවුරුද ඔබ රූ සිරි මැව්වේ
සීගිරි ගී කැටපත් පවුරේ
කවුරුද ඔබෙ පෙම් කවි ලිවුවේ
සැක බිය ඇති තැන ඔබ හමුවෙන්නට
හිරු පායාවිද සන්සුන් ලොවකට
බලා හිඳී අවුකන බුදු පිළිමය
එදින බුදු රැසින් අප නහවන්නට
සීගිරි බිතු සිතුවම් අතරේ
කවුරුද ඔබ රූ සිරි මැව්වේ
සීගිරි ගී කැටපත් පවුරේ
කවුරුද ඔබෙ පෙම් කවි ලිවුවේ
ගායනය - අමරසිරි පීරිස් සහ ශෂිකා නිසංසලා
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
No comments:
Post a Comment