Showing posts with label ශ්‍රී නිහාල් ජයසිංහ. Show all posts
Showing posts with label ශ්‍රී නිහාල් ජයසිංහ. Show all posts

Friday, April 24, 2026

රන්වන් සිනා පෑ

රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ

කුමාරී කුමාරී කොහේදෝ මගේ ...//

මේ වේදනා ඈත පාවී ගියාවේ

කුමාරී කුමාරී කොහේදෝ මගේ


අනන්තේ දිගන්තේ සුළං රැල් ඇදේ

උදා වූ වසන්තේ මිහිරී නොවේ


දිවා රෑ ගෙවී යයි ලොවේහී මෙසේ

සරාගී වියෝ ගීත රාවේ ඇසේ


මේ කල්පනා සෝක සංකා මවන්නේ

කුමාරී කුමාරී කොහේදෝ මගේ


සුසුම් රැල් ගලාලා පැතුම් සුන් වෙලා

රුවන් තාරකා කෝ මොකෝ හැංගිලා


ශෘංගාර ගංගා දිලෙයි සාගරේ

දුරස් වෙන්නෙ ඇයි මා පැතූ ආදරේ


බලා ඉන්නවා මා ප්‍රියේ හුදකලාවේ

කුමාරී කුමාරී කොහේදෝ මගේ


රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ

කුමාරී කුමාරී කොහේදෝ මගේ

මේ වේදනා ඈත පාවී ගියාවේ

කුමාරී කුමාරී කොහේදෝ මගේ


ගායනය - එච්.ආර්. ජෝතිපාල

ගී පද - ශ්‍රී නිහාල් ජයසිංහ   

තනුව - ආර්.ඩී. බර්මන්

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1977 දී තිරගතවූ "ඇගේ ආදර කතාව" චිත්‍රපටියේ ගීයකි.


1971 දී භාරතයේ තිරගතවූ "ප්‍යාර් කී කහානී" නම් හින්දි  චිත්‍රපටයට  මොහොමඩ් රාෆි ගැයූ  'කොයි ඖර් දුනියා' ගීතයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය..

कोई और दुनिया में तुमसा हसीन है

नहीं है नहीं है नहीं है नहीं

कोई और दुनिया में तुमसा हसीन है

नहीं है नहीं है नहीं है नहीं

ऐडा ये नजर ये जहा में कही है

नहीं है नहीं है नहीं है नहीं


बुराई तेरी अगर जमाना करे

बया कोई जूता फ़साना करे

बुराई तेरी अगर जमाना करे

बया कोई जूता फ़साना करे

उठाये ये कस्मे हज़ारो मगर

याकि कैसे तेरा दीवाना करे

भला इस ज़माने का कोई यकी है

नहीं है नहीं है नहीं है नहीं

कोई और दुनिया में तुमसा हसीन है

नहीं है नहीं है नहीं है नहीं


जुड़ा है सभी से कहानी तेरी

जरा पास आ मेहरबानी तेरी

जुड़ा है सभी से कहानी तेरी

जरा पास आ मेहरबानी तेरी

तुझे देखता है घटाओं से चाँद

के है चांदनी भी दीवानी तेरी

किसी और का नाम क्या माहजबीं है

नहीं है नहीं है नहीं है नहीं

कोई और दुनिया में तुमसा हसीन है

नहीं है नहीं है नहीं है नहीं

ऐडा ये नजर ये जहा में कही है

नहीं है नहीं है नहीं है नहीं


Koi aur duniya mein tumsa haseen hai

Nahi hai nahi hai nahi hai nahi

Koi aur duniya mein tumsa haseen hai

Nahi hai nahi hai nahi hai nahi

Ada ye najar ye jaha me kahi hai

Nahi hai nahi hai nahi hai nahi


Burai teri agar jamana kare

Baya koi jutha fasana kare

Burai teri agar jamana kare

Baya koi jutha fasana kare

Uthaye ye kasme hazaro magar

Yaki kaise tera deewana kare

Bhala is jamane ka koi yaki hai

Nahi hai nahi hai nahi hai nahi

Koi aur duniya mein tumsa haseen hai

Nahi hai nahi hai nahi hai nahi


Juda hai sabhi se kahani teri

Jara pas aa meharbani teri

Juda hai sabhi se kahani teri

Jara pas aa meharbani teri

Tujhe dekhta hai ghatao se chand

Ke hai chandani bhi deewani teri

Kisi or ka nam kya mahjabi hai

Nahi hai nahi hai nahi hai nahi

Koi aur duniya mein tumsa haseen hai

Nahi hai nahi hai nahi hai nahi

Ada ye najar ye jaha me kahi hai

Nahi hai nahi hai nahi hai nahi


Singer - Mohammed Rafi

Lyricist - Anand Bakshi

Music Composer: Rahul Dev Burman

Movie - Pyar Ki Kahani (1971)




මේ තනුවටම එච්.ආර්. ජෝතිපාලයන් විසින් තවත් ගීයක් ගායනා කරන්නට යෙදුණා.

"ඔබ අහස මම පොළව" නම් එම ගීයයි මේ

ඔබ අහස මම පොළව එක්වන්න බැහැනේ

මොකෝ දැන් තරහවී වලව්වේ කුමාරී

දුර ආකාස අල්ලන්න ඉණිමං බඳින්නේ

මොකෝ දැන් තරහවී වලව්වේ කුමාරී

දුර ආකාස අල්ලන්න ඉණිමං බඳින්නේ

මොකෝ දැන් තරහවී වලව්වේ කුමාරී


දිළින්දාට කවුරුන් ද ආදරය පෑවේ

මේ මාලිගය අතුපැලට සමවන්නෙ නෑනේ...//

පෙර මහිමෙ පින් මහම නැතිවී අනේ

මේ ජීවිතය අඳුරේම තනිවී ඔහේ


දුර ආකාස අල්ලන්න ඉණිමං බඳින්නේ

මොකෝ දැන් තරහවී වලව්වේ කුමාරී


එදා වාගෙ හැමදාම මේ පාරෙන්

ඔබ එනවාදෝ මා ඉන්නම් ඉවසා ඉතින් ....//

පුරා චන්ද්‍රයා පායා නොපෙනී ගියා

අපේ පෙම් කතාවේ නිමාව තියා


දුර ආකාස අල්ලන්න ඉණිමං බඳින්නේ

මොකෝ දැන් තරහවී වලව්වේ කුමාරී


ඔබ අහස මම පොළව එක්වන්න බැහැනේ

මොකෝ දැන් තරහවී වලව්වේ කුමාරී

ගායනය - එච්.ආර්. ජෝතිපාල

පද - තිස්ස ඩයස්




ඉහත ගීයේ සජීවී ගායනයක වීඩියෝවක්..



ඉහත ගී තනුවට නුවන් ගුණවර්ධන මහතා ගැයූ ගීයක් ද ඇත.
"සොයා කදිර පුර දෙවොල" නම් එම ගීයයි මේ....

Thursday, July 9, 2020

මල් දුන්නේ මේ ලන්දූ

මල් දුන්නේ මේ ලන්දූ රැඳිලා දිනේ
ගී සින්දූ අම බින්දූ සවනේ පාවුණේ ...//
ආවාදෝ මේ රෑ සොයා
ආවාද මේ රෑ සොයාලා

මෙල් දුන්නේ මේ ලන්දූ රැඳිලා දිනේ
ගී සින්දූ අම බින්දූ සවනේ පාවුණේ ....//

හරි ලස්සණයි
ඔය ඇත්තමයි
ඔව් බොරු නොවෙයි
මං ආදරෙයි

මලවියාගෙ ගී හඬ මා ඇසුවා
දයාව ප්‍රීතිය ජීවිතයේ නැතුවා
ඔයාගෙ ආදර ගී හඬ මා ඇසුවා
දයාව ප්‍රීතිය ජීවිතයේ ලැබුවා
ඕ..
ගීතයේ රාවෙ පාවේ

මල් දුන්නේ මේ ලන්දූ රැඳිලා දිනේ
ගී සින්දූ අම බින්දූ සවනේ පාවුණේ ...//

රැජිණී මගේ
කුමරුන් මගේ
මුළු ජීවිතේ
මං ආදරෙයි

කුමාරිකාවකි සිනා රසේ පෑවා
ප්‍රියාදරී මගෙ සොයා සොයා ආවා ....//
ඕ..
ජීවිතේ ප්‍රීති ලෝකේ

මල් දුන්නේ මේ ලන්දූ රැඳිලා දිනේ
ගී සින්දූ අම බින්දූ සවනේ පාවුණේ ...//
ඕ..
ආවාදෝ මේ රෑ සොයා
ආවාද මේ රෑ සොයාලා

මල් දුන්නේ මේ ලන්දූ රැඳිලා දිනේ
ගී සින්දූ අම බින්දූ සවනේ පාවුණේ ...//
හ්ම් ම් ම්.. හ්ම් ම් ම්.. ම්.. ම්.. ම් ///

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - ආර්.ඩී. බර්මන්
සංගීතය - එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චින් චින් නෝනා" චිත්‍රපටියේ ගීයකි.

1974 දී තිරගතවූ "Ajnabee" චිත්‍රපටියට, කිෂෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගායනා කළ "Hum Dono Do Premi" ගීයේ තනුව මෙම ගීයට යොදා ගෙන ඇත.


Song - Mal Dunne Mal Landu
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Sri Nihal jayasinha
Composer - R.D. Burman
Movie - Chin Chin Nona

හින්දි ගීයේ පද

Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale

Ai baabuu kahaan jaibo re

Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale
Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale
Ho baabul kii aae mohe yaad
Jaane kyaa ho ab isake baad
Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale

Gaadi se kahedo chale tez majil hai door
Thoda safar ka maza lelo ay huzur
Gaadi se kahedo chale tez majil hai door
Thoda safar ka maza lelo ay huzur
O dekho na chedo na is tarah
Rasta kate phir kis tarah
Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale

Jaanaa kahaan hai bataa us shahar kaa naam
Le chal jahaan terii marzii ye teraa hai kaam
Jaanaa kahaan hai bataa us shahar kaa naam
Le chal jahaan terii marzii ye teraa hai kaam
Mujhape hai itanaa aitabaar
Maine kiyaa hai tujhase pyaar
Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale

He kyaa soch rahii ho
Huun main
Haan-haan
Kuchh bhii to nahi
Bolo naa kuchh to

Aisaa naa ho tuu kabhii chhod de meraa saath
Phir na kabhii kahanaa dil todane vaalii baat
Aisaa naa ho tuu kabhii chhod de meraa saath
Phir na kabhii kahanaa dil todane vaalii baat
Ho maine to kii thii dillagii
Achchhaa maine bhii kii thii dillagii
Ham donon do premii duniyaa chhod chale
Jiivan kii ham saarii rasmein tod chale.

हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले

ऐ बाबू कहाँ जैबो रे

हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले
हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले
हो बाबुल की ाए मोहे याद
जाने क्या हो अब इसके बाद
हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले

गाडी से कहदो चले  तेज़ मजिल है दूर
थोड़ा सफ़र का मज़ा लेलो आय हुज़ूर
गाडी से कहदो चले  तेज़ मजिल है दूर
थोड़ा सफ़र का मज़ा लेलो आय हुज़ूर
ओ देखो न छेड़ो न इस तरह
रास्ता काटे फिर किस तरह
हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले

जाना कहाँ है बता उस शहर का नाम
ले चल जहां तेरी मर्ज़ी ये तेरा है काम
जाना कहाँ है बता उस शहर का नाम
ले चल जहां तेरी मर्ज़ी ये तेरा है काम
मुझपे है इतना ऐतबार
मैंने किया है तुझसे प्यार
हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले

हे क्या सोच रही हो
हूँ मैं
हाँ-हाँ
कुछ भी तो नहीं
बोलो ना कुछ तो

ऐसा ना हो तू कभी छोड़ दे मेरा साथ
फिर न कभी कहना दिल तोड़ने वाली बात
ऐसा ना हो तू कभी छोड़ दे मेरा साथ
फिर न कभी कहना दिल तोड़ने वाली बात
हो मैंने तो की थी दिल्लगी
अच्छा मैंने भी की थी दिल्लगी
हम दोनों दो प्रेमी दुनिया छोड़ चले
जीवन की हम सारी रस्में तोड़ चले.

Song - Ham donon do premii
Singers - Kishore Kumar & Lata Mangeshkar
Lyricist - Anand Bakshi
Composer - R.D. Burman

Movie - Ajnabee (1974)

Wednesday, July 8, 2020

නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ

නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් උනත් මා මතකේ රැඳේ
හෝ හෝ හෝ නෙත් විලේ නිල්
ඕ හො මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැළවේ අනඟාවන්

නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් උනත් මා මතකේ රැඳේ

සුරංගනාවන් වාගේ මඳ පවන් සලා යන්නේ
කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ළඟ ඉන්නේ .....//
රෑ උනාවේ
නෑ නිදන්නේ
මේ නෙතු පතමි චංචල නෙත් යුග පා

නිසන්සලයි
නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් උනත් මා මතකේ රැඳේ

ලොවෙන් එකෙක් එක දේටයි
අපි අඩන්නෙ බැරි දාටයි
මලක් පිපේ හිත මත්තේ
ජය පරාජෙ පෙරළී යයි ...//

මා ඔබේ පෙම්
ජීවිතේ නම්
ගීතෙන් වෙළෙමී සියුමැලි රූ පෙරදා

නිසන්සලයි
නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් උනත් මා මතකේ රැඳේ

හෝ හෝ හෝ නෙත් විලේ නිල්
ඕ හො මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැළවේ අනඟාවන්

නිසන්සලයි
නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් උනත් මා මතකේ රැඳේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - (පහත විස්තරය බලන්න)
සංගීතය - එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චින් චින් නෝනා" චිත්‍රපටියේ ගීයකි.

1973 දී තිරගතවූ "Yaadon Ki Baaraat" චිත්‍රපටියට, ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි ගැයූ "Chura LiyaHai Tumne Jo Dil Ko" ගීයේ තනුව එහෙම් පිටින්ම උපුටා ගෙන සිංහල ගීය නිර්මාණය වූ බව පැහැදිලිය.
ඒත් ඔබ දන්නවාද රහුල් දේව් බර්මන් "Chura LiyaHai Tumne Jo Dil Ko" ගීයට melody එක ගත්තෙ කොහෙන්ද කියල.

නෙදර්ලන්ත ජාතික Bojoura නම් ගායිකාව, 1967 දී ගැයූ ගීයක් යුරෝපයේ අතිශය ජනප්‍රිය වෙනවා. ඒ "If It's Tuesday, This Must Be Belgium" යන ගීය. 
1969 දී අමෙරිකාවේදී තිරගතවුණා ආදර ප්‍රහසන අන්දරයක් රැගත් චිත්‍රපටියක්. එය නම් කෙරුණෙ අර ගීයේ නමින්. ඒ කියන්නෙ "If It's Tuesday, This Must Be Belgium" නමින්. Bojoura ගැයූ ගීය එහෙමම චිත්‍රපටියේ ඇතුළත් වෙනවා. අන්න ඒ ගීයෙන් තමා රහුල් දේව් බර්මන් "Chura LiyaHai Tumne Jo Dil Ko" ගීයට තනුව උකහා ගත්තෙ.


Song - Nisansalai Seethai Re Gewenne
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Sri Nihal Jayasinha
Music - M.K. Rocksamy
Movie - "Chin Chin Nona" 1977

හින්දි ගීයේ පද

churaa liyaa hai tum ne jo dil ko
nazar nahi churaanaa sanam
badal ke meri tum zidagaani
kahi badal na jaanaa sanam

le liyaa dil, haay meraa dil
haay dil lekar mujhako naa bahalaanaa
churaa liyaa churaa liyaa hai

bahaar ban ke aaun kabhi tumhaari duniyaa me
guzar na jaae ye din kahi isi tamannaa me
tum mere ho, haan tum mere ho
aaj tum itanaa vaadaa karate jaanaa
churaa liyaa churaa liyaa hai

sajaaungaa lut kar bhi tere badan ki doli ko
lahu jigar kaa dungaa hasi labo ki laali ko
hai vafaa kyaa, is jahaan ko
ek din dikhalaa dungaa mai divaanaa
churaa liyaa churaa liyaa hai

le liyaa dil, haay meraa dil
haay dil lekar mujhako naa bahalaanaa
churaa liyaa churaa liyaa hai

चुरा लिया है तुम ने जो दिल को
नज़र नहीं चुराना सनम
बदल के मेरी तुम ज़िंदगानी
कहीं बदल न जाना सनम

ले लिया दिल, हाय मेरा दिल
हाय दिल लेकर मुझको ना बहलाना
चुरा लिया... चुरा लिया  है ...

बहार बन के आऊँ कभी तुम्हारी दुनिया में
गुज़र न जाएं ये दिन कहीं इसी तमन्ना में    
तुम मेरे हो, हाँ तुम मेरे हो
आज तुम इतना वादा करते जाना 
चुरा लिया ... चुरा लिया है ...

सजाऊँगा लुट कर भी तेरे बदन की डोली को
लहू जिगर का दूँगा हंसीं लबों की लाली को
है वफ़ा क्या,  इस जहाँ को
एक दिन दिखला दूँगा मैं दीवाना
चुरा लिया...  चुरा लिया है ...

Singers - Asha Bhosle & Mohammad Rafi
Lyricist - Majrooh Sultanpuri
Music - R.D. Burman
Movie - Yaadon Ki Baaraat

Year - 1973

If It's Tuesday, This Must Be Belgium ගීයේ පද

If it's Tuesday this must be Belgium
If it's Wednesday this must be Rome
If it's Thursday this must be Montreal
I fear I never wanna go home

If this is London why ain't it raining?
The sun is shining on St. Paul's dome
If this is real then I must be dreaming
Can't wait to tell the folks back home

Can't wait to tell the folks back home

If it's Tuesday this must be Belgium
If it's Wednesday this must be Rome
If it's Thursday this must be Montreal
I fear I never wanna go home

I fear I never wanna go home

Lyricist - Donovan Leitch
Composer - Walter Scharf



වන්දනා ව්ශ්වාස්, මුල් ගීය හා "චුරාලියා" යන ගී දෙකම වේදිකාවේ ගයා මූලාශ්‍ර පෙන්වා සිටි වීඩියෝවක්. ..





සුජාතා අත්තනායක මහත්මිය, මේ ගී තනුවටම ගැයූ තවත් ගීයක්

අනංග දේශේ කුමරා වඩින්නේ
සුරංගනාවන් රහසේ රඟන්
නිසන්සලේ මා හද පෙම් සරන්නේ
අනංග බැල්මෙන් මත්වූ තරම්

පේන මානේ
චාරිකාවේ
මතු යමි අපි දෙන්නා අත්වැල් පටලා
නදී තෙරේ

අනංග දේශේ කුමරා වඩින්නේ
සුරංගනාවන් රහසේ රඟන්
නිසන්සලේ මා හද පෙම් සරන්නේ
අනංග බැල්මෙන් මත්වූ තරම්

අතීතයේ මල් පාරේ ඇසේ වසන්ත ගී රාවේ
රිදී පහන් වැටි දල්වා ඉතින් වඩින්න දෝලාවේ
තාරකාවෝ
මල් ලතාවෝ
අර ඉඟි කළ දා මෙන් කෝමල තාලෙන් හොරෙන් බලා

අනංග දේශේ කුමරා වඩින්නේ
සුරංගනාවන් රහසේ රඟන්
නිසන්සලේ මා හද පෙම් සරන්නේ
අනංග බැල්මෙන් මත්වූ තරම්

නැකැත් අරන් එන කාලේ හිතේ රුවන් පියුම් පීදේ
යාන්තමින් රෑ සිහිනෙන් ඇසේ රබන් සුරල් නාදේ
චන්ද්‍රයාගේ
ඉන්ද්‍රචාපේ
ඔබ ළංවෙන මා වෙත නුපුරුදු ගීතය
සවන් දෙමී

අනංග දේශේ කුමරා වඩින්නේ
සුරංගනාවන් රහසේ රඟන්
නිසන්සලේ මා හද පෙම් සරන්නේ
අනංග බැල්මෙන් මත්වූ තරම්
ලලල්ලා ලා...
ලලල්ලා ලා...
ලලල්ලා ලා...
ලලල්ලා ලා...

ගායනය - සුජාතා අත්තනායක
පද රචනය - කවරෙකුගේ දැයි නොදනී
තනුව - Walter Scharf

මන්මත් කරවන වීණා රාවේ

මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

සඳපහනේ තුරු සෙවණැලි අතරේ
සඳපහනේ තුරු සෙවණැලි අතරේ
සැඟවී සුරඟන සවන යොමාවී
කිසිවෙකු එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
කුසගිණි ඇතිවුන් එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

වරුණ දෙවිඳුගේ දුන්නේ පැහැයෙන්
වරුණ දෙවිඳුගේ දුන්නේ පැහැයෙන්
සිතුවම් ඇඳ බටහිර අහසේ
සිතුවම් ඇඳ බටහිර අහසේ
වැහි කළු තිරයෙන් වසා දමයි
කිසිවෙක් එය ඇසුවාදෝ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ
මන්මත් කරවන වීණා රාවේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - ලයනල් අල්ගම
1976 දී තිරගතවූ "ප්‍රදීපේ මා වේවා" චිත්‍රපටියේ ගීයකි.



Song - Manmath Karawana Veena Rawe
Singer - H.R. Jothipala
Lyricist - Sri Nihal Jayasinha
Composer - Lionel Algama
Movie - Pradeepe Ma Wewa (1976)

තටු ලැබුණා

තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //
සමනල සේනා මාව සොයා ආවා
තුඩ තුඩ ගාවා රහස හොරෙන් කීවා
කිරි උතුරා යයි සාර බිමේ සෝබා
තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //

මේ නිල් පොළවේ ගහ කොළ නැළවේ
ගංගා බැස යයි ඉසුරින් බරවේ .....//
රන් බත සුවඳයි ජීවන උරුමේ
ආපහු පිටුපා යන්නට නොසිතේ
තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //

ඩාදිය වැගිරී වැලි මත පොළවේ
සාගින්නට කිරි කඳුළු බිඳක් වේ ....//
මේ පිය සටහන් මතු නොමැකෙන්නේ
ආසිරි වැහි බිඳු දෙරණ සිඹින්නේ

තටු ලැබුණා දැන් මිහිරි සුවේ නෑවා //
මිහිරි සුවේ නෑවා
මිහිරි සුවේ නෑවා
මිහිරි සුවේ නෑවා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - ලයනල් අල්ගම
1976 දී තිරගතවූ "ප්‍රදීපේ මා වේවා" චිත්‍රපටියේ ගීයකි.




Song - Thatu Lebuna
Singer - H.R. Jothipala
Lyricist - Sri Nihal Jayasinha
Composer - Lionel Algama
Movie - Pradeepe Ma Wewa (1976)