අනන්ථ ගී මා මුවෙන් ගිලිහිලා ඇතේ
මෙවන් සුපෙම් ගීතයක් පෙර ගයා නැතේ
දිනෙන් දිනම මහද ඔබගෙ හදට යා කෙරේ
ඔබෙන් හැඳින ඉගෙන ගතිමි පරම ආදරේ
දිවියෙ දස අතේ
එළිය විහිදෙතේ
රුවන් පහන මාවතේ ඔබය පිය කතේ
සුළං රැලක ඔබේ සුවඳ මමයි ගෙනෙන්කේ
නෙතින් නොදැක දුරස් වුවද සිතින් ගතින්නේ
හෙමින් එනු දැනේ
ළඟින් ඉනු පෙනේ
සහන් සුවය පිය සෙනේ නිබඳ දෙනු මැනේ
අනන්ථ ගී මා මුවෙන් ගිලිහිලා ඇතේ
මෙවන් සුපෙම් ගීතයක් පෙර ගයා නැතේ ...//
ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු
මෙවන් සුපෙම් ගීතයක් පෙර ගයා නැතේ
දිනෙන් දිනම මහද ඔබගෙ හදට යා කෙරේ
ඔබෙන් හැඳින ඉගෙන ගතිමි පරම ආදරේ
දිවියෙ දස අතේ
එළිය විහිදෙතේ
රුවන් පහන මාවතේ ඔබය පිය කතේ
සුළං රැලක ඔබේ සුවඳ මමයි ගෙනෙන්කේ
නෙතින් නොදැක දුරස් වුවද සිතින් ගතින්නේ
හෙමින් එනු දැනේ
ළඟින් ඉනු පෙනේ
සහන් සුවය පිය සෙනේ නිබඳ දෙනු මැනේ
අනන්ථ ගී මා මුවෙන් ගිලිහිලා ඇතේ
මෙවන් සුපෙම් ගීතයක් පෙර ගයා නැතේ ...//
ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු