Showing posts with label සී.ටී. ප්‍රනාන්දු. Show all posts
Showing posts with label සී.ටී. ප්‍රනාන්දු. Show all posts

Thursday, July 23, 2026

හිමේ සමන් දෙවි පිහිටෙන්

හිමේ සමන් දෙවි පිහිටෙන්
හරියයි අපි ආපු වැඩේ
ගමේ ගොඩේ ඉන්න තරම්
තරුණ ගැටව් කෝපි කඩේ

අපි ආ තැන වැරදි වී ද

හැළප තලප කැවුම් කොකිස්
ආස්මි අතිරස අතිරහ කෑමට
ගලප ගලප විරිඳු කියමි

කෝපි ⁣කෝප්පය බීමට


රඹ කිඳ කිඳ රබන් කිකිඳ


අණ්ඩක් නැති ලණු දිරච්ච

පුටු දෙකකට බලියාගෙන

නින්දක් නිදි ටයිගරයා

හොම්බේ දැලි තවරා ගෙන


හබුන් කටයි බත් දෙකටයි


කෙකර ගගා දඟල දඟල

දුම් දමනව බොයිලේරුව

හැකර කටක් බුලත් කකා

ඇද බානව කයිවාරුව


කෙක් කෙක් කෙක් කෙකර ලියා

හදිස්සියට සීනි නොදැම්මත්

පැණි රහ නම් දැනෙනව

ළමිස්සියන් හදන කෝපි

බිව්වම ඇඟ පාට වෙනව


හැබැයි හැබැයි බොරුත් හැබැයි


රූපිකාවො මැද තිබ්බත්

හොඳට හැඩයි ඇහැට කනට

සාපින් කෑවත් නැතුවත්

බණ්ඩිය පිරෙනවා පිනට


පැන පැන දෙයි දෙන දෙයියෝ


ඇසිල්ලකට වත් නෑ මේ

බංකු කොටේ හිස් වන්නේ

කෙසෙල් පතනෙ කවුන්සලය

කෝපි කඩෙයි රැස්වෙන්නේ


බුලත් හපයි දුටත් සැපයි


සණ්ඩු කරන්නේ මොකටද

කට කෑවත් කවි මාගේ

වණ්ඩු ආප්පය බලන්න

පාණ්ඩු හැදිලා වාගෙයි


ඇත්ත කියා පැත්ත කන්න


ළමිස්සියකි ජොහයියාගෙ

දෝනියැන්දැ නොගිය දීගෙ

මිරිස් කරල වගේ සැරයි

ලස්සන ගිනි කිකිළි වාගෙ


හිනාවටම බඩ පිරෙනව


බොහොම ජයයි ජාවාරම

සරස්වතිය ළඟට වඩී

මෙහෙම ගෑනු ළමයි ඉන්න

කඩපිල්වල මැස්⁣සො වැඩී


මදුරුවො බෝ වෙන්නෙ නැද්ද


සබේ බොහොම ජය කාරයො

අද ඉන්නා බව දන්නව

සතේ පටන් රිදී කාසි

දුන්නොත් අපි පිළිගන්නව


සල්ලී දෙයියන්ගෙ මල්ලි


ගායනය - ඇන්ජලින් ද ලැනරෝල් සමග සී.ටී. ප්‍රනාන්දු

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1958 දී තිරගතවූ "දෙයියන්නෙ රටේ" චිත්‍රපටියෙනි.




මේ විරිදු ගායනයේ සිනමා රූප රාමු



Friday, July 26, 2019

අනන්ථ ගී

අනන්ථ ගී මා මුවෙන් ගිලිහිලා ඇතේ
මෙවන් සුපෙම් ගීතයක් පෙර ගයා නැතේ

දිනෙන් දිනම මහද ඔබගෙ හදට යා කෙරේ
ඔබෙන් හැඳින ඉගෙන ගතිමි පරම ආදරේ
දිවියෙ දස අතේ
එළිය විහිදෙතේ
රුවන් පහන මාවතේ ඔබය පිය කතේ

සුළං රැලක ඔබේ සුවඳ මමයි ගෙනෙන්කේ
නෙතින් නොදැක දුරස් වුවද සිතින් ගතින්නේ
හෙමින් එනු දැනේ
ළඟින් ඉනු පෙනේ
සහන් සුවය පිය සෙනේ නිබඳ දෙනු මැනේ

අනන්ථ ගී මා මුවෙන් ගිලිහිලා ඇතේ
මෙවන් සුපෙම් ගීතයක් පෙර ගයා නැතේ ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු

මා ඔබ හමුවූ දා

මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා

ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා


සන්තෝසේ ආසාවේ මහිමේ කියා
මගෙ දෑසයි ඔබෙ දෑසයි පාවී ගියා


පැතුවා සේ සිතුවා සේ හමුවී සොයා
අද ආයේ දුටුවා ඔයා


මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා

ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා


සැනසිල්ල නැළවිල්ල පිරිලා සිතේ
ඔබෙ බැල්ම මගෙ බැල්මෙ රැඳිලා ඇතේ


සිත මාගේ මලවාගේ පුබුදා තියා
අද ආයේ දුටුවා ඔයා


මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා

ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා


ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා


ගායනය - රුක්මණී දේවි සමග සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ස්ටැන්ලි පීරිස්

සුන්දර සෝබන ගම්මානේ

සුන්දර සෝබන ගම්මානේ
මල් මැද මල විලසේ
ආදර වෑහෙන රන් මූණේ
කොයි යනවද දිගැසේ


මා කුඹුරේ සිට මුලු දවසේ
දෑත දෙපා වෙහෙසේ
පැලට යන්නෙමි මම මගේ
සැන්දෑ වුණා සුහදේ


තනියේ ඇයිද පිය ළඳේ
මන්ද යන්නේ මෙසේ

තනි නෑ පුරුදු මේ ගමේ
අන්න සඳ පායා එන්නේ

ඔබ හා එන්න මග දිගේ
කැමති නැතිදෝ ළඳේ

දන්නවා නේද ගම අපේ
පැතිරේවි නොඇසූව දේ


හමුවී දිනක නිදහසේ
ඉන්න ඕනේ ප්‍රියේ

කවදා කෙලෙස එම ලෙසේ
වෙයිද දන්නේ නැතේ

සිතනා විලස සිදු නොවේ
නොසිතු දේමයි වුණේ

එහෙම නේ ලෝකෙ ජීවිතේ
හැමදාම පතමින් තැවේ


සුන්දර සෝබන ගම්මානේ
මල් මැද මල විලසේ
ආදර වෑහෙන රන් මූණේ
කොයි යනවද දිගැසේ

මා කුඹුරේ සිට මුලු දවසේ
දෑත දෙපා වෙහෙසේ
පැලට යන්නෙමි මම මගේ
සැන්දෑ වුණා සුහදේ
සැන්දෑ වුණා සුහදේ
සැන්දෑ වුණා සුහදේ

ගායනය - රුක්මණී දේවි සමග සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ස්ටැන්ලි පීරිස්

සැණකෙළියේ මා හමුවේ

සැණකෙළියේ මා හමුවේ ඔබෙ වත රැඳුණේ
හද අඹරේ පුර හඳ සේ ඔබෙ වත රැඳුණේ
මඳ අඳුරේ පෙම් රැහැනේ ඈ මා බැඳුණේ
දිවි අරණේ දෙව් දුව සේ ඈ ළංවූයේ

ඈ මා නෙතේ මා සිතේ පා වුණා
අපගේ පැ.ුම් නිදහසේ ළංවුණා
අභිෂේක වී ඈ මගේ පෙම් විජිතයේ ජීවිතේ
ඈ මා හදේ රුව තබා වෙන්වුණා

මේ වන තුරා ඈ නිසා මා හදේ
මතුවූ හැඟුම් වැලපුණා කැළඹුණා
යළි ඒ වගේ ඈ සොයා පෙරදා වගේ මා ගියා
ඒ මුත් ඇගේ රුව නැතේ හමුවුනේ

සැණකෙළියේ මා හමුවේ ඔබෙ වත රැඳුණේ
හද අඹරේ පුර හඳ සේ ඔබෙ වත රැඳුණේ
මඳ අඳුරේ පෙම් රැහැනේ ඈ මා බැඳුණේ
දිවි අරණේ දෙව් දුව සේ ඈ ළංවූයේ
දිවි අරණේ දෙව් දුව සේ ඈ ළංවූයේ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සී.ටී. ප්‍රනාන්දු

Thursday, July 25, 2019

සුනිල වරලස මුදන්නී

එතනා රන් එතනා
එතනා රන් එතනා

සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී ...//

උපුල් බැල්මෙන් බලන්නී
දෙබැම දේදුනු නගන්නී ...//

කොපුල් තල රතු කරන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

ළයෙහි රන් තුඩු දරන්නී
දෑතෙ ඇත් දළ රකින්නී ..//

හුරතලා පා නගන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

ගායනය - සි.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සි.ටී. ප්‍රනාන්දු

හිමේ සමන් දෙවි පිහිටෙන්

හිමේ සමන් දෙවි පිහිටෙන් හරියයි අපි ආපු වැඩේ
ගමේ ගොඩේ ඉන්න තරම් තරුණ ගැටව් කෝපි කඩේ
අපි ආ තැන වරදීවිද

හැලප තලප කැවුම් කොකිස් ආස්මි අතිරහ කෑමට
ගලප ගලප විරිඳු කියමි කෝපි කෝප්පය බීමට
රඹ කිඳ කිඳ රබන් කකිඳ

අණ්ඩක් නැති ලණු දිරච්ච පුටු දෙකකට බලියාගෙන
නින්දක් නිදි ටයිගරයා හොම්බේ දැලි තවරාගෙන
අබුං කටයි බත් දෙකටයි

කෙකර ගගා දඟල දඟල දුම් දමනව බොයිලේරුව
හැකර කටක් බුලත් කකා ඇදබානව කයිවාරුව
කෙක් කෙන් කෙක් කෙකරලියා

හදිස්සියට සීනි නොදැම්මත් පැණි රහ නම් දැනෙනව
ළමිස්සියන් හදන කෝපි බිව්වම ඇඟ පාට වෙනව
හැබැයි හැබැයි බොරුත් හැබැයි

රූපිකාවො මැද තිව්වත් හොඳට හැඩයි ඇහැට කනට
සාපින් කෑවත් නැතුවත් බණ්ඩිය පිරෙනවා පිනට
පැන පැන දෙයි දෙන දෙයියෝ

ඇසිල්ලකටවත් නෑ නේ බංකු කොටේ හිස් වන්නේ
කෙසෙල්පතනෙ කවුන්සලය කෝපි කඩෙයි රැස්වන්නේ
බුලත් හපයි දුටත් සැපයි

සණ්ඩු කරන්නේ මොකටද කට කෑවත් කවි මාගෙයි
වණ්ඩු ආප්පය බලන්න පාණ්ඩු හැදිලා වාගෙයි
ඇත්ත කියා පැත්ත කන්න

ළමිස්සියකි ජොහයියාගෙ දෝණියැන්දා නොගිය දීගෙ
මිරිස් කරල වගේ සැරයි ලස්සණ ගිණි කිකිළි වාගෙ
හිනාවටම බඩ පිරෙනව

බොහොම ජයයි ජාවාරම සරස්වතිය ළඟට වඩී
මෙහෙම ගෑණු ළමයි ඉන්න කඩපිල්වල මැස්සො වැඩී
මදුරුවො බෝ වෙන්නෙ නැද්ද

සබේ බොහොම ජය කාරයො අද ඉන්නා බව දන්නව
තඹේ පටන් රිදී කාසි දුන්නොත් අපි පිළිගන්නව
සල්ලියි දෙවියන්ගෙ මල්ලි

ගායනය - සී.ටී. ප්‍රනාන්දු සමග ඇන්ජලින් ගුණතිලක (එවකට ඇන්ජලින් ද ලැනරෝල්)
පද - කරුණාරත්න අබේසේකර
සංගීත සංකලනය - පී.එල්.ඒ. සෝමපාල (සම්ප්‍රදායික විරිඳු නාද රටා ඇසුරෙන්)

1958 දී තිරගතවූ දෙයියන්නෙ රටේ චිත්‍රපටියෙනි.

සෝබනලු කොළඹ

සෝබනලු කොළඹ මේ ගම හැර යනව ඒ පුරේ //
එහි තියෙනවාලු දියුණු වෙන්න හොඳම මන්තරේ

රස්සාවක්..
හම්බවෙයිද?

මොනවාගෙ ඇත්ද කියල බලමු කොළඹ සුරපුරේ
හරි යයිද මන්ද නැකැත් රාළ කියපු සාත්තරේ

සුර ලෝකෙ කියල ආවෙ වැඩක් සොයා ගන්නටයි
දැන් මේව දැකල මට හිතෙන්නෙ ගෙදර යන්නටයි

අර ඇණුම් බැණුම් විකාරයකි මොකද කොට ගවුම්
නෝන මෝට බයිසිකලෙන් ගසන හැටි රවුම්

මෙහෙ නැත්තෙ මොකද අපේ ගමේ අහංසක පෙනුම
අයියෝ මේකද මේ කොළඹ කිව්වෙ

සුර ලෝකෙ කියල ආවෙ වැඩක් සොයා ගන්නටයි
දැන් මේව දැකල මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
සුර ලෝකෙ කියල ආවෙ වැඩක් සොයා ගන්නටයි

බඩු භාගෙ රාත්තලට තිරති තරාදිය හොරයි
තඹ පිත්තල මුදු මාල රත්තරන්ය කියල දෙයි

කන්තෝරුවෙ වැඩ වෙලාවෙ රේස් පොත බලයි
කොහෙ බැලුවත් හොර බුකියයි හොර සුරා පොළයි

මේක කොළඹ නම් දෙයියනෙ අපේ ගම හොඳයි
මේවගෙ අයමද කොළඹ ඉන්නෙ

දැන් මේව දැකල මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
සුර ලෝකෙ කියල ආවෙ වැඩක් සොයා ගන්නටයි
දැන් මේව දැකල මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
දැන් මේව දැකල මට හිතෙන්නෙ ගෙදර යන්නටයි

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1965 දී තිරගතවූ හතර මහා නිධානය චිත්‍රපටියේ ගීයකි.


හින්දි චිත්‍රපටි ගීය

आशिक हू अपने प्यार के जोहर दिखाऊंगा

आशिक हू अपने प्यार के जोहर दिखाऊंगा

नज़रे मिलके दिल मे तेरे घर बनाऊंगा

झूठ by god

नज़रे मिलके दिल मे तेरे घर बनाऊंगा

आशिक हू अपने प्यार के जोहर दिखाऊंगा


दिल की जमी पे डालके बुनियाद प्यार की

दीवार एक उठाऊँगा सब्रो करार की

दिल की जमी पे डालके बुनियाद प्यार की

दीवार एक उठाऊँगा सब्रो करार की

फिर उसमे इंतज़ार की खिड़की लगाऊंगा

अरे सर्मना जानेकुमार

फिर उसमे इंतज़ार की खिड़की लगाऊंगा

नज़रे मिलके दिल मे तेरे घर बनाऊंगा

आशिक हू अपने प्यार के जोहर दिखाऊंगा


उलफत की शानदार इमारत के वास्ते

लाऊंगा आसमान के तारे भी तोड़के

उलफत की शानदार इमारत के वास्ते

लाऊंगा आसमान के तारे भी तोड़के

मखमल ना मिल सकेगी तो आँखे बिछाऊंगा

import बंद है ना darling

मखमल ना मिल सकेगी तो आँखे बिछाऊंगा

नज़रे मिलके दिल मे तेरे घर बनाऊंगा

आशिक हू अपने प्यार के जोहर दिखाऊंगा


नक्शा बड़ा अज़ीब है दिल के मकान का

मुश्किल से इसमे होगा गुजर मेहमान का

नक्शा बड़ा अज़ीब है दिल के मकान का

मुश्किल से इसमे होगा गुजर मेहमान का

ओर मेरा क्या है मैं तो कही बैठ जाऊंगा

अपुन तो घर का आदमी है ना हा

ओर मेरा क्या है मैं तो कही बैठ जाऊंगा

नज़रे मिलके दिल मे तेरे घर बनाऊंगा

आशिक हू अपने प्यार के जोहर दिखाऊंगा


Aashiq hu apne pyar ke johar dikhaunga

Aashiq hu apne pyar ke johar dikhaunga

Nazre milake dil mein tere ghar banaunga

Nazre milake dil mein tere ghar banaunga

Aashiq hu apne pyar ke johar dikhaunga


Dil ki jami pe dalke diwar pyar ki

Diwar ek uthaunga sabro karar ki

Dil ki jami pe dalke diwar pyar ki

Diwar ek uthaunga sabro karar ki

Fir usme intzar ki khidki lagaunga

Fir usme intzar ki khidki lagaunga

Nazre milake dil mein tere ghar banaunga

Aashiq hu apne pyar ke johar dikhaunga


Ulfat ki shandar imarat ke waste

Launga aasman ke tare bhi todke

Ulfat ki shandar imarat ke waste

Launga aasman ke tare bhi todke

Makhmal apne pyar ke johar dikhaunga


Naksha bada azib hai dil ke makan ka

Mushkil se isme hoga gujar mehman ka

Naksha bada azib hai dil ke makan ka

Mushkil se isme hoga gujar mehman ka

Aur mera kya hai main to kahi baith jaunga

Aur mera kya hai main to kahi baith jaunga

Nazre milake dil me tere ghar banaunga

Aashiq hu apne pyar ke johar dikhaunga

Aashiq hu apne pyar ke johar dikhaunga


Singers - Mohammed Rafi

Lyricist - Shakeel Badayuni

Music Composer -(Ravi) Ravi Shankar Sharma 

Movie - Kaun Apna Kaun Paraya (1963)

Starring - Vijay Kumar, Waheeda Rehman, Johny Walker, Dulari



අසරණයා දුගී

අසරණයා දුගී
දුකින් නොම කා නොබී

එදා වේල ගෙවන්නේ
කවුරුන්ද බලන්නේ

අසරණයා දුගී
දුකින් නොම කා නොබී
එදා වේල ගෙවන්නේ
කවුරුන්ද බලන්නේ

ධනපතියෝ ඇතී
ටිකක් සොයලා බලා
ඇයි පිහිට නොවන්නේ
මොනවාද කරන්නේ

හංහ්.. හහ් හහ්

මේ වාගේ පොඩි දරුවන් කොපමණ ඇත්දෝ
අනාගතේ මේ විදියට කොහොමට වෙත්දෝ ...//

අනුකම්පා හා කරුණා මෛත්‍රී දයා
සමාජයෙන් මම අසවෙමි කොයිදෝ කියා

අසරණයා දුගී
දුකින් නොම කා නොබී
එදා වේල ගෙවන්නේ
කවුරුන්ද බලන්නේ

ධනපතියෝ ඇතී
ටිකක් සොයලා බලා
ඇයි පිහිට නොවන්නේ
මොනවාද කරන්නේ

හංහ්.. හහ් හහ් හහ්

මේ වාගේ පොඩි දරුවන් කොපමණ ඇත්දෝ
අනාගතේ මේ විදියට කොහොමට වෙත්දෝ ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1965 දී තිරගතවූ හතර මහා නිධානය චිත්‍රපටියේ ගීයකි.

නෝන පොල්ල සෙල්ලම

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව


එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


හිටපු ගමන් තඹ සතයක් නෑ අතේ
නෑ අතේ
අද ලැබෙනව හෙටම යනව
අනිද්ද පෝසත්තු වෙනව


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


අපෙ ඉරණම තියෙනවාද කා අතේ
කා අතේ
දවල් පතට කඩල ගොටුව
රෑ හපන්නෙ කුකුල් කටුව


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


අපේ අනාගතේ ලියා නෑ පොතේ
නෑ පොතේ
සොයාගන්න ගෝස්තරේ
අපි දන්නව සාස්තරේ


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


සෝමාවතී පත්මාවතී
මෙහි නැතේ
මෙහි නැතේ
..//

සොපිය පොපියා පොපියා එනව
දැක්ක දාට බඩ පිරෙනව
...//

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව


එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


ගායනය - එම්.එස්. ප්‍රනාන්දු, සි.ටී. ප්‍රනාන්දු සහ පිරිස
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස
1971 දී තිරගතවූ "සමනල කුමරියෝ" චිත්‍රපටියේ ගීයකි

මී වදයකී ජීවිතේ

මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා ගුමු ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ

මලින් මලට පියඹමූ
තුඩින් තුඩට රොන් ගමූ
ලියන් තමා රස ඉහිරෙණ මල් වැල්
ඔවුන් සොයාගෙන යමූ

හිරු නාවාදෙන්
සඳ ගිලුණාදෙන්
ඉන්නා ටික කාලෙදී
රසට රසක් වී මිහිරට එක්වී
අපි වෙමු මී මැසි පොදී

මී මැස්සෝ ඔබයි මමයි
මී මැස්සියෝ ළඳුන් තමයි

මී මැස්සෝ (මී මැස්සෝ)
ඔබයි මමයි (ඔබයි මමයි)
මී මැස්සියෝ ළඳුන් තමයි

මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා ගුමු ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ

ලස්සණ දේ ගැන ඇස් ඇදිලා යයි
සිරිබර විසිතුරු ලොවේ
දකින දැකුම් සිත වසඟනරාලයි
දෑසට දේ රස සුවේ

සන්තෝසෙයි දුකයි සැපයි
සාදා දෙන්නේ අපේ හිතයි

සන්තෝසෙයි (සන්තෝසෙයි)
දුකයි සැපයි (දුකයි සැපයි)
සාදා දෙන්නේ අපේ හිතයි

මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා ගුමු ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ

මලින් මලට පියඹමූ
තුඩින් තුඩට රොන් ගමූ
ලියන් තමා රස ඉහිරෙණ මල් වැල්
ඔවුන් සොයාගෙන යමූ

ඔවුන් සොයාගෙන යමූ
ඔවුන් සොයාගෙන යමූ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු සහ පිරිස
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - සිසිර සේනාරත්න
1969 දී තිරගතවූ "කවුද හරි" චිත්‍රපටියේ ගීයකි.


පැරණි ගීය


නව ගීය

ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල





ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා
...//

හමන මඳනලයි
සුවඳ බර මලයි
..//
කරන සුරතල් රඟ දැක සැනසිල

ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා
...//

සේද වලා
මෑතට පාවෙලා
...//

පියඹලා එන කුරුල්ලනේ අනෙ
පාර පවසව් සොයලා

පියඹලා එන කුරුල්ලනේ අනෙ
පාර පවසව් සොයලා


තොපි වගේ අපි තුරුලු වෙන්නෙමු
තරුණ ජීවිත රසේ උරාලා


ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා
...//

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...


ජීවිතයේ
මේ සුළු කාලයේ
...//

එක ගසේ එක කැදැල්ලෙහී ඉමු
පරෙවි පැටවුන් විලසේ


එක ගසේ එක කැදැල්ලෙහී ඉමු
පරෙවි පැටවුන් විලසේ


සමගිතාවෙන් රසට කා බී
සතුටු වී ඉමු උදාවු දවසේ


ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා


හමන මඳනලයි
සුවඳ බර මලයි
කරන සුරතල් රඟ දැක සැනසිල


ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...


ගායනය - සී.ටී. ප්‍රනාන්දු සමග සී.ඩී. ෆොන්සේකා
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - පැට්‍රික් දෙණිපිටිය
1967 දී තිරගතවූ සැඟවුණු මැණික චිත්‍රපටියේ ගීයකි.

රන මොණරයි රන මොණරියි විලාසේ

රන මොණරයි රන මොණරියි විලාසේ
රන තිසරයි රන තිසරියි විලාසේ ...//

එක් නූණයි වෙන් වූවයි මොටදෝ ඔබ තැවෙන්නේ
හඳපානේ එක මල දෝ පිපෙන්නේ
තරු රෑනේ එක තරුවද දිලෙන්නේ
පෙම පරදී කවුදෝ ලොව අඬන්නේ

රන මොණරයි රන මොණරියි විලාසේ
රන තිසරයි රන තිසරියි විලාසේ

ඔබෙ දෑතයි ඇගෙ දෑතයි පටලාලා අමා වේ
සැතපීලා වෙරළේ පෙම් ළවැල්ලේ

රස මුසු බස් දොඩාලා
මා ඔබගේ කියාලා ...//
කී දේ එම මොහොතේමය මැකෙන්නේ
පෙම් පාලා කවුදෝ ලොව දිනන්නේ
සීතාවන් නෑ මේ ලොව උපන්නේ //

හඳහාමියි නිල් අහසයි සමවූ ඒ අතීතේ
යළි ඒ දෝ පැතු දේ නෑ ලැබෙන්නේ

නෙත කඳුළින් පුරාලා
අනුවණ වී හඬාලා ...//

නෑ නෑ ඵල සෝකේ ඇයි වෙලෙන්නේ
යෞවනයේ මල් නෙළුමට වරෙන්නේ
සීතාවන් නෑ මේ ලොව උපන්නේ //

රන මොණරයි රන මොණරියි විලාසේ
රන තිසරයි රන තිසරියි විලාසේ ...//

රන තිසරයි රන තිසරියි විලාසේ //

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු

රන්වන් රන්කෙඳි පීරාලා

ආ.. අඅඅආ ආ...
ආ.. අඅඅආ ආ...
ආ ආ ආ... ආඅඅආ....

රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා ...//

කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ

රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා ...//

කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ

හද වීණාව ගී නාද දෙයි
නයනානන්ද රූපේ අගෙයි ....//

ප්‍රිය නාරී ලතා
කිම නැත්තේ කතා
රණ හංසී වගේ විල් දියේ
රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ

ඕහ්..
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා ...//

කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ

නෙතගේ බැල්ම නිලුපුල් වගෙයි
මුතු සේ දන්ත කල්‍යාණ වෙයි ...//

සුර ලෝකෙන් ගෙනා
සළු සුළඟේ වනා
රණ මයුරී ලෙසේ මල් ලොවේ
රඟපානු සිනා පා මුවේ

ඕහ්..
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා ...//

කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ

උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ ....//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

රෑ පැල් රැකලා

රෑ පැල් රැකලා
පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නළවා
එන මඳ පවන සුවයි

බොල් පිණි මත ළා හිරු රැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ
මට බහ දුන් දා විලියෙන් ඇඹරුණ මැණිකෙගෙ නෙත් විලසේ
මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුළඟේ ළෙල දෙනවා
කුඹුකෙන් නා ගෙන වරල විදා යන මැණිකෙව සිහිවෙනවා

ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ අත මිට අඩුපාඩූ
පළඳන්නම් ගෙල මාල සවන් යුග ළෙලවමි රන් තෝඩූ
ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එළියක් එහි නෑනේ
මේ කන්නයෙදිම අස්වනු කැපුවම මැණිකෙත් එනවානේ

රෑ පැල් රැකලා
පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙසෙ නිවන්නට තුරුලිය නළවා
එන මඳ පවන සුවයි

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ශිරාජි රාජපක්ෂ
තනුව - සී.ටී. ප්‍රනාන්දු

අනේ ඩිංගක් ඉන්නකෝ

අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ


අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ ...//

පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී ...//

දණක් මඩයේ එරි එරී
එදා පැල හිටවූ හැටී ...//

තාම මතකයි
ඊයෙ වගෙමයි
දෙතොල් අවුවේ සැලි සැලී

අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

කුඹුක් ගහ යට බට කැලේ
නාන විටදී ඔබ දොළේ ...//

හිසත් ජලයේ ගිලි ගිලී
දෙඅත් දි බුං කෙළි කෙළී ...//

දෑස නළවා
සිනා සැලුවා
ළපටි මුහුණේ මල් පිපී

අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ඩී.සී. ජයසිංහ
තනුව - සී.ටී. ප්‍රනාන්දු

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ ...//

හූ...හ් හා....

හා...

හූ...හ් හහ් හහ් හහ්....

හූ...හ්

හුහ් හුහ්

හහ් හහ්.. හහ් හහ්..

හහ් හහ්..


රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සීන විමන් සීන ලොවින් බිඳී ගියාදෙන් ...//
සීත සුළං සීතලයේ හමා ගියාදෙන්
ඉන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන්

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ

හූ...හ්  හහ් හහ් හහ් හා...

හොයි...

හොයි

හහ් හහ් හහ් හහ් හහ් හහ්

ර්ර්ර්හ්....

හා....


කාසි පණම් අතේ මිටේ නැතෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණයි හිතාලා ...//
සෝක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ (හූහ් ...
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ (හ්හ්  හ්හ්..)
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා (හාහා...)
සැමදා නැත සඳ පායන්නේ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය


පැරණි ගීය

 

නව ගීය

Wednesday, July 24, 2019

ලෝ අඩ නින්දේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ


කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහළට බැස යති දිය රැල්ලේ
නාමල් පිපිලා නැළවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ
සෝබන මේ නදියේ
සඳරැස් වැතිරෙන්නේ


ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ


ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ

මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ

කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ


ගායනය = ලතා වල්පොල සමග සී.ටී. ප්‍රනාන්දු
පද - සුසිල් සේනාධීර
තනුව - සී.ටී. ප්‍රනාන්දු

පුන් සඳ හිනැහෙන්නේ


පුන් සඳ හිනැහෙන්නේ
වන මල් පිබිදෙන්නේ
ලස්සණ ඔබෙ මුහුණේ
දැක්කම නොවැ මැණිකේ


කොයිබද ඔබ යන්නේ මේ උදයෙම අපෙ ලන්දේ
මගෙ පැල්පත පැත්තේ
ඔබ සම්පත ගෙන එන්නේ


වසන්ත සමයෙදි ඔබ ළඟ ඉඳගෙන
මිහිරට කවි කියමී
සමන් කැකුළු මල් පොකුරක් අරගෙන
ඔබේ හිසේ ගසමී


ඔබ නිදියන තුරු පැල තුළ ඉඳගෙන
නැළවිලි ගී ගයමී
උදය සවස මම ඔබෙ පා යුග හිමියනි සැමදා වඳිමී


පුන් සඳ හිනැහෙන්නේ
වන මල් පිබිදෙන්නේ
ලස්සණ ඔබෙ මුහුණේ
දැක්කම නොවැ මැණිකේ


කොයිබද ඔබ යන්නේ මේ උදයෙම අලෙ ලන්දේ
මගෙ පැල්පත පැත්තේ
ඔබ සම්පත ගෙන එන්නේ


නිල් දිය බැස යන ගංගාවේ මම
ඔබ හා ඔරු පදිමී
සඳ ඇති කාලෙට ඔබෙ සුදු අත ගෙන
ගං තෙර වෙත දුවමී


පලතුරු යුෂ ගෙන මීපැණි දවටා
රසකර එය පොවමී
කුඹුරට යන්නට පෙර බත ඇඹුල ද
සාදා ඔබට දෙමී


පුන් සඳ හිනැහෙන්නේ
වන මල් පිබිදෙන්නේ
නිල් දිය බැස යන්නේ
ආසිරි පුදදෙන්නේ
මොණරුන් රඟදෙන්නේ
පොඩි කුරුලන් නද දෙන්නේ
අප දෙස බලමින්නේ
උන් හැමදෙන සැනසෙන්නේ


ආ ආ ආ.... ආ ආ ආ....
ආ ආ ආ ආ.... ආ ආ ආ ආ....


ආ ආ ආ.... ආ ආ ආ....
ආ ආ ආ ආ.... ආ ආ ආ ආ....


ගායනය - රුක්මණී දේවි සමග සී.ටී. ප්‍රනාන්දු
පද - විමලදාස පෙරේරා
තනුව - සී.ටී. ප්‍රනාන්දු

සඳ වට රන් තරු

බඩගිණි වෙලා ගොඩවුණ කල පුතුගෙ ගෙට
මා යකිණියක ලෙස පෙනුනයි ලේලියට
දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරළුණි කිරට
අම්ම ද බිරින්ද ද ලොකු වැඩියෙන් නුඹට


සඳ වට රන් තරු කැකුළු පිපේවා
ඉරුට වලාකුළු සළු පැළඳේවා
පොළවෙනි මිණි මුතු කැට බිහිවේවා
පුතෙකුට අම්මගෙ අගය දැනේවා

ගඟුලට ඇති බර දිය වැල නේදෝ
කතරට ඇති හර සුදු වැලි නේදෝ
ළඳකට ඇති හැඩ යහ ගුණ නේදෝ
මවකට ඇති සැප දරු සැප නේදෝ

ගින්නක් නැති කල දුමක් කොයින්දෝ
පින්නක් නැති කල තෙතක් කොයින්දෝ
වහළක් නැති කල ගෙයක් කොයින්දෝ
අම්මෙකු නැති කල දැයක් ‍කොයින්දෝ

සඳ වට රන් තරු කැකුළු පිපේවා
ඉරුට වලාකුළු සළු පැළඳේවා
පොළවෙනි මිණි මුතු කැට බිහිවේවා
පුතෙකුට අම්මගෙ අගය දැනේවා

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු