නෙළුම් විලේ පිපුණු
සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
සුවඳ විහිදා
ඔබව කළඹා
මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ
නිල් තරුව හිනැහෙන හැන්ඳෑවට
ඇස් වසාගන්න මා එන්නම් අද
හිත සනසන රිදවන කඳුළු කතා මැද
ඇස් අරින්නෙපා මා ඔබ ළඟ නැත
නෙළුම් විලේ පිපුණු
සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
සුවඳ විහිදා
ඔබව කළඹා
මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ
සඳ එළිය වැටිලා ඔබෙ මුහුණට
ඔබ හිනැහෙනවානම් ඉන්නම් ළඟ
කළු වළා ඇවිද සඳ වසා දැමු විට
හඬනු එපා තව මමයි ඔබේ සඳ
නෙළුම් විලේ පිපුණු
සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
සුවඳ විහිදා
ඔබව කළඹා
මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ
මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ ...///
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - චන්දන කුරේ
තනුව හා සංගීතය - බිලී ප්‍රනාන්දු