Showing posts with label ධර්ම ශ්‍රී වික්‍රමසිංහ. Show all posts
Showing posts with label ධර්ම ශ්‍රී වික්‍රමසිංහ. Show all posts

Friday, March 27, 2015

වසර ගණන් ඇසුරේ සිටියත්



වසර ගණන් ඇසුරේ සිටියත්
හඳුනාගම්ද කෙසේ
අපගෙ සිතුම් පෑහෙනු බැරිවී
අහසට පොළව ලෙසේ

සුවඳක් නැති මලකින් මා කොහොමද සුවඳක් ලැබ ගන්නේ
සිසිලක් නැති සෙවණක මා කොහොමද සිසිල ලබාගන්නේ
අඳුරක් ඇති හදකින් මා කොහොමද එළිය ලබාගන්නේ
සෙනෙහස නැති හදකින් මා කෙළෙසද සැනසුම ලැබ ගන්නේ

වසර ගණන් ඇසුරේ සිටියත්
හඳුනාගම්ද කෙසේ
අපගෙ සිතුම් පෑහෙනු බැරිවී
අහසට පොළව ලෙසේ

නෙතට කදුළු දුන් හසුනක් යළි මා නෙත ගැටෙන්නෙ නෑ
සිත රිදවූ ඒ සිතිවිලි කිසිවක් යළි මා සිතන්නෙ නෑ
හදක වේදනා පැතුම් යළි යළිත් මා නම් පතන්නෙ නෑ
තනිව සිටිමි වෙන්වී දිවි ඇති තෙක් මා පෙම් කරන්නෙ නෑ

වසර ගණන් ඇසුරේ සිටියත්
හඳුනාගම්ද කෙසේ
අපගෙ සිතුම් පෑහෙනු බැරිවී
අහසට පොළව ලෙසේ

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ
තනුව හා සංගීතය - සරත් දසනායක