Showing posts with label රෝහිත භාෂන අබේවර්ධන. Show all posts
Showing posts with label රෝහිත භාෂන අබේවර්ධන. Show all posts

Wednesday, April 8, 2015

මාදුරාඔය පාමුලේ

මාදුරාඔය පාමුලේ
හලාහල විෂ
විත අතින් ගෙන
සූරියා
ඇද වැටී සිටියා
පෑළ දිග නිල් ආකහේ දිහාවට
මළ ඇස් හැරී තිබුණා

ග්‍රීෂ්මයේ
බැත සොරාගත් සාගතේ
ණය සොයා ගිය සිරිපතුල්වල
ලේ පිරී ගැලුවා
හාමතේ
ගිනි දරාගත් ඉල බැරැන්දේ
නඩු කොලේ නොලියා තිබූ
දුක ලියා තිබුණා

මාදුරාඔය පාමුලේ
හලාහල විෂ
විත අතින් ගෙන
සූරියා
ඇද වැටී සිටියා
පෑළ දිග නිල් ආකහේ දිහාවට
මළ ඇස් හැරී තිබුණා

රාත්‍රියේ
විෂ ගැලූ නිල් තොල් පියා
සූරියා
ආකහේ යට සැතපිලා හිටියා

ළිහිණියෝ
වළදැමූ අසිපත් සොයා
තුඩු පුරා මේ විස පොවා
වළදැමූ අසිපත් සොයා
තුඩු පුරා මේ විස පොවා
යව රණ බිමට පියඹා ////

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - රෝහිත භාෂන අබේවර්ධන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ