කවදා කොතැනක විකසිත වූවත්
එකම සුවඳ මව් ගුණයේ පිරූ
ඒ සුවඳින් ලොව සුවපත් වනදා
නිහඬව සැනහෙති ඒ ප්‍රතිරූ
අම්මාවරු නොමැකෙන ප්‍රතිරූ
දිරිය විරිය ඔද එඩිය දැරූ
මිනිසත්කම හදමඬලෙ පිරූ
කිරි දහරේ ඒ ගුණ තැවරූ
අනුප්‍රාණය වූ අම්මාවරු
සෙවණැලි සේ ළඟම දැවටි දැවටී
ඉන්ද්‍රඛීල සේ නොතැවී නොසැලී
මව්බිම වෙනුවෙන් දරුවන් පුද දී
මව්බිම වෙනුවෙන් දරුවන් පුද දී
පාරමී දම් ගුණ සපිරූ
අම්මාවරු
නොමැකෙන ප්‍රතිරූ
අම්මාවරු
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - වෛද්‍ය කපිල සූරිආරච්චි
තනුව - දර්ශන රුවන් දිසානායක
ප්‍රතිරූ සිනමා කෘතියේ තේමා ගීය.