Showing posts with label පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව. Show all posts
Showing posts with label පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව. Show all posts

Thursday, October 30, 2025

ඇයි කරේ යමෙකු ආලේ

ඇයි කරේ යමෙකු ආලේ...(ඒ.. ඒ..

ඇයි කරේ යමෙකු ආලේ ....//


මේ ලෝකේ

මේ ලෝකේ මායාකාරී

ඇයි කරේ යමෙකු ආලේ //


වනේ පක්ෂී තෝරා විසඳා

බලනු  නීරස භාවේ ..//


කරත ආලේ යමෙක් මෙ ලෝකේ //

නොතිර සේ දෝෂා (ආ ආ...


ඇයි කරේ යමෙකු ආලේ //


තිරසර ආලේ අමරණීය වේ

පුදනු ජීවිතේ නෑ දුකා ...//


කර්ම විපාකේ සේ ඒ ආලේ


කර්ම විපාකේ සේ ඒ ආලේ

ජන හටා පැතු සේ ඵල දේ //


සෑසි ධර්මේ දේශිත කර්මේ (ඒ.. 

සෑසි ධර්මේ දේශිත කර්මේ (ඒ.. 

පහදා දුනි ලොවටා


ඇයි කරේ යමෙකු ආලේ

ඇයි කරේ යමෙකු ආලේ....(ඒ...


ගායනය – ඩබ්.ඩී. ඇල්බට් පෙරේරා

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - මොහොමඩ් ගවුස්


1947 දී තිරගතවූ "අ⁣ශෝකමාලා" චිත්‍රපටියේ ගීයකි.




"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්..





භවේ භීත

භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ //

තෘෂ්ණා ජාලේ මායා ලෝකේ //

රාගෙන් පැටලී මෝහ විකාරේ

තෘෂ්ණා ජාලේ මායා ලෝකේ

රාගෙන් පැටලී මෝහ විකාරේ


ගිලී කාම අඳුරේ භව ආලේ

දෝෂ සෙව්වෝ කාම මෙලෝකේ //

ආල වැඩුවෝ ධ්‍යාන මනාපේ

තිලොනා ධර්මේ රසේ


භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ //


වනසා පාපේ මෝක්ෂේ මාර්ගේ

මෝක්ෂේ මාර්ගේ //

මෝක්ෂේ මාර්ගේ //

මෝක්ෂේ මාර්ගේ පරම ශාන්තවූ //නිර්වාණේ නිර්වාණේ

තෘෂ්ණා ජාලේ මායා ලෝකේ //

මායා.. මායා… මායා….


ගායනය – ඩබ්.ඩී. ඇල්බට් පෙරේරා

(පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව)

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - මොහොමඩ් ගවුස්


1947 දී තිරගතවූ "අ⁣ශෝකමාලා" චිත්‍රපටියේ ගීයකි.


"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්..



Tuesday, October 5, 2021

දේ සවන පිනන ගී රාවේ

දේ සවන පිනන ගී රාවේ
දේ සවන පිනන ගී රාවේ මිහිරී
සිත් ප්‍රබෝදේ වේ
නැඟී නැඟී රැව් දෙමිනේ
නැඟී නැඟී රැව් දෙමිනේ
මේ නිසල රෑ යාමේ
හා හා සඳ රැසින් දිලුණාවූ
මේ නිසල රෑ යාමේ

ඇයි ද මා වන සුන්දර රාණී
මේ අමා ගී දෙන්නේ
හා හා
ඇයි ද මා වන සුන්දර රාණී
මේ අමා ගී දෙන්නේ
හා මේ අමා ගී දෙන්නේ

පිපුණු වනමල් සඳ කැළුම් හා
පිපුණු වනමල් සඳ කැළුම් හා
දිලී දිලී රඟ දෙන්නේ
සිත් ප්‍රබෝදේ වේ

මිරිදියෙනී නෙළා කුසුම්
මිරිදියෙනී නෙළා කුසුම්
මේ නිසංසලේ ඉඳ සෑදී
ගයමු ගයමු මේ රෑ මනරම්
ගී ගයමු ගයමු මේ රෑ මනරම්
සිත් ප්‍රබෝදේ වේ
නැඟී නැඟී රැව් දෙමිනේ
නැඟී නැඟී රැව් දෙමිනේ
මේ නිසල රෑ යාමේ
හා හා සඳ රැසින් දිලුණාවූ
මේ නිසල රෑ යාමේ
දේ සවන පිනන ගී රාවේ

ගායනය - වජිරා බාලසූරිය සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව (එවකට ඇල්බට් පෙරේරා)
පද - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
තනුව හා සංගීතය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

1940 දශකයේ නිර්මානය වුණු ගීයකි.

Sunday, October 3, 2021

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී ...//

හිරුගේ රසේ වැදී කැළුම් දිදී
අඹරේ රිදී වලා පාවේ
සුළඟේ මා මනෝහාරී

කුඹුරේ කැලෑ දිහාවේ
පිබිදී කුසුම් සිනාසේ ....//

සැනහේ තුරු මත මල් ලලනාවෝ
රමණී මා මනෝහාරී

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී

හිනැහී නැඟේ සුදෝ ගී දහරේ ඔබේ දර්ශනේ
පෝදා පොසොන් දිනේ
මේ උදයේ ශාන්ත වේ ගී රසිනී ඔබේ දර්ශනේ

විසිරී ඔබේ සුසුම් හී
හදෙහී වැදී රිදේවී ...//
දැනෙනා මෙ වේදනා කෙසේ නිවාදෝ
රමණී මා මනෝහාරී

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - හෙන්රි ධර්මසේන
රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින් රචිත Hridoyer Ekul Okul Dukul Bheshe Jaay ගීයේ තනුවට ගැයෙන ගීයකි.



මෙහි මුල් තැටිගත ගීය ද මෙහි ඉදිරිපත් කරමි. එය ඉතාම දුර්වල හා ශ්‍රවන ගුණයෙන් හීනව ඇත්තකි. ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා නමට (අමරදේව නම ව්‍යවහාරයට ප්‍රථම) මේ ගීය බැරවී ඇති බවද, ඉදිරිපත් කර ඇති නව ගීයේ පද වල සුළු වෙනස්කම් ඇති බවද සටහන් කරමි.

මුල් ගීයේ පද ගෙතුම

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී ...//

හිරුගේ රසේ වැදී කැළුම් දිදී //
අඹරේ රිදී වලා පාවේ
අඹරේ මා මනෝහාරී

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී

කුඹුරේ කැලෑ දිහාවේ
පිබිදී කුසුම් සිනාසේ ....//

සැනහේ තුරු මත මල් ලලනාවෝ
සැනහේ තුරු මත මල් ලලනාවෝ
රමණී මා මනෝහාරී

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී

හිනැහී නැඟේ සුදෝ ගී දහරේ ඔබේ දර්ශනේ
පෝදා පොසොන් දිනේ මේ උදයේ
ශාන්ත වේ ගී රසිනී ඔබේ දර්ශනේ

විසිරී ඔබේ සුසුම් හී
හර්දේ වැදී රිදේවී ...//
දැනෙනා මෙ වේදනා කෙසේ නිවාදෝ //
රමණී මා මනෝහාරී

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී


බෙන්ගාලි (වංග) ගීයේ පද

হৃদয়ের এ কূল, ও কূল, দু কূল ভেসে যায়
হায় সজনি, উথলে নয়ন-বারি ...//
যে দিকে চেয়ে দেখি ওগো সখী,
যে দিকে চেয়ে দেখি ওগো সখী
কিছু আর চিনিতে না পারি
উথলে নয়ন-বারি
হৃদয়ের এ কূল, ও কূল, দু কূল ভেসে যায়
হায় সজনি, উথলে নয়নবারি।
 
পরানে পড়িয়াছে টান,
ভরা নদীতে আসে বান ...//
আজিকে কী ঘোর তুফান সজনি গো
বাঁধো আর বাঁধিতে নারি,
বাঁধ আর বাঁধিতে নারি
হৃদয়ের এ কূল, ও কূল, দু কূল ভেসে যায়
হায় সজনি, উথলে নয়নবারি।

কেন এমন হল গো, আমার এই নব’যৌবনে
সহসা কী বহিলো কোথাকার কোন পবনে
আমার এই নবযৌবনে
হৃদয় আপনি উদাস, মরমে কিসেরও হুতাশ
হৃদয় আপনি উদাস, মরমে কিসেরও হুতাশ
জানি না কী বাসনা, কী বেদনা গো..
কেমনে আপনা নিবারি,
কেমনে আপনা নিবারি
হৃদয়ের এ কূল, ও কূল, দু কূল ভেসে যায়
হায় সজনি, উথলে নয়নবারি
যে দিকে চেয়ে দেখি ওগো সখী,
যে দিকে চেয়ে দেখি ওগো সখী
কিছু আর চিনিতে না পারি
উথলে নয়ন-বারি
হৃদয়ের এ কূল, ও কূল, দু কূল ভেসে যায়
হায় সজনি, উথলে নয়নবারি।

Hridoyer Ekul Okul Dukul bheshe jaay
Haay sojoni Uthole nayono baari ...//

Je dike cheye dekhi ogo sokhi
Je dike cheye dekhi ogo sokhi
Kichu aar chinite na paari
Uthole noyono baari..
Hridoyer Ekul Okul Dukul bheshe jaay
Haay sojoni Uthole nayono baari

Porane Poriyache taan
Bhora nodi-te ashe baan ...//
Aaji ke ki ghor-o tufan sojoni go..
Bandho aar badhite naari
Bandho aar badhite naari
Hridoyer Ekul Okul Dukul bheshe jaay
Haay sojoni Uthole nayono baari
 
keno emon holo go, amar ei nabo joubon a
sashosha ki bohila kothakar kon pabone
amar ei nabo joubone
hridoi apni udash,morme kisero hutash
hridoi apni udash,morme kisero hutash
janina ki basona ki badona go
kemone apna nibari
kemone apna nibari
Hridoyer Ekul Okul Dukul bheshe jaay
hai sajoni uthole nayon bari
jedike haye dakhi o go sokhi
jedike haye dakhi o go sokhi
kichu ar chinte na pari
Uthole nayono baari

Hridoyer Ekul Okul Dukul bheshe jaay
Haay sojoni Uthole nayono baari

සුචිත්‍රා මිත්‍රා ගැයූ ගීය


ගීයේ නව ගායනයක්. ගායිකාව අනිමා රෝයි.


Singer - Anima Roy
Original Composer - Rabindranath Tagore
Rearrangement - Joy Sarkar
Screenplay - Murari M Rakshit, Malay Bhattacharya, Shiladitya Guha 

Wednesday, September 30, 2020

රසයි කිරි

රසයි කිරි නෑ දියාරූ
ගතයි සිතයි පිනා ....//
දෙමී අවොත් මගේ කිරි
සුදූ
දෙමී ආවොත් මගේ කිරි
ගනිත් හුඟක් දෙනා සුදෝ
ගනිත් හුඟක් දෙනා

ස්ත්‍රියත් වටී කිරී පැණී තිබේ මේ ළඳේ එනු එනු මෙහෙ
නැතේ පැණි ළඳේ කිමා
හා ඒ
කිරී වගේ සුදයි සුදා
රටක් වටී නුඹේ කිරී නඟෝ නොවෙන් කෝපා
මගෙ නඟෝ නොවෙන් කෝපා

නිවෙයි නිවෙයි මගේ හදා නඟෝ නොවෙන් කෝපා
මගෙ නඟෝ නොවෙන් කෝපා

නෑ නෑ නෑ නෑහ්.....
ඉරත් බැහී යාවි අනේ හුඟක්ම රෑ වුණා //

ගෙයත් අපේ දුරයි අනේ මටත් තනියි වගේ අනේ
මටත් තනියි වගේ ....//

ප්‍රීති ජලේ නා
ප්‍රීති ජලේ නා කන්ට කිරි
දෙන්කො සිරිකතේ
කිරී දෙන්කො සිරිකතේ

යමී යමී යමී මෙමා නෑ වෙනසක් සිතේ මගේ
නෑ වෙනසක් සිතේ

ප්‍රේමී හැරා නොයන් අනේ
සිත් නළවයි රූපෙ ඔබේ වෙන්කො නඟෝ

වෙන්කො නඟෝ ප්‍රේමී
වෙන්කො මගේ ස්වාමී

ජීවන සුපෙම් ගඟේ ගිලී
ගිලී පීන පීනා
ගිලී පීන පීනා ....//

ප්‍රීතියි 
කමුකො කිරී සමග පැණී
ඉතින් ප්‍රීති පානා
කමුකො කිරී සමග පැණී
ඉතින් ප්‍රීති පානා

ගායනය - ඩබ්.ඩී. අමරදේව (එවකට ඩබ්.ඩී. ඇල්බට් පෙරේරා) සමග සිරිමතී වෙත්තසිංහ
පද - යූ.ඩී. පෙරේරා
සංගීතය - මොහොමඩ් ගවුස්
තනුව - පන්කජ් මලික්
තනුව උපුටා ගනෙ ඇත්තේ 1943 දී තිරගතවූ "Kashinath" නම් බෙංගාලි චිත්‍රපටියට අසිත් බාරන් සහ බෙලා මුකර්ජි ගැයූ "Ebar Tobe Korbo" නමැති ගීයෙනි.

1945 දී එන්. පොරෝලිස් ප්‍රනාන්දු සමාගම විසින් බෙදා හරින ලද, කොළොම්බියා ගීත පොතෙහි ඉහත ගීතය හදුන්වා දීමේදී ඇල්බට් පෙරේරා තරුණයාගේ සහ වෙත්තසිංහ තරුණියගේ ගායනයෙහි දක්ෂතාවයන් පිළිබඳව මෙසේ වර්ණනා කර ඇත. 
උපුටා ගැනීම
“ගායනා තරඟයන්ගෙන් රන්පදක්කම් ලත් සිරිමතී වෙත්තසිංහ නෝනා සහ චිත්‍රකලාවේ ගායන විශාරදයෙකු වූ ඇල්බට් පෙරේරා තරුණ මහතාගේත් මේ ගායනය වර්තමාන ඨුම්රි ගායකයන් ගේ ගීත වලට වඩා සෑම අතින්ම උසස් වේ”.
උපුටා ගැනීම නිමයි.


Ebar Tobe Korbo බෙංගාලි ගීතය


Monday, September 7, 2020

උඩඟු ලියන් ගොතා බඳින

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන

භොජුන් මේස මත
සුවඳ හළන්නට
මා පිපුණේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවෙකුගේ අවසන් ගමනට

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවෙකුගේ අවසන් ගමනට

යන මහ ජනතා පා දූවිල්ලෙන්
යන මහ ජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්

මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න

ගායනය - විශාරද නන්දා මාලිනී සහ පිරිස
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව



ඉන්දීය ජාතික කවියෙකු වූ පණ්ඩිත් මාකන්ලාල් චතුර්වේදී විසින් රචිත, "පුෂ්ප් කී අභිලාශා" (Pushp Ki Abhilasha) යන කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කළ විට එය පහත පරිද්දෙන් වේ.

It is not my desire to be weaved in the ornaments of a beautiful girl.
It is not my desire to be weaved into a Lover’s garland and tempt a beloved.
It is not my desire, O Hari, to adorn the funeral of a monarch.
It is not my desire to be presented as offering to a goddess and rejoice at my good luck.
O, Gardner, all I desire is
That you will pluck me and throw me on that path
On which our brave soldiers tread to sacrifice their lives for the motherland.

දැන් ඔබට පැහැදිලියි "උඩඟු ලියන් ගොතා බඳින" ගීය ප්‍රබන්ධයට ඩෝල්ටන් ආශ්‍රය කොට ගත්තේ මේ කාව්‍ය රචනය බව.

The beautiful poem 'Pushp ki Abhilaasha' is written by Maakhanlal Chaturvedi.. 
It is adopted from his Kavyasangrah 'Himtarangni'.. 
In this poem, he expressed the feelings of a flower who wants to lie down on the path of soldiers..

चाह नहीं मैं सुरबाला के
गहनों में गूँथा जाऊँ
चाह नहीं, प्रेमी-माला में
बिंध प्यारी को ललचाऊँ
चाह नहीं, सम्राटों के शव
पर हे हरि, डाला जाऊँ
चाह नहीं, देवों के सिर पर
चढ़ूँ भाग्य पर इठलाऊँ
मुझे तोड़ लेना वनमाली
उस पथ पर देना तुम फेंक
मातृभूमि पर शीश चढ़ाने
जिस पर जावें वीर अनेक ।।

In English letters

Chah Nahin Mai Surbala Ke 
Gehnon Mein Guntha Jaaon.
Chah Nahin Premi Mala Mein 
Bindh, Pyari Ko Lalchaon.
Chah Nahin Samraton Ke Shav Par, 
He Hari Dala Jaaon.
Chah Nahin Devon Ke Sar Par 
Chadhon, Bhagya Par Itraoon.
Mujhey Tod Lena Banmali, 
Us Path Par Tum Dena Phaink,
Matra Bhoomi Per Sheesh Chadhaney, 
Jis Path Jaayen Veer Anek.

Sunday, October 27, 2019

ඇඟිලි තුඩුයි ගල් කටුවයි

ඇඟිලි තුඩුයි ගල් කටුවයි

බුදු බැතියයි එක්වෙලා

මහ ගල්කුළු බිඳගෙන එයි

සම්බුදු ගුණ ගල ගලා ...//


පාරමිතා රැළි දිදී

සලකුණු එයි ඇදි ඇදී ...//


පන්හිඳකුයි තල්පතකුයි

හුරු අතකුයි එක්වුණා ....//

කෝටි ගණන් නෙක් හදවත්

නිවන් මඟට යොමු වුණා

නිවන් මඟට යොමු වුණා


දහම් රසය හා වෙලී

කලා රසය දෙයි රැළී ...//


ඇඟිලි තුඩුයි ගල් කටුවයි

බුදු බැතියයි එක්වෙලා

මහ ගල්කුළු බිඳගෙන එයි

සම්බුදු ගුණ ගල ගලා


කහ සිවුරයි පහන් බවයි

බුදු ගුණයයි එති එතී ....//

පිළිවෙත් මඟ ගඟකි ගලන

මොක් සයුරට නොනැවතී


මහ සඟ පෙළ පා සෙනේ

හොබවති බුදු සාසනේ ...//


ඇඟිලි තුඩුයි ගල් කටුවයි

බුදු බැතියයි එක්වෙලා

මහ ගල්කුළු බිඳගෙන එයි

සම්බුදු ගුණ ගල ගලා


ජීවිතයයි මල්⁣ පොකුරයි 

පහන් සිලයි වටවෙලා ...//

බෝ මැදුරයි බෝ මළුවයි

හඳපානට ඔද වෙලා


වෙසක් දිනය මේ ලොවේ

දෙයි සිත සැනසිලි සුවේ ....//


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

සංගීත අදියුරු - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


Thursday, August 29, 2019

දොං තරිකිට


දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා


කඳුවැටියෙන් බැස එනා
මිටියාවත රඟදෙනා

නෙත් නිදි ගැට දුරලනා
හිරු එළියෙන් පිබිදුණා
...//

රන් දේදුනු නම නමා
රන් බැණින් සැරසිලා

දුල් නිලඹර සැරි සරා
හිරු එත සිතු සනසලා

හිරු එත සිතු සනසලා ....//

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා


සිත් මත් කරවන ලෙසේ
දෙත් ගී සියොතුන් තොසේ

පිපි වනමල් තුරු හිසේ
මිහිලොල් බිඟු දැල් බැඳේ
...//

සමනොල හිම ගිරි හිසේ
සේවය කර එන මෙසේ

රැස් දිය හිරු හදවතේ
දුක් බිය සැක දුරලතේ

දුක් බිය සැක දුරලතේ
...//

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා


ගායනය - මහාචාර්ය අමරා රණතුංග සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග



Don Tharikita - Pandith W.D.  Amaradewa with Prof. Amara REanathunga

Wednesday, August 21, 2019

බින්දු බින්දු මල්

බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

පුංචි කැකුළු මල් රේණු ඉහෙන කොට //
වට වී උඩු ගුවනේ
බඹර වැල්
කිංකිණි හඬවන්නේ


බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

වලාකුළෙන් බැස සුරංගනාවන් //
අතු අග රඟ දෙමිනේ
තාලයට
චාමර සොළවන්නේ


බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

රිදී කඳන් මෙන් බෙදී තැනින් තැන //
දිදී සරණ ලෙසිනේ
ගුවන් තල
තල මල බබලන්නේ


බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

සොඳ ගෙතුමෙන් කළ පබළු පෙළින් පෙළ //
කිනිති බරිනි නැමුණේ
පුරා හඳ
පායන සේ දිස්නේ


බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


මුල් ගීය


 

පහත ඇත්තේ එම ගීයේ පසු කලෙක ගායනයකි.
එහි පද වැල පහත ආකාරයෙනි.
(ඇතැම් පද වැරදියට උච්චාරණය වනු පෙනේ)

 

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

පුංචි කැකුළු මල් රේණු ඉහෙන කොට //
වට වී උඩු ගුවනේ
බඹර වැල්
කිංකිණි හඬවන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ....//

වලාකුළෙන් බැස සුරංගනාවන් //
අතු අග රඟ දෙමිනේ
තාලයට
චාමර සොළවන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ....//

සොඳ ගෙතුමෙන් කළ පබළු පෙළින් පෙළ //
කිනිති බරිනි නැමුණේ
පුරා හඳ
පායන සේ දිස්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ....//
අහසේ තරු ගණනේ පීපී මඳ සුළඟේ ළෙලදෙන්නේ

බින්දු බින්දු මල්
අතු අග පිපි මල් ....////.


Bindu Bindu Mal - Pandith W.D. Amaradewa

Friday, August 16, 2019

කදිර සුරිඳුනේ

කදිර සුරිඳුනේ
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

මැණික් ගඟේ නිමල දියේ
පව් මළ සෝදා හරින්න

කිරි වෙහෙරේ නිවන් පුරේ
අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳුනේ
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

සිතින් කයින් වන වරද නොගන්නයි
ගමන් මඟට දෙවි පිහිට දෙවන්නයි

ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
පුළුන් රොදක් සේ අප වන්දන්නයි
කදිර සුරිඳුනේ
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

අනන්ථ අනුහස අණ පතුරන්නයි
තැවුල් අවුල් බෝ දුක දුරලන්නයි
දෙමව්පියන් සේ අප රැකගන්නයි

පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි
කදිර සුරිඳුනේ

දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

මැණික් ගඟේ නිමල දියේ
පව් මළ සෝදා හරින්න

කිරි වෙහෙරේ නිවන් පුරේ
අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි

කදිර සුරිඳුනේ

දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග ටී.එම්. ජයරත්න සහ නීලා වික්‍රමසිංහ
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස

Kadira Surindune - Pandith W.D. Amaradewa, T.M. Jayarathna & Neela Wickramasinha