Showing posts with label දිලුම් තේජන හෙට්ටිආරච්චි. Show all posts
Showing posts with label දිලුම් තේජන හෙට්ටිආරච්චි. Show all posts

Sunday, January 14, 2018

රිදි රිදී සනහනා ආදරේ


යන්නම් මගහැරලා
තනිවෙන්න ඉඩදෙන්න ඕනා
යළි බෑ එන්න හීනෙන් පවා
අතින්වත් අත නොඅල්ලා
අපි කෝම බැඳුනාද මන්දා
අත අරින්නේම නෑ ඒනිසා

රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//


ළග ඉන්නවා කියා
දුර යන්න ඔබ ගියා
සඳ එළිය දෝ ආදරේ
මගෙ හීන රැවටිලා
ඇගෙ හීන එළවෙලා
යළි මල් පිපේවා ජීවිතේ

රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//

සංසාර ආදරේ රහසේම මියැදුණා
ඔබ මාව සිපගත් ඒ වෙලේ
අවසන් කවත් ලියා
සුසුමන් අරන් ගියා
ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ

රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//

ගායනය - අභිෂේකා විමලවීර
පද - අභිෂේකා විමලවීර
තනුව - දිලුම් තේජන හෙට්ටිආරච්චි

Saturday, January 13, 2018

නිස්සාර සංසාර හීනේ



නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවන්න දැකගන්න වේදෝ
තුන් යාමෙ මං අහනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා ...//

උණුසුම් හාදු අද ඇගේ
සෙනෙහස තාම අපෙ හිතේ ...//
දකිනා වාරයක පවා
මගෙ මුළු හිතම ගිනි ගනී

මන්දාරම් පවන් පොදේ
තාමත් ඔබෙ සුසුම් දැනේ ...//
හිත ගැහෙනා මේ හීතලේ
සැඟවෙමි ඔබගෙ පපුතුරේ

නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවන්න දැකගන්න වේදෝ
තුන් යාමෙ මං අහනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා ...//

ආදරය කියන්නෙ පපුව හීරෙන එක
ඒ මැද්දෙන් හිනා වෙන එක

ගායනය - අභිෂේකා විමලවීර
පද - අභිෂේකා විමලවීර
තනුව - දිලුම් තේජන හෙට්ටිආරච්චි

Friday, January 12, 2018

හඬවන්නෙ ඇයි



හඬවන්නෙ ඇයි මාව රහසින්
සඟවන්න ඔය නුරා බැල්මන්
තහනම් හීනයේ දෑස යා වුණේ
සනසන්න ඔය දෙතොල් පහසින්
නැළවෙන්න මා ගාව රහසින්
තහනම් නේද මේ මැරුණු ආත්මයේ

සීමා නෑ
මායිම් නෑ
දෑසින් කී කතා නිමා වෙන්නෙ නෑ
සීමා නෑ
මායිම් නෑ
තරු ඇස් කී කතා නමක් දුන්නෙ නෑ

හැම රෑම ළඟ ඉන්න සිහිනෙන්
සැනසෙන්න ඉඩ දෙන්න සුවඳින්
එක්ටැම් ලොවක නෑ පැතූ ආදරේ
හුරතලෙන් දැවටෙන්න ආසයි
හිත ළඟම තනිවෙන්න ආසයි
සරදම් ඕනෙ නෑ පාළු ජීවිතේ

සීමා නෑ
මායිම් නෑ
දෑසින් කී කතා නිමා වෙන්නෙ නෑ
සීමා නෑ
මායිම් නෑ
තරු ඇස් කී කතා නමක් දුන්නෙ නෑ

නන්නාඳුනන ලෙසින්
ඔබ ඉන්නෙ ඇයි දුරින්
උතුරනා ආදරෙන්
තෙමන්නදෝ ලවන්
රෑ අහසෙ පාවෙලා
තරු අසන්නේ කෝම මං
පියා ගන්නෙමි ඇස් යන්න හීන අරන්

සීමා නෑ
මායිම් නෑ
දෑසින් කී කතා නිමා වෙන්නෙ නෑ
සීමා නෑ
මායිම් නෑ
තරු ඇස් කී කතා නමක් දුන්නෙ නෑ

ආ ආ ආ.....
 

ගායනය - අභිෂේකා විමලවීර
පද - අභිෂේකා විමලවීර
තනුව - දිලුම් තේජන හෙට්ටිආරච්චි
සංගීතය - ලහිරු පෙරේරා