Showing posts with label ධර්මරත්න පෙරේරා. Show all posts
Showing posts with label ධර්මරත්න පෙරේරා. Show all posts

Saturday, May 25, 2019

ඉස්සර ආදි කාලෙ

ඉස්සර ආදි කාලෙ වයල වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිල රාග කීවෙ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

හැඩ වැඩ සායෙ හැට්ටෙ බොස්තැරැක්කයේ
ස්සන තවම පේනවා
රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා
දකින්න ආස හිතෙනවා

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

ට්‍රෑන්ගල් කොන්ගො බොන්ගො බැන්ජො බානේ
නාදය තවම ඇහෙනවා
අලුතෙන් නැතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

පෙරසිට පැවතෙන රස පද තවම තියේවී
කලියුග කාල මේ අපේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී
මේ හැටි දියුණු ලෝකයේ

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

ගායනය - කීර්ති පැස්කුවල් සහ පිරිස
පද - ධර්මරත්න පෙරේරා
නාද සිත්තම - මිල්ටන් පීරිස්

පැරණි ගීය

නව ගායනයක්

Tuesday, December 27, 2016

සමුගන්න දෝ

සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්න දෝ ...//

පෙරදා බැඳි ආදරේ
හිරු සේ ගිලී සාගරේ ..//
මට බෑ ළඟින් ඉන්න ගොළු වූ ලෙසේ
හැමදා සුසුම් ලන්න හැකිදෝ මෙසේ

සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්න දෝ

මතු දා දෑතේ වෙලී
පැතු සේ සෙනෙහේ බැඳී ..//
ළං වෙන්න හිනැහෙන්න පෙරසේ ඔයා
කඳුළින් සසුම් රැල්ල බොඳවී ගියා

සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම වෙන්වෙන්න දෝ ...//

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ධර්මරත්න පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

Friday, June 5, 2015

ලස්සන ඇස් දෙක දිහා බලාගෙන

ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
මතකද ඉස්සර කවි කිවුවා
මං මගෙ ඇස්වල කඳුළු පුරෝගෙන //
මියගිය ප්‍රේමය යළි හෙවුවා

පරසතු මලකට හිත ගිය දවසේ
නෙළාගන්න අත දිග නෑනේ
එක්වෙණු බැරි බව දැන දැන කුමකට
කඳුළු සළා වැළපෙනු ආයේ

ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
මතකද ඉස්සර කවි කිවුවා
මං මගෙ ඇස්වල කඳුළු පුරෝගෙන //
මියගිය ප්‍රේමය යළි හෙවුවා

පැරදුම පෙනි පෙනි පෙම ජය ගන්නට
සටන් වැදී කිම ඵල නෑනේ
අහක බලන් යමු හිත දුක සඟවා
රහසින් පෙම් කරමුද ආයේ

ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
මතකද ඉස්සර කවි කිවුවා
මං මගෙ ඇස්වල කඳුළු පුරෝගෙන //
මියගිය ප්‍රේමය යළි හෙවුවා

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - ධර්මරත්න පෙරේරා
තනුව හා සංගීතය - නවරත්න ගමගේ

Monday, April 6, 2015

ටියුෂන් පංතිය

පන්සල හන්දියේ
ටියුෂන් පංතියේ
පාට පාට සමනළ රෑනයි
ශිල්ප උගැන්මට
තරඟ වදින්නට
පේළි පේළි පෙරහැර ආවයි ..//

පාට සරුංගල් සේම සැහැල්ලුව
ආල හැගුම් මැද ශිල්ප සදා
උගත මනා ශිල්පයම වටී සතුරන්ටත් සොරකම් කළ නොහෙනා

පන්සල හන්දියේ
ටියුෂන් පංතියේ
පාට පාට සමනළ රෑනයි
ශිල්ප උගැන්මට
තරඟ වදින්නට
පේළි පේළි පෙරහැර ආවයි

හෝරා බල බල
කාසි පණම් මැද
මනුස්සකම නැති ගුරු දෙවියන්
මනසින් මොහොතක්
හිතුවොත් යහපති

සල්ලි නොවේ මේ මගෙ දරුවන්

පන්සල හන්දියේ
ටියුෂන් පංතියේ
පාට පාට සමනළ රෑනයි
ශිල්ප උගැන්මට
තරඟ වදින්නට
පේළි පේළි පෙරහැර ආවයි

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධර්මරත්න පෙරේරා
තනුව - සමන්ත පෙරේරා

Anyone who has the link can play this song in your "Smart Phone"

Saturday, April 4, 2015

අනේ මහතුනේ

අනේ මහතුනේ
මට වන් වියෝයා
වියෝයා
මට වන් වියෝයා
පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගියෝයා
අරගෙන ගියෝයා

සරා සඳපානෙ තරඟෙට කවි කියනා
සරස්වතිය අතිනත අරගෙන නටනා
සිනා සපිරි බස් දොඩමින් තනි රැකලා
අගේ ඇති පැදුර දුම්බර මල් වියලා

අනේ මහතුනේ
මට වන් වියෝයා
වියෝයා
මට වන් වියෝයා
පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගියෝයා
අරගෙන ගියෝයා

හීන පේන විට රෑ ඇස් දෙක වහලා
රිදී පාන කළුවර රැය එළි කරලා
මූණ බලාගෙන බොරු දාහක් ගොතලා
තාන තම්දෙනා හොරු අරගෙන පැනලා

අනේ මහතුනේ
මට වන් වියෝයා
වියෝයා
මට වන් වියෝයා
පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගියෝයා
අරගෙන ගියෝයා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධර්මරත්න පෙරේරා
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

Wednesday, March 25, 2015

ළිහිණින් රෑන පියාසලන්නේ


ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සීනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගඟ දිය හඬන්නේ
විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා //
පෙර සේ මා සොයාලා
මහ දේ ගිණි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්

ළිහිණින් රෑන පියා සළන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

මට හිමි මනාලී
පිට ගම් ගියාවේ
විරසක නොවෙන් කියාලා //
සංසාරේ කොහේ හෝ
ඉපදී මුණ ගැහීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්

ළිහිණින් රෑන පියා සළන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගායනය - ප්‍රියා සූරියසේන
පද රචනය - ධර්මරත්න පෙරේරා
තනුව හා සංගීතය - සරත් දසනායක

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...//

මගෙ සමරු පොතේ රෝස පිටු සොයා
මුතු අකුරු පේළියක් ලියු ඔයා ..//
සිහිවටනයක් ලෙසින් තවත් තියේ
සමනල පියාපතක් ද ජීවිතේ

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ

සිත දුරක ගියා ආදරේ සොයා
මුතු කඳුළු බිංදුවක් ගලා ගියා
සමු ගැන්ම වේදනාවකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක්ද ජීවිතේ

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...//

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ධර්මරත්න පෙරේරා
තනුව හා සංගීතය - නිමල් ජයකොඩි