අනේ මහතුනේ
මට වන් වියෝයා
වියෝයා
මට වන් වියෝයා
පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගියෝයා
අරගෙන ගියෝයා
සරා සඳපානෙ තරඟෙට කවි කියනා
සරස්වතිය අතිනත අරගෙන නටනා
සිනා සපිරි බස් දොඩමින් තනි රැකලා
අගේ ඇති පැදුර දුම්බර මල් වියලා
අනේ මහතුනේ
මට වන් වියෝයා
වියෝයා
මට වන් වියෝයා
පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගියෝයා
අරගෙන ගියෝයා
හීන පේන විට රෑ ඇස් දෙක වහලා
රිදී පාන කළුවර රැය එළි කරලා
මූණ බලාගෙන බොරු දාහක් ගොතලා
තාන තම්දෙනා හොරු අරගෙන පැනලා
අනේ මහතුනේ
මට වන් වියෝයා
වියෝයා
මට වන් වියෝයා
පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගියෝයා
අරගෙන ගියෝයා
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධර්මරත්න පෙරේරා
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
No comments:
Post a Comment