Saturday, April 4, 2015

අපේ බුදු පුතු

අපේ බුදු පුතු බුදුන් අහියස වෙඩි තබා මැරුවා
යටත්විජිතය ගුගුරුවා
මහ හඬින් හැඬුවා
මහ හඬින් හැඬුවා

කන්ද උඩරට කඳු මුදුන්
සීත කඳුළින් තෙත්වුණා
මහා ගංගා විලස කඳුළැලි
පුණ්‍ය භුමිය තෙත් කළා

කසාවත පෙරවූ
මහා සිංහලයා
සිංහ නාදෙන් දනන් එක් කළ
ජාතියේ විරුවා

අහංකාර මිනිසා ටොරින්ග්ටන්
නුඹ නොවෙයි නිරිඳා
අපේ රට සුදු හමට යට නැහැ
දැන ගනින් සුද්දා
දැන ගනින් සුද්දා

කුඩාපොළ හිමි  සිංහ නාදය
වෙඩි හඬට නෑසී ගියා
අඳුරු සෙවණැලි අහස මතුවී
දෙරණ කම්පා වී ගියා
දෙරණ කම්පා වී ගියා
දෙරණ කම්පා වී ගියා
දෙරණ කම්පා වී ගියා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ප්‍රසන්න දිසානායක
තනුව - දර්ශන රුවන් දිසානායක

No comments: