කොහොම අතැර දමා යමු ද මේ හිතවත් කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම් ....//
ඉර කියන්නෙ අත් හරින්න අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියා මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත්කම්
ඉර හඳ තරු දන්නවා ද අපෙ යහපත්කම්
කොහොම අතැර දමා යමු ද මේ හිතවත් කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම් ...//
ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්
ගසුත් වැලුත් බලා ඉන්නෙ දෙවමින් අවමන්
මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නපුරුකම්
ඇළ දොළ ගහකොළ දන්නෙ ද අපෙ මනුස්සකම්
කොහොම අතැර දමා යමු ද මේ හිතවත් කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම් ...//
ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - සමුද්‍ර වෙත්තසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
No comments:
Post a Comment