Showing posts with label කරුණාරත්න ඩී. පිලිප්. Show all posts
Showing posts with label කරුණාරත්න ඩී. පිලිප්. Show all posts

Wednesday, February 8, 2017

පරක් තෙරක් නැති

ආ .... ආ... ආආආ.... ආආ ආ....

පරක් තෙරක් නැති ජීවන අහසේ
සිතුවිලි තුරු පත් සැරි සරනා
ඉමක් කොණක් නැති මිහිතලයේ
පිය සටහන් මැකුණා (ආ.. ආ.. ආ...)
පිය සටහන් මැකුණා (ආ.. ආ.. ආ...)

ආ .... ආ... ආආ ආආ ආ....
ආ .... ආ.. ආආආ....

මුරකාවල් වැනි වැහැරුණු තුරු වැල්
උසුලු විසුලු කර බලා හිඳී
ආපසු එන්නට (ආ හා හා ....) යන්නේ කොයිබද (ආආආ....)
පව් බර හිස මත රන්දා
පව් බර හිස මත රන්දා  (ආ.. ආ.. ආ... ආආආ....)

පරක් තෙරක් නැති ජීවන අහසේ
සිතුවිලි තුරු පත් සැරි සරනා
ඉමක් කොණක් නැති මිහිතලයේ
පිය සටහන් මැකුණා (ආ .... ආ.. ආආආ....)
පිය සටහන් මැකුණා (ආ.. ආ.. ආ...)

දැල්වෙන නෙත් යුග නිවී මියෙන තුරු
සිහිලැති ලා හඬ ඇසේවිදෝ
ගමනේ කෙළවර (ආ හා ආ ....) දකින තුරා ඔබෙ (ආආආ....)
දෙසවන් විවරව තිබේවිදෝ
දෙසවන් විවරව තිබේවිදෝ (ආ .... ආ.. ආආආ....)

පරක් තෙරක් නැති ජීවන අහසේ
සිතුවිලි තුරු පත් සැරි සරනා
ඉමක් කොණක් නැති මිහිතලයේ
පිය සටහන් මැකුණා (ආ.. ආ.. ආ...)
පිය සටහන් මැකුණා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - කරුණාරත්න ඩී. පිලිප්
තනුව - සරත් බාලසූරිය

1980 දී තිරගතවූ ජෝඩු වළලු චිත්‍රපටියේ ගීයකි.