Showing posts with label විමල් ලොකුලියන. Show all posts
Showing posts with label විමල් ලොකුලියන. Show all posts

Tuesday, December 18, 2018

දුම්බර මිටියාවත පැත්තේ



දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
අන්දර වැට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ

නුදුටු විලාසේ ඇයි මඟ හැර යන්නේ
හිතට මගේ නෑ වාවන්නේ ...//

දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ

කන්ද කපා ආ සඳපාන විලාසේ
ආල නුරා පෑ නුඹ පිට ගං යන්නේ


නාන තොටේදී නෑ විහිළු කරන්නේ
කෝඩු නුඹේ අත නෑ මට හිමිවන්නේ

මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්

අනේ මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්

දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ

සෝඩි ටිකිරි ළැම මල් මාල වැසීයන්
තෝඩු කනේ ලා රන් සේල එතීයන්

වෙන් වෙන දා නෙත කඳුළැලි නොසලන්
ඉඳහිටලා මට ගම්දොරදි පෙනීයන්

මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්

අනේ මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්

දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
අන්දර වැට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ

නුදුටු විලාසේ ඇයි මඟ හැර යන්නේ
හිතට මගේ නෑ වාවන්නේ ...////.

ගායනය - උපාලි කන්නංගර
පද - විමල් ලොකුලියන
තනුව - උපාලි කන්නංගර