Showing posts with label ජෝර්ජ් ලෙස්ලි රණසිංහ. Show all posts
Showing posts with label ජෝර්ජ් ලෙස්ලි රණසිංහ. Show all posts

Friday, February 17, 2023

මලේ රේණූ

මලේ රේණූ
වසංගාලා
තියා ගන්නේ පෙතී
කුසුම් පිපෙනා
එවන් සොයලා
බමරු පියඹා එතී

ලල් ලල් ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා

පිපී ඔබ නම්
මමයි රේණූ
මලකි අපෙ ජීවිතේ
එතී එක සේ
සිනා සලලා
යමූ එක මාවතේ

ලල් ලල් ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා

කෙල්ලේ
ඇයි මේ යන්නේ

කෙල්ලේ
ඇයි මේ යන්නේ

දුර සිටි දෙන්නෙක් ළං වෙනවා
ළඟ සිටි දෙන්නෙක් දුර වෙනවා
මල් පෙති ටික ටික ගැලවෙනවා

අසල්වැසියො හිනැහේවී
අසල්වැසියො හිනැහේවී

කොල්ලෝ
ඇයි බය වෙන්නේ

කොල්ලෝ
ඇයි බය වෙන්නේ

බොරුවට යන විදියට යනවා
ගියෙ නැතුවා වාගේ එනවා
එතකොට දෙන්නා හිනැහෙනවා

කිරියි පැණියි එක් වේවී
කිරියි පැණියි එක් වේවී

මලේ රේණූ
වසංගාලා
තියා ගන්නේ පෙතී
කුසුම් පිපෙනා
එවන් සොයලා
බමරු පියඹා එතී

ලල් ලල් ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා

දෑත දෑතට හා වෙයි
ඈත රටකට පාවෙයි
ආදරේ මල් පීදෙයි
වසන්තේ

දෑස දෑසට යා වෙයි
සීත ගඟුලක නෑවෙයි
ආදරේ මල් පීදෙයි
වසන්තේ

රන් ඔන්චි්ලේ
පදිමු නිදැල්ලේ
ලාල ලා
ලල් ලල් ලල්
ලාල ලල ලල ලා
ලාල ලල ලල ලා ලාල ලල ලල ලා

ගායනය - එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක, එම්.එස්. ප්‍රනාන්දු සහ ඉන්ද්‍රානි සේනාරත්න
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

1975 දී තිරගතවූ "ලස්සන කෙල්ල" චිත්‍රපටියේ ගීයකි.
මෙම ගීය, 1972 දී භාරතයේ තිරගතවූ "සීතා ඕර් ගීතා" චිත්‍රපටියට, කිශෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගායනා කළ "කොයි ලඩ්කී මුජේ" යන ගීය අනුකරණය කර කළ නිර්මානයකි.

තනුව උපුටා ගෙන ඇත්තේ, 1971 දී, ලී හේසල්වුඩ් සහ නැන්සි සිනේට්‍රා ගායනා කළ, Did you ever යන ගීයෙනි.



කිශෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගායනා කළ "කොයි ලඩ්කී මුජේ" යන ගීය

Koi ladaki mujhe kal
Raat sapane mein mili
Badi pyaari si soorat
Thi bhala sa naam tha
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la
Koi ladaka mujhe kal
Raat sapane mein mila
Badi pyaari si soorat thi
Bhala sa naam tha
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la

Dekh leti main jo
Us bairan sautan ko
Jaan le leti main qasam se
Dekh leta main us
Tere saajan ko jaan de
Deta main sharam se
Ho phir kyon roothe
Tum jo roothi
Lalal lal la

Are tum hi mujhe kal
Raat apane mein mili
Are tum hi mujhe kal
Raat apane mein mile
Mujhe tumase tumhen
Mujhase zaroori kaam tha
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la
Tumhen mujhase mujhe
Tumase zaroori kaam tha

Chaandani thi raaten
Khub hueen mulaaqaaten
Pyaar bhari hueen
Baaten dono mein
Raat bhar ham jaage
Nain piya sang laage
Rang bhare hue
Wade dono mein
Tum jhoothi ho
Tum jhoothe ho
Lalal lal la

Koi ladaka koi ladaki
Koi ladaka mujhe kal
Raat sapane mein mila
Koi ladaki mujhe kal
Raat sapane mein mili
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la.

कोई लड़की मुझे कल
रात सपने में मिली
बड़ी प्यारी सी सूरत
थी भला सा नाम था
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल
कोई लड़का मुझे कल
रात सपने में मिला
बड़ी प्यारी सी सूरत थी
भला सा नाम था
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल

देख लेती मैं जो
उस बैरन सौतन को
जान ले लेती मैं क़सम से
देख लेता मैं उस
तेरे साजन को जान दे

देता मैं शर्म से
हो फिर क्यों रूठे
तुम जो रूठी
ललाल लल ला

अरे तुम ही मुझे कल
रात अपने में मिली
अरे तुम ही मुझे कल
रात अपने में मिले
मुझे तुमसे तुम्हें
मुझसे ज़रूरी काम था
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल
तुम्हें मुझसे मुझे
तुमसे ज़रूरी काम था

चाँदनी थी रातें
खूब हुईं मुलाक़ातें
प्यार भरी हुईं
बातें दोनों में
रात भर हम जागे
नैं पिया संग लागे
रंग भरे हुए
वेड दोनों में
तुम झूठी हो
तुम झूठे हो
ललाल लल ला

कोई लड़का कोई लड़की
कोई लड़का मुझे कल
रात सपने में मिला
कोई लड़की मुझे कल
रात सपने में मिली
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल

Singers - Kishore Kumar, Lata Mangeshkar
Lyricist - Anand Bakshi
Music Director: Rahul Dev Burman
Movie - Seeta Aur Geeta (1972)


ලී හේසල්වුඩ් සහ නැන්සි සිනේට්‍රා ගායනා කළ, Did you ever යන ගීය

Did you ever?
Not so much that you could notice
Well, could you estimate how many?
Eight or nine
Will you do it anymore?
As soon as you walk out the door
Well, I just wondered, did you ever?
All the time

Could I fix you once more?
No thanks, I just had one
Then how about a nice big?
That would be just fine
Is there any special way?
Oh no, whatever you say
Well, I just wondered, have you ever?
All the time

Does he look like?
No, he's taller and more handsome
Yeah, but is he old?
Oh no, he's young and he's in his prime
Does your father know? I'll bet
Mm-mm, I haven't told him yet
I just wondered, do you ever?
All the time

But just for old times sake
No, that would be much harder
Oh, then how about?
Well, are you sure you don't mind?
Hey, I know just the thing for us
No, I'm afraid I'll miss my bus
Well, I just wondered, have you ever?
All the time

I just wondered, did you ever?
All the time

Songwriters: B Braddock



Sunday, March 21, 2021

ආදරේ මට නෑ කියා

ආදරේ මට නෑ කියා
කීව නම් මුලදී එයා
වෙන්වෙමී මා කල් තියා ...//
ආදරේ මට නෑ කියා

බැන්ද ආලේ බින්දෙ ඈ නම්
ඒ විපාකේ ඈටමයි

මා එපා නම් කවුද එන්නේ
මාව සෙව්වේ ඈ තමයි

බැන්ද ආලේ බින්දෙ ඈ නම්
ඒ විපාකේ ඈටමයි

සුන්දරයි කියලා සිතා
ගින්දරයි ඇවිලූයෙ මා

ආදරේ මට නෑ කියා
කීව නම් මුලදී එයා
වෙන්වෙමී මා කල් තියා
ආදරේ මට නෑ කියා

ආයෙ ආවත් ආයෙ නාවත්
මා හිතින් ඈ කොන් කළා

ආයෙ ආවත් ආයෙ නාවත්
මා හිතින් ඈ කොන් කළා

කාට කාටත් මේව පාඩම්
වෙන්නෙ නෑ නෑ මං මුලා

මා බැඳුණි නොදැනී දැලේ
මේව දෝ ආලේ බලේ

ආදරේ මට නෑ කියා
කීව නම් මුලදී එයා
වෙන්වෙමී මා කල් තියා ...//
ආදරේ මට නෑ කියා

ගායනය - සුසිල් ‍ප්‍රේමරත්න
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - දත්තා නායික්
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

1955 දී භාරතයේ තිරගතවූ "මිලාප්" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ Yeh baharon ka sama යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
 

"මිලාප්" චිත්‍රපටිය සිංහල දෙබස් කවා, 1956 දී "සල්ලි එපා" නමින් ලංකාවේ ප්‍රදර්ශනය වූවා. එහි  Yeh baharon ka sama යන ගීයේ සිංහල ගීය වූයේ "දේ මෙ ආලෝකා අමා" යන බාලා සරස්වතී ගායිකාව ගැයූ ගීයයි.)

 

හින්දි ගීතය

Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama

Aasma se rang banke
Bah rahi hai chandni
Aasma se rang banke
Bah rahi hai chandni
Bezubani ki zuban se
Kah rahi hai chandni
Jagti rut ka jaha
Sau na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama

Raat ke hamrah dhalti
Ja rahi hai zindagi
Raat ke hamrah dhalti
Ja rahi hai zindagi
Sama ki surat pighalti
Ja rahi hai zindagi
Roshni bhujh kar dhua
Ho na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama

Aa zara hans kar
Nigaho mein nigahe dal de
Aa zara hans kar
Nigaho mein nigahe dal de
Hasrato ka karwaan
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama.

यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां

आसमा से रंग बांके
बह रही है चांदनी
आसमा से रंग बांके
बह रही है चांदनी
बेज़ुबानी की ज़ुबान से
कह रही है चांदनी
जगती रुत का जहा
सो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां

रात के हमराह ढलती
जा रही है ज़िन्दगी
रात के हमराह ढलती
जा रही है ज़िन्दगी
समां की सूरत पिघलती
जा रही है ज़िन्दगी
रौशनी भुझ कर धुआँ
हो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां

ा ज़रा हंस कर
निगाहों में निगाहें दाल दे
ा ज़रा हंस कर
निगाहों में निगाहें दाल दे
हसरतों का कारवां
खो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां.

Song - Yeh baharon ka sama

Singer - Lata Mangeshkar

Lyricist - Sahir Ludhianvi

Movie - Milap (1955)

 

මේ ගීය හේමන්ත් කුමාර් විසින් ද කේවල ගායනයක් ලෙස බොහෝ අවස්ථා වල ගයා ඇත.




Saturday, August 24, 2019

සුබ වාසනා වේවා


සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා ...//

සිහිලැල් පවනින් ගත නිවුනාවේ
සරතැස සංකා දුරු වේවා


සිහිලැල් පවනින් ගත නිවුනාවේ
සරතැස සංකා දුරු වේවා


ආදරයේ මුදු පුලින තලාවේ //
සැනසුම් මිණි මුතු පෑදේවා
හෝ.. ජීවන ගංගාවේ

සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා ...//

සෙව්වන්දිය මල් යහනේ සතපා
සුහුඹුල් සිතුවිලි පිබිදේවා


සෙව්වන්දිය මල් යහනේ සතපා
සුහුඹුල් සිතුවිලි පිබිදේවා


ජීවිතයේ සිරි මැදුර සරාලා //
වීණා නාදේ රැව්දේවා
හෝ.. ජීවන මේලාවේ

සුබ වාසනා වේවා
ලොව ගීතයක් වේවා ...///

ගායනය - මහාචාර්ය අමරා රණතුංග සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


චිත්‍රය ජයසිරි ේමේ ශිල්පියාේ නිර්මාණයකි.


Suba Wasana Wewa - Amara Ranathunga & Dayarathna Ranathunga

Monday, August 5, 2019

සුර ලෝකෙන් පාවූ



සුර ලෝකෙන් පාවූ
තරු මල් වාගේ
සුරතල් වී නංගි මල්ලි එන්න මා වෙතේ
මේ පුංචි කාලේ
දෙව් ලෝකයයි
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

හැමටම කරමු ආදරේ
එතකොට කවුරුත් ආදරෙයි
පාඩමයි සාමයේ
අපි ඉන්න මේ ඩිංග කාලේ
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

සුර ලෝකෙන් පාවූ
තරු මල් වාගේ
සුරතල් වී නංගි මල්ලි එන්න මා වෙතේ
මේ පුංචි කාලේ
දෙව් ලෝකයයි
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

පියඹන කුරුලෝ එක්වෙලා
සමගිය මහිමේ පල කළා
ඒ වගේ සිත් බැඳීලා
සැනසෙන්න එක්වෙන්න ඔනේ
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

සුර ලෝකෙන් පාවූ
තරු මල් වාගේ
සුරතල් වී නංගි මල්ලි එන්න මා වෙතේ
මේ පුංචි කාලේ
දෙව් ලෝකයයි
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

ගායනය - විජේරත්න වරකාගොඩ
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

Thursday, July 25, 2019

ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල





ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා
...//

හමන මඳනලයි
සුවඳ බර මලයි
..//
කරන සුරතල් රඟ දැක සැනසිල

ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා
...//

සේද වලා
මෑතට පාවෙලා
...//

පියඹලා එන කුරුල්ලනේ අනෙ
පාර පවසව් සොයලා

පියඹලා එන කුරුල්ලනේ අනෙ
පාර පවසව් සොයලා


තොපි වගේ අපි තුරුලු වෙන්නෙමු
තරුණ ජීවිත රසේ උරාලා


ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා
...//

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...


ජීවිතයේ
මේ සුළු කාලයේ
...//

එක ගසේ එක කැදැල්ලෙහී ඉමු
පරෙවි පැටවුන් විලසේ


එක ගසේ එක කැදැල්ලෙහී ඉමු
පරෙවි පැටවුන් විලසේ


සමගිතාවෙන් රසට කා බී
සතුටු වී ඉමු උදාවු දවසේ


ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා


හමන මඳනලයි
සුවඳ බර මලයි
කරන සුරතල් රඟ දැක සැනසිල


ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...


ගායනය - සී.ටී. ප්‍රනාන්දු සමග සී.ඩී. ෆොන්සේකා
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - පැට්‍රික් දෙණිපිටිය
1967 දී තිරගතවූ සැඟවුණු මැණික චිත්‍රපටියේ ගීයකි.

Friday, May 24, 2019

ගී ගයන එකතුවෙලා

ගී ගයන එකතුවෙලා
අපි කුරුලු මුකුළු බලා
ඒ සැවොම වගේ නැළවි නැළවි ගිලෙමු විනෝදේ

ගී ගයන එකතුවෙලා
අපි කුරුලු මුකුළු බලා
ඒ සැවොම වගේ නැළවි නැළවි ගිලෙමු විනෝදේ ...//

ආදරේ හැඟුම් මවා කිරිල්ලී තුරුල්ලේ
ලල ලලල ලලල ලලල ලලල ලලල ලලල ලා

ආදරේ හැඟුම් මවා කිරිල්ලී තුරුල්ලේ
මී අඹේ රසේ පොවයි කුරුල්ලා රිකිල්ලේ
මේ උයනේ... හොයි හොයි හෝ..
මේ උයනේ
දකින දකින ඇසිල්ලේ
ආදරයේ
සිහින මැවේ නිදැල්ලේ

ගී ගයන එකතුවෙලා
අපි කුරුලු මුකුළු බලා
ඒ සැවොම වගේ නැළවි නැළවි ගිලෙමු විනෝදේ ....//

ජීවිතේ සුරංගනා ලොවක් වගේ පෙනෙන්නේ
ලල ලලල ලලල ලලල ලලල ලලල ලලල ලා

ජීවිතේ සුරංගනා ලොවක් වගේ පෙනෙන්නේ
වාසනා බරින් නැඟී නවෝදයක් දැනෙන්නේ
මේ උයනේ... හොයි හොයි හෝ..
මේ උයනේ
දකින දකින ඇසිල්ලේ
ආදරයේ
සිහින මැවේ නිදැල්ලේ

ගී ගයන එකතුවෙලා
අපි කුරුලු මුකුළු බලා
ඒ සැවොම වගේ නැළවි නැළවි ගිලෙමු විනෝදේ ....///

ලා ලලල ලලා ලලල ලලා ලලා ලලා ලා /////.

ගායනය - රංජනී පෙරේරා සමග සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - එම්.කේ. රොක්සාමි
1966 දී තිරගතවූ "කපටිකම" චිත්‍රපටියේ ගීයකි.

Sunday, February 24, 2019

ආසාවෙන් නටන්න

ආසාවෙන් නටන්න එන්න මල්ලිලා
ආසාවෙන් අහන්න එන්න අයියලා
බලන්න රෝස නෝනලා
අහන්න ජේන් අක්කලා
මේ සැහැල්ලු ජීවිතේ අපේ
ආසාවෙන් නටන්න එන්න මල්ලිලා

නැතෙයි කියා කිසිත් නැතේ
හෙටක් කියා දිනක් නැතේ
වාසනාව එබී බලන්නේ ....//

අතේ සතේ නැතේ හිතේ සතුට තිබෙන්නේ
හරි හරේ...
අතේ සතේ නැතේ හිතේ සතුට තිබෙන්නේ
ආසාවෙන් නටන්න එන්න මල්ලිලා
ආසාවෙන් අහන්න එන්න අයියලා
බලන්න රෝස නෝනලා
අහන්න ජේන් අක්කලා
මේ සැහැල්ලු ජීවිතේ අපේ
ආසාවෙන් නටන්න එන්න මල්ලිලා

අතේ පයේ වෙරෙන් අපේ අනුන් සැපෙන් ඉඳියි රටේ
සල්ලි වලට නෑ යටවෙන්නේ ...//
අතේ සතේ නැතේ හිතේ සතුට තිබෙන්නේ //

ආසාවෙන් නටන්න එන්න මල්ලිලා
ආසාවෙන් අහන්න එන්න අයියලා
බලන්න රෝස නෝනලා
අහන්න ජේන් අක්කලා
මේ සැහැල්ලු ජීවිතේ අපේ
ආ..
ආසාවෙන් නටන්න එන්න මල්ලිලා

නැතෙයි කියා කිසිත් නැතේ
හෙටයි කියා දිනක් නැතේ
වාසනාව එබී බලන්නේ ....//

අතේ සතේ නැතේ හිතේ සතුට තිබෙන්නේ
හරි හරේ...
අතේ සතේ නැතේ හිතේ සතුට තිබෙන්නේ
ආසාවෙන් නටන්න එන්න මල්ලිලා
ආසාවෙන් අහන්න එන්න අයියලා
බලන්න රෝස නෝනලා
අහන්න ජේන් අක්කලා
මේ සැහැල්ලු ජීවිතේ අපේ

ආසාවෙන් නටන්න එන්න මල්ලිලා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ පිරිස
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - - සරත් දසනායක
1978 දී තිරගතවූ කුමර කුමරියෝ චිත්‍රපටියේ ගීයකි.

Wednesday, February 13, 2019

රොන් රස බේරෙන


රොන් රස බේරෙන මල් කෙමියේ
පීනන මීමැසි රංචු ලෙසේ
ඉන්නෙ විනෝදේ රජදහනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ //

රොන් රස බේරෙන මල් කෙමියේ
පීනන මීමැසි රංචු ලෙසේ
ඉන්නෙ විනෝදේ රජදහනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ //

නව ජීවය දෙන තිසා වැවේ
සොම්නස් දිය රැලි විසාලවේ
කඳු පෙළ සිප එන දිය දහරේ
හද විල පොපියන රස ඉතිරේ //

අපට තමා මී වද බැඳුණේ
රහට උරන්නයි පැණි පෙරුණේ
මිහිර විඳින්නයි උපදින්නේ
ඇයිද එයින් ඵල නොම ගන්නේ //

රොන් රස බේරෙන මල් කෙමියේ
පීනන මීමැසි රංචු ලෙසේ
ඉන්නෙ විනෝදේ රජදහනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ //

රසට රසේ ලොව එක්වන්නේ
සතුට හදේ සම්පත දෙන්නේ
ගයන ගැයුම් ලෙස නැටවෙන්නේ
අමුතු ලොවක අපි නැළවෙන්නේ //

රසට රසේ ලොව එක්වන්නේ
සතුට හදේ සම්පත දෙන්නේ
ගයන ගැයුම් ලෙස නැටවෙන්නේ
අමුතු ලොවක අපි නැළවෙන්නේ //

රොන් රස බේරෙන මල් කෙමියේ
පීනන මීමැසි රංචු ලෙසේ
ඉන්නෙ විනෝදේ රජදහනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ //

රොන් රස බේරෙන මල් කෙමියේ
පීනන මීමැසි රංචු ලෙසේ
ඉන්නෙ විනෝදේ රජදහනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ //

සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ

ගායනය - ලතා වල්පොල සමග එම්.එස්. ප්‍රනාන්දු
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - ප්‍රේමසිරි කේමදාස
1967 දී තිරගත වූ "රෑන ගිරව්" චිත්රපටියේ ගීයකි.

එ රන්කඳ පෙම් හඬ

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන් රන් රන් රන් රන්කඳ

ඔබට ලස්සණ කුමාරියේ
පෙමට මා හද ඇරී තියේ ....//

ඔබ ද මගෙ මල්සරා
නොකී රහසක් කියන්නදෝ

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන් රන් රන් රන් රන්කඳ

රුවට රුව හද ඇඳී තියේ
දෙහද සදහට බැඳී ගියේ ......//

එන්න බඹරෙකු වෙලා
එතී ඉන්නම් මලක් වෙලා

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන් රන් රන් රන් රන්කඳ

තුරුලු වෙන්නට ඔබේ ළයේ
අමුතු කිතියක් හෙමින් වැඩේ ....//

දැවෙන පවසට මගේ
සැලෙන ආදර හැඟුම් නැඟේ

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන් රන් රන් රන් රන්කඳ

හ්ම් ම්. ම්. ම්. ම්....//

ගායනය - ලතා වල්පොල සමග එම්.එස්. ප්‍රනාන්දු
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - ප්‍රේමසිරි කේමදාස

1976 දී තිරගත වූ "නෑදෑයෝ" චිත්‍රපටියේ ගීයකි.

Monday, February 27, 2017

පෙම් මදිරා මේ ජීවිතේ

හා ... ආආ ආ... ආඅඅ ආ.. ආඅඅ ආ..
හා ... ආආ ආ... ආඅඅ ආ.. ආඅඅ ආ..

පෙම් මදිරා මේ ජීවිතේ
ඉතිරී ඒ හද මීවිතේ
ඔබටයි පුද දුන්නේ සුහදේ
මා කුළුඳුල් තිර ආදරේ
මා කුළුඳුල් තිර ආදරේ
පෙම් මදිරා මේ ජීවිතේ

සඳ රැස් වැනි ඒ සොමි ගුණේ
ජීවිතයට නව රසය ගෙනේ ...//
ඉන් පැහැදී හද පිරීතිරී //
මා සෙනෙහස බැඳුනේ
හොහ් හෝ හෝ..
පෙම් මදිරා මේ ජීවිතේ

හඳ හා ඇති ගුරු තරුව සේ
එන්නම් විඳ විඳ පෙම් රසේ ...//
ඔබ දිනු ඒ මල් මාවතේ //
මම දෙව් දූ වෙන්නම්
හොහ් හෝ හෝ..

පෙම් මදිරා මේ ජීවිතේ
ඉතිරී ඒ හද මීවිතේ
ඔබටයි පුද දුන්නේ සුහදේ
මා කුළුඳුල් තිර ආදරේ
මා කුළුඳුල් තිර ආදරේ
පෙම් මදිරා මේ ජීවිතේ

හා ... ආආ ආ... ආඅඅ ආ.. ආඅඅ ආ..
හා ... ආආ ආ... ආඅඅ ආ.. ආඅඅ ආ..
හ්ම් ම් ම් ම්... ම්ම් ම් ම්ම් ම්....

ගායනය - ඉන්ද්‍රාණි සේනාරත්න
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - සිසිර සේනිරත්න

1968 දී තිරගතවූ පුංචි බබා චිත්‍රපටියේ ගීයකි.

Thursday, October 6, 2016

ලස්සන ලෝකෙක ඉපදීලා

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ ....//

ජීවන බරකින් පැටලීලා
නෑ නෑ වෙන්නෙ මුලා ....//
හිතු දේ පැතු දේ කරලා
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ //

දුක සැප කිර කිර බල බලා
ඇතමුන් දිව රෑ තැවේ
ඵල නැත හෙට ගැන සිත සිතා
හිනැහෙනු ලස්සන ළඳේ
උපනත් කුමට ද රජවී
හඬ හඬ ඉන්නට සිදු වී
විනෝද දහනක අපි ඉන්නේ
රහයි ජීවිතේ

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ ///

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය සරත් දසනායක

1974 දී තිරගත වූ කස්තුරි සුවඳ චිත්‍රපටියේ ගීයකි.